Showing posts with label sinhala forex. Show all posts
Showing posts with label sinhala forex. Show all posts

forex sinhala sumuforex.com sinhala forex education

| |
Ad Links : Best organic virgin coconut oil Exporter Sri Lanka  
Ad Links : Organic Virgin Coconut oil Sri Lanka

Sinhala Forex Education Sri lanka Sinhalen Forex Best Sinhala Forex Education

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන්ද ?

අද බොහෝ දෙනෙක් කැමති අන්තර්ජාලය භාවිතා කරමින් මුදල් ඉපයීම කරන්න.
නමුත් මේ කැමති හැම දෙනාටම අන්තර්ජාලයෙන් මුදල් සෙවීමේ හරිම ක්‍රමය හමු වෙනවද සරල පිළිතුර නැහැ.
හරි හම්බුනා කියමු ඔබට එයින් සාර්ථක වීම සදහා ප්‍රමාණවත් සහ ගුණාත්මක දැනුම නොකඩවා ලැබෙනවද? ගොඩක් දුරට නැහැ,
SUMUFOREX  Forex trading සරල  මට්ටමේ සිට ඉතාම සංකීර්ණ මට්ටම දක්වා පැහැදිලිව අධ්‍යාපනය ලබාදෙන ලංකාවේ හොදම Sinhala Forex Trading Education වෙබ් අඩවිය
අපි මෙහිදී අදියර 5 ක් යටතේ ඔබගේ Forex Trading දැනුම වර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා,
ඒ යටතට 

Forex Trading යනු අති විශාල මුදල් ප්‍රමාණයක් ගැවසෙන තැනක් එය දිනකට ඩොලර් ට්‍රිලියන 5 වගේ අගයක් වෙනවා.
මේ පිළිබද වැඩි විස්තර බලන්න මෙම පොස්ට් එක කියවන්න.What is forex Trading 
Forex Trading වලදී ඔබට අසීමිත වාසි ප්‍රමාණයක් ලැබෙනවා ඒ පිළිබද වැඩි විස්තර ඔබට මෙතනින් ලබාගත හැකිය  Advantages of Forex Trading .


මේ Video එකත් බලලම ඉන්න එවිට ඔබට පුළුවන් Forex Market ක්‍රියාත්මක වන ආකාරය පිළිබද සරල අවබෝධයක් ලබාගන්න.

Forex Trading කියන්නේ මනා දැනුමක් සංයමයක් සහිතව සිදුකල යුතු දෙයක් එසේ නොකරන අයගේ තැන්පත් කරන මුදල බලන් ඉද්දී නැති වෙලා යන්න පුළුවන්.මේ නිසා ඔබ මුදල් තැන්පත් කිරීමේදී ඔබට පාඩුවක් උනත් දරා ගන්න පුළුවන් මුදලක් තැන්පත් කරන්න ඕන.

තිත්ත උනත් ඇත්ත කරුණ ආධුනික Forex Readers ලා 95% අසාර්ථක වෙනවා.මෙයට ප්‍රධානම හේතුව විධිමත් පරිපුර්ණ දැනුමක් නොමැති කම. බොහෝ දෙනෙක් දන්නේ Trade එකක් open කරලා close කරන්න විතරයි.

එම ජයග්‍රහණය අපි ලැබුවේ අපේ පරිපුර්ණ පාඩම් මාලාව අධ්‍යනය කර සාර්ථක අදායම් උපයන පිරිස නිසයි. 
අපගෙන් දැනුම ලබපු අය  අතර දිනකට $1 සිට $600 ++ උපයන  සාර්ථක පුද්ගලයන් සිටින අතර දවසෙන් දෙකෙන් $400-500 නැති කරගන්න අයත් ඉන්නවා. තම තමන් දැනුම ලබාගන්න ආකාරය මත තමයි මේ දේවල් තීරණය වෙන්නේ 
ඔබ කැපවීමෙන් දිරිමත්ව,අදිෂ්ඨානශිලිව හරි විදියට forex trade කරනවානම් සල්ලි උපයන්න පුළුවන් .නැතිනම් මේක තමයි සල්ලි විනාස කරගන්නත් තියන හොදම ක්‍රමය.


sinhala forex Trading අතිශය ජනප්‍රිය වීමත් සමග බොහෝ ප්‍රෝඩා කාරී දේවල් මේ සමග ක්‍රියාත්මක වෙනවා.අපි ඒ පිළිබද පාඩම් වලදී දැනුවත් කර තියෙනවා.

Forex Trading වලින් උපයන්නෙකු බවට පත් වීමටනම් නිවැරදි මග පෙන්වීම අත්‍යවශයයි .
එම පුර්ණ මග පෙන්වීම ඔබට Sumuforex වෙබ් අඩවිය මගින් සම්පුර්ණයෙන්ම නොමිලයේ ලබාදෙනවා.2012 වර්ෂයේ සිට මේ දක්වා අකණ්ඩව..

ඔබගේ යහළුවන් නිසි දැනුමක් නොමැතිව Forex Trade කිරීමෙන් අසාර්ථක විය හැකිය ඒ නිසා ඔවුන්ව Sumuforex ගැන දැනුවත් කරන්න .එ මගින් අසාර්ථකතත්වයට පත් වන එක අයකු හෝ එයින් මිදී සාර්ථකත්වයට පත් වනු ඇත.

තැනින් තැන කට්ට පනිමින් මේ පාඩම් අධ්‍යනය කිරීමෙන් වලකින්න එහෙම කරල් Real forex Trading කිරීමෙන් අනිවාර්යෙන්ම වලකින්න 

අවවාදයයි.
මේ ඉක්මන් සල්ලි හොයන මැජික් එකක් නෙමේ.ඒ නිසා නිසි ක්‍රමානුකුල අධ්‍යාපනය අංක එක බවට පත් වෙනවා.එබැවින් ක්‍රමානුකුල අධ්‍යාපනයකින් තොරව Forex Trading  කිරීමෙන් වලකින්න.
පහත අපි අපේ පාඩම් මාලාව වර්ග කර තියෙනවා.මෙම පාඩම් වල පිළිවෙල පහත පරිදි වේ.
ඔබගේ කැපවීම උනන්දුව ඔබගේ සාර්ථකත්වයට හේතු වනු ඇති.
ඔබට ජය.!!

Best Sinhala Forex Education www.sumuforex.com 


 Binary option in sinhala

                                              Binary Option in sinhala Must read



Read More

Forex Price action trading Bullish engulfing pattern . -Best forex education

| |



www.sumuforex.com candlestick pattern


Forex trading කරනකොට දන්නවා Trend is friend  කියලා .ඉතින් අපි එහෙම කියනවනම් මේ යාලුවා ගැනත් හොදට දැනගන්න ඕනනේ.Trend is friend  කියලා එ ගැනමුකුත් නොදන්නවානම් එයා යාළුවෙක් නෙමේනේ නේද?  මෙහෙමයි මෙම කොටස forex price action trading වලට ගොඩක් වැදගත් කොටසක්,ඒ වගේම අපි කියල තියෙනවා forex trading  කරද්දී දැනුම මුහුකරගෙන හොද trading ideas ලබාගන්න කියල.
හරි අද අපි බලන්නේ candlestick වල විශේෂ ලක්ෂණයක් වන Engulfing Candles ගැනයි.ලොකු ලාබ ලබාගැනීමට මෙම දැනුම ඔබට උපකාරී වේවි.

Bullish engulfing pattern . 

මෙහිදී අපි විශේෂයෙන් candlesticks දෙකක් ගැන සලකා බලනවා. බලන්න පහත රුපය දිහා
.sumuforex.com
දැන් ඔබ සතු පෙර දැනුමෙන් කියන්න පුළුවන් මේ වගේ දෙයක් දැක්කම market එක තුල සිදුවන ක්‍රියාවන් මොන වගේද කියල.එහෙම පොඩිහරි  අදහසක් ඔළුවට එන්නේ නැතිනම් ගැටලුවක් තියෙනවා.නැවත candlestick ගැන තියන පොස්ට් ටික කියවන්න.
දැන් මෙතැනදී කොටුකර දක්වා ඇති කොටසට ප්‍රථමව ඔබට පෙනෙනවා market එක bearish trend/down trend එකක යන බව.අපි දැන් හදුනාගන්න යන්නේ market එක මේ bearish trend/down trend එකෙන් මිදිලා bullish trend එකකට යන්නේ කොතනින්ද කියල.එම ස්ථානය අපිට නිවැරදිව අදුනගන්න පුලුවන්නම් අපි ගොඩක් සාර්ථකයි.
හරි දැන් ඔබගේ අවධානය කොටුකර දක්වා ඇති කොටසට යොදවන්න.
මෙහි පළමුවන candlestick එක අපිට රතුපාටින් පේනවා එය bearish candlestick එකක්.මෙම candlestick එක සමහර විට shooting star,doji එකක් වෙන්න පුළුවන් .. බලන්න දෙවැනි candlestick එකෙහි ලක්ෂණ මොනවාද කියල ,
මෙහි පලමුවෙනියට පෙන්නුම් කරලා ඇති candlestick එකහි සම මට්ටමෙන් හෝ ඊට ස්වල්පයක් වැඩියෙන් හෝ අඩුවෙන් candlestick එක open වෙලා තියෙනවා.
දෙවැනි විශේෂ ලක්ෂණය මොකක්ද මෙහි දෙවැනි candlestick එක එනම් නිල් පැහැති candlestick එක මුලින් ඇති වී ඇති candlestick එකහි candlestick closed price වලට වඩා පැහැදිලිවම ඉහළින් තමයි දෙවැනි candlestick එක close  වෙලා තියෙන්නේ.
එනම් දැන් market එකbuyers  ලා විසින් අතික්‍රමණය කරගෙන bullish candlestick එක විසින්bearish candlestick  එක ගිලදමල තියෙනවා.
පාසල් කාලයේ ඉගන ගන්නවා නේද ආහාර ජාල ගැන.මෙහිදීත් වෙලා තියෙන්නේ  ප්‍රබලයා විසින් දුබලයාව ආහාරයට ගෙන නැගී සිටීමකි.
එය ප්‍රබල නැගී සිටීමක් නම් මෙම දෙවනියට ඇති වන candlestick එක පළමුවට ඇති උන එකට වඩා දිගින් ගොඩක් වැඩි වෙන්න පුළුවන්.
දැන් බලන්න පහත රුපය දිහා.
sumuforex.com
මෙහිදී දෙවනියට ඇති වෙලා තියන candlestick එක පැහැදිලිවම පළමු candlestick එකට වඩා බෙහෙවින්ම දිගින් වැඩි බව පැහැදිලිවම පෙනෙනවා.
candlestick එක close වෙලා තියෙන්නේ පළමුවැනි candlestick එක close උන price එකට වඩා පැහැදිලිවම ඉහළින්ය.
බලන්න එත් සමග market එක විශාල pips  ගණනක් ඉහලට ගිහින් තියෙනවා.
බලන්න මේ සියුම් දැනුමකින් ඔබට ඉහළ profit එකක් කරා යන්න උපයෝගී කරගන්න පුළුවන්.
හරි දැන් මෙම Engulfing Candles pattern එකෙහි විශේෂ ලක්ෂණ සහ හදුනාගැනීමේ විශේෂ ලක්ෂණ බලමු.
Engulfing Candles pattern එකහි මුලින් ඇති වෙලා තියෙන candlestick එකshooting star,doji,etc වෙන්න පුළුවන්.
ඒ වගේමmarket එක trend එකක යනවනම් මෙම theory ගොඩක් දුරට නිවැරදි වෙන්න පුළුවන්.
බොහෝවිට Engulfing Candles pattern  එකක් down trend යන විට ඇති වෙන්න පුළුවන්.
අනිවාර්යෙන් පළමු candlestick එක closed price එකට වඩා ඉහල price එකකින් දෙවැනි candlestick එක close  වීම සිදු වේ.
මෙය පැහැදිලිවම දෙවන candlestick එක මගින් පළමුවැනි candlestick එක ගිලග්නිමකට සමාන කරන්න පුළුවන්.ඒ අර්ථයෙන් තමයි මෙයට Engulfing Candles pattern ලෙස නම වැටිලා තියෙන්නෙත්.
ඉතාම වැදගත් මේ වගේ දෙයක් ඇති උන දැකපු ගමන් trade open කරන්න යන්න එපා.තව දේවල් ඔබට බලන්න තියෙනවා.
මෙම දැනුමත් සමග ඔබට සංයෝග කරගන්න පුළුවන් ඔබගේ Fibonacci ,  Support/resistance lines පිළිබද දැනුම. බලන්න මෙසේ Engulfing Candles pattern ඇති වන විට  trend line එක ස්පර්ෂ වෙලාද කියලා ,
ඒ වගේම බලන්න පුළුවන් ඔබට දැන් මෙම Engulfing Candles pattern  ඇතිවෙලා තියෙන්නේ හොද support level එකකදFibonacci  level එකකද කියලා,
ඉහත සදහන් සාධක එකක් හෝ කීපයක් තෘප්ත වීමක් සිදුවෙනවානම් ඔබ යොදනtrade  එක profit  වීමේ සම්බවිතාවය බොහෝ වැඩිය.
නිවැරදිව stop loss ,take profit අගයන් යොදල හොද ලාබයක් ගන්න ඔබට පුළුවන්.
ඔබගේ දැනුමට මේ අලුතින් එක් උන දැනුම සමීප කරගන්නනම් පහු ගිය chart අනිවාර්යෙන්ම බලන්න ඕන.

ඔබට මෙම දැනුම up trend එකකදී මෙන්ම down trend එකකදීද යොදා ගැනීමට හැකියාව පවතිනවා අපි කතා කලේ bullish pattern එක ගැන.ඔබ දැන් හිතල තේරුම් ගන්න bearish pattern එක කොහොමද වෙන්න ඕන කියලා.
මේ දැනුම ඔබේම කරගන්න.ඔබගේ balance එකට ගැලපෙන පරිදි ස්ටොප් ලොස් අගයන් යොදාගන්න.balance එකෙන් 2%පමණrisk  එකක් trade එකකට ගන්න. ලොකු lot size බාවිතා කරන්න එපා.මොකද ලොස්ස් වෙන හැමෝම ලොස්ස් වෙන්නේ ලොකු ලොට් size  වලින් trade කරන්න යන නිසයි.එහෙම වෙන්න නෙමේ අපි උගන්වන්නේ.බලන්න මොනතරම් තැන් වල කියල තියෙනවද නිවැරදිව stop loss ,ලොට් size අගයන් බාවිතා කරන හැටි .එ දැනුම සදාකල්ම තියාගන්න ,ඒ කොටස් බලනකොට පමණක් ඒ දැනුම් තියෙනවා market එකට trade  කරන්න අවම ඒවා හිස් කරගන්න එපා.
අනිත් දේ trade එකක් දෙකක් profit උනාම හිතන්න එපා හැමදේම හරි අය මේකේ ඉගනගන්න දෙයක් මට නැහැ කියලා.
එහෙම හිතනවනම් ලොකු වැරදීමක් වෙලා තියෙනවා..ඔබට හොද දැනුමක් තියෙනවා ඒ දැනුම බාවිතයෙන් මුවහත් කරගන්න.
බලන්න අද මොනවාද economic calender එකේ වෙන්න තියෙන්නේ කියල.ඒ economic event හොද උනොත් මොකද වෙන්නේ කියල බලන්න ඒ economic event නරක උනොත් මොනා වෙයිද බලන්න.
පහුගිය chart බලල ඒ economic event හොදනම් market එක එක කොයිතරම්නම් වෙනසක් වෙලා තියනවද කියල බලන්න.එකරලා තීරණය කරන්නstop  loss  එහෙම කොයි හරියෙන් දැම්මොත් හොදද කියල.
බලන්න market analyses  කරන අය මොනාද market  එක ගැන  කියලා තියෙන්නේ කියල. BBC Economic news වගේ දේවල් බලන එක පුරුද්දක් කරගන්න.ඔබගේ දැනුම නිවැරදිව යොදවමින් එක කරන්න හැමදකදිම,සහ සති අන්තයන් වලදී.ඒ දේ පුරුද්දක් කරගන්න.
ඔබට ජය.!!!!
Read More

Sinhala forex news Trading -What is US Gross Domestic Product (GDP)

| |

Sinhala Forex Trading What is US GDP

අපි විසින් Forex sinhala news trading සදහා ලිපිමලාවක් පළ කර ඇත .මේ එහි තෙවන ලිපියයි මෙහිදී අපි බලමු US GDP කියන්නේ කුමක්ද ?සහ එය අපගේ indicator එකක  බවට පත් කරගැනීම තුලින් නිවැරදි trading ideas ලබන්නේ කෙසේද කියලා.
මෙම අතිශය වැදගත් ආර්ථික දත්තයන් පිලිබදව මනා අවබෝධයකින් සිටීම තුලින් ඔබ හට සාර්ථක Forex Trader කෙනෙකු බවට පත් වීමට මනා පිටිවහලක් ලැබෙනවා.
USA Gross domestic product (USA දළ දේශීය නිෂ්පාදනය )

බොහෝ traders ලා investors ලා සහ විවිද භාණ්ඩ සහ සේවා නිෂ්පාදකයින් ඉතාම විමසිලිමත්ව සිටින Trading Indicatorඑක.ක් තමයි මෙම USGDP  Report එක.
මෙම GDP Report ඒකෙන අර්ථ දැක්වෙන්නේ කුමක්ද?
මෙහි සරල අර්ථ විග්‍රහය වන්නේ ,
යම් කිසි රටක් විසින් නිශ්චිත කාලයක් තුලදී  නිපදවන ලබන භාණ්ඩ සේවා වල සම්පුර්ණ වෙළදපොල වටිනාකම අදාල රටෙහි අදාල කාලය තුලදී GDP අගය ලෙස හදුන්වයි .
මෙහිදී අපට පහත සමීකරණය ඇසුරින් තවදුරටත් ඔබට අවබෝධ කරගත හැකි වේ.

  GDP = C + I + G + (EX – IM)
C = private consumption
I = private investment
G = government expenditure
EX = exports of goods and services
IM = imports of goods and services
private consumption : ලෙස ගැනෙනේ ගෘහ ඒකක විසින් අවසන් පරිභෝජන වියදම් වේ .මේ යටතට ගැනෙන්නේ ,අහාර පාන ,ඇදුම් පැළදුම් ,ඉන්ධන සහ වෙනත් පෞද්ගලික වියදම් අයත් වේ 
private investment: නව වියාපාර ශාකා  ,උපකරණ ,පිළිබඳව ව්යාපාරික වියදම්, මෙන්ම දේපළ ගෘහ ආයෝජන  මේ යටතට ගැනේ.
Government expenditure:මේ යටතට රාජ්‍ය ආරක්ෂක ආයෝජන රාජ්‍ය සේවක වැටුප් සහ විවිධසමාජ සුබසාධන වියදම් ඇතුලත් වේ.

(EX – IM) : මෙහිදී ගණනය වන්නේ මුළු අපනයන අදයමයි. මුළු අපනයන අදායමෙන් මුළු ආනයන වියදම අඩු කිරීමෙන් මුළු අපනයන අදායම ගණනය කරයි,මෙහිදී මුළු අපනයන අදායම ආනයන වියදම් වලට වඩා වැඩි අගයක් පෙන්නුම් කරනවානම් එය ආර්ථික ශක්තිමත් බවයේ දර්ශකයකි .

USA GDP අගය අපිට වැදගත් ඇයි 

ඇමරිකාව යනු දැනට ලොව පවතින ධනවත්ම රටයි.ඒ වගේම බලවත්ම රටද වෙනවා.ඇමරිකාව යනු තනි රටක් වශයෙන් වැඩිම GDP අගයක් ඇති රටයි.

2014  වර්ෂයේ USA GDP අගයබිලියන 17419 අගයක් වේ.
මුළු ලෝකයේම මුළු GDP අගය සලකු විටදී ඇමරිකාවේ පමණක් GDP අගය ප්‍රතිශතයක් ලෙස 28.1% අගයක් වේ. එනම් මුළුලොවම පවතින භාණ්ඩ සහ සේවා වල වටිනාකමින් 1/4 වැඩි ප්‍රතිශතයක හිමිකාරිත්වය දරන්නේ ඇමරිකාව විසිනි.
ඇමරිකාවේ GDP අගයේ සාමාන්‍ය අගය Average value 1960 සිට 2014 දක්වා ඇමරිකානු ඩොලර් බිලියන 6353..6ක අගයකි.
1960 සිට 2014 දක්වා කාලය තුලදී වැඩිම GDP අගය වාර්ථා කර ඇත්තේ 2014 වර්ෂයේදීය එය  ඩොලර් බිලියන 17419 කි.
එසේම ඇමරිකාව විසින් මේ දක්වා කාලය තුළ වාර්තා කර ඇති අවම GDP අගය වන්නේ 543.3 ක අගයකි එය 1960 වර්ෂයේදී වාර්ථා කරන ලදී .
අපේ රටේ GDP අගය 2014 වර්ෂයේදී ඩොලර් බිලියන 74.94 කි.
 ලෝකයේ පිළිවෙලින් වැඩිම GDP අගයන් දක්වන රටවල් දහය වන්නේ 2014 වාර්තා වලට අනුව පහත සදහන් රටවල් වේ.


එසේම අපිට මේ GDP අගය තව තව විදි වලින් අර්ථ දක්වන්න පුළුවන් ඒ ඇසුරින්ද අපිට යම් නිගමනයන් වලට  එළබීමට හැකිය 

GDP Per Capita 

මෙහිදී සිදුවන්නේ මුළු GDP අගය මුළු ජනගහනයෙන් බෙදීමෙන් GDP per capital අගය ලබාගනී .
මෙම GDP per capita අගය මගින් අපිට ලබාගත හැකි අදහස වන්නේ දළ දේශීය නිෂ්පාදනයෙන් කොපමණ ප්‍රතිශතයක් එක පුදගලයකු වෙත හිමි වෙනවද කියන අදහස  මෙහිදී ලබාගත හැකිය.
ලොව උසස් ජිවන තත්වයන් පවතින රටවල් වල ඉහල GDP per capita අගය ඉහල අගයක් ගනී,
2014 වර්ෂයේදී වැඩිම අගයන වාර්ථා කරන ලද රටවල් පහත පරිදිය.

ඔබට මෙහිදී පෙනියනවා ලොව වැඩිම GDP අගය පවතින රට ඇමරිකාව වුවද GDP per capital අගය අනුව ඇමරිකාවට 2014 වර්ෂයේදී හිමිවී ඇත්තේ ලොව 12 වැනි ස්ථානයි.
මෙයට හේතුව ඇමරිකාව තුල වැඩි ජනතාවක් වාසය කිරීමයි.
මේ GDP දර්ශකය බලල අපිට උසස් ජිවන තත්වයක් හිමි රටවල් ගැන අවබෝදයක් ලබාගත හැකිය.
දැන් ඔබට ලොකු දැනුමක් ලැබුනා මේ gdp අගය ගැන.එම දැනුම තව තව වර්ධනය කරගැනීම ඔබට බාරයි 
සාමාන්යෙන් සැම මසකම Gross Domestic Product Annualized අගය මාසිකව ගණනය කිරිමකටද ලක් කරයි.
එම අගයන් නිකුත් දිනයන් සහ ඊට අදාල දත්තයන් අපිට economic calendar බාවිතා කරමින් අපිට ලබාගැනීමට හැකිවේ.
මෙම මාසිකව නිකුත් කරන අගය පෙර මාසයට වඩා වැඩිනම් එය ආර්ථිකයේ යම් වර්ධනයක් පෙන්නුම් කරයි.එසේම පෙර මසට වඩා වැඩි උනද පෙර වසරේ එම මාසයට අදාල GDP අගයට වඩාත් වැඩිනම් එය එම පසුගිය වසරටත් වඩා වැඩි වර්ධනයක් නිසා එය USD ශක්තිමත් වීමට බලපානු ලබයි.

GDP Growth rate

ඇමරිකාවේ  GDP Growth rate 1947 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා සාමාන්‍ය අගය ලෙස 3.26% අගයක් වාර්ථා කරනු ලබයි.
එසේම වැඩිම GDP Growth rate වාර්ථා කරනු ලැබුයේ 1950 දිය .එය 16.9% අගයකි .
එසේම වාර්තා කරනු ලැබූ අවම අගය වන්නේ -10% කි එය 1958 වර්ෂයේදී වාර්තා කරනු ලැබිය 
මෙය කාර්තුවෙන් කාර්තුවට ගණනය කරනු ලබයි එය පෙර කාර්තුවට වඩා වැඩි අගයක් වර්තා කරයිනම් එය USD අගය වැඩිවීමට demand වැඩි වීමට හේතුවකි.
එසේම පෙර කාර්තුවට වඩා අඩු අගයක් වාර්ථා කරයිනම් එය usd දුර්වල වීමට බලපායි.
එසේම පෙර කාර්තුවේ අගයම මෙම කාර්තුවේත් වාර්ථා කරයිනම් අපි බලන්න ඕන වෙනවා ,පෙර අව්රුද්දෙ අදාල මාසයේදී අදාල කාර්තුවේදී GDP Growth Rate එක කොපමණද කියලා එම අගය පෙර වසරට වඩා වැඩිනම් එය ආර්ථික වර්ධනයක් සේ සළකනු ලබයි ..
එසේම finalized Annual GDP Growth rate එක සහ Finalized GDP අගය පෙර වසරට වඩා වැඩිනම් එය USD Demand වැඩි වීමට හේතුවකි.එසේම finalized Annual GDP Growth rate එක සහ Finalized GDP අගය පෙර වසරට වඩා අඩුනම් එය ආර්ථිකයේ දුර්වල වීමක්ද පෙන්නුම් කරයි.එය USD Demand අඩු වීමටද USD අගය දුර්වල වීමටද බලපායි.

ජය.
Read More

What is Your Motivation to Be a Forex Trader -Best Sinhala Forex Education

| |
ඔබ forex පටන් ගත්තේ ඇයි ?




ඉස්සෙල්ලම අහන්න ඇයි ඔබ forex පටන්ගත්තේ කියලා ඔබෙන්ම?
ශ්‍රී ලාංකිකයන් හැටියට මුදල කියන එක ජිවිතයේ ලොකු සාදකයක් බවට පත් වෙලා තියෙනවා.

ඔබ Currency Trade කරන්න පටන්ගත්තේ ආතල් එකක් ගන්නද? 

සමහරු එහෙමයි.එයාල විනෝදෙට forex කරනවා.එයාල හිතන්නේ එයාල බැහැලාම forex Trading ඉගනගෙන බැහැලාම ට්‍රාදේ කරන serious Trader කෙනෙක් කියලා නමුත් පිට ඉදන් බලන කෙනෙකුට පෙන්නේ මෙයා මේකෙන් අතල් එකක් ගන්නවා කියලා.

මොකද trade දානවා දවසට 20-50ක් විතර ,හිතු හිතු lot size යොදාගන්නේ .
හිතනවා $1000 කියන්නේ මහා ධනස්කන්ධයක් කියලා. එහෙම නැහැ.ඔබ වැරදි Trade එකක් දැම්මොත් 0.5 lot size එකෙන් pip 200 යන්න කලින් $1000 සුනේ සුන්.


එහෙම ආතල් ගන්න ඕන කෙනෙක් ඉන්නවනම් Casino ගහල,Club ගිහිල්ලා තවත් මොනාහරි ජල්තරයක් දන්නා පුළුවන් ,නැත්නම් Bancock Tour එකක් ගිහින් අතල් එකක් අරන් එන්න. ඒ ආවත් මිට වඩා අඩු මුදලක් තමයි වැයවෙන්නේ.

ඔයා Trade කරන්නේ යාලු වෙලා ඉන්න ගැනු ළමයා පුදුම කරන්නද?මාසෙට $5000-$10000 ක් හොයනවා කියලා එයා පුදුම කරලා එයාගේ ආදරේ වැඩිපුර ලබන්නද?

නැතිනම ගමේ නෑදෑයන්ට පේන්න මිනිස්සුන්ට පෙන්න  සුපිරි කාර් එකක් ගන්නද? නැතිනම් සතියක් trade කරලා අලුත්ම iphone එක ගන්නද?


මේ හැමදේම කරන්න සල්ලි තියෙනවනම් පුළුවන්.සල්ලි වලින් අද කලේ කරන්න බැරි දේවල් ඉතාම සීමිතයි.

හරි දැන් ඔයා ඔය උඩ තියෙන ඒවා සහ ඔයවගේ දේවල් කරන්න හිතේ තියන් forex කරන අපු කෙනෙක්නම් අකමැත්තෙන් උනත් කියන්න තියෙන්නේ ඔයාට Forex කරන්න බැහැ .

මොකද මේක emotions ප්‍රධාන දෙයක් ඉටු කරන game එකක් ..අනවශ්‍ය බලාපොරොත්තු රොත්තක් කරගහන් forex කරන්න එන්න එපා.


සමහරුන්ට ඕන $1000ක් යොදලා දවසට $200ක් හොයන්න.සමහර මෝඩ පුද්ගලයොත් මේ වගේ මෝඩ joke පතුරලා මිනිස්සුන්ගේ සල්ලි කුඩු කරලා තියෙනවා. Lakforex කියන්නේ ඒ වගේ තැනක් 

$200ක් දවසට හොයන්න ඔයාගේ balance එක $20000 වත් තියෙන්නවනම් හොදයි.නැතිනම් මේවා කරන්න යන්න එපා .

experience එක්ක මේ දේවල් කරන්න පුළුවන් ආධුනිකයන්ට මේ වගේ දේවල් කරන්න බැහැ .අපි ඔබව මානසිකව වට්ටනවා කියලා හිතන්න එපා.මොකද අලුතෙන් Forex කරන අයට ගොඩක් දේවල් මේකේ ඉගනගන්න තියෙනවා.

ඉස්සෙල්ලා ඉගනගන්නකෝ.පස්සේ අපි Target cover කරමු .
නැතිනම් කිසිම දෙයක් කරන්න කලින් ඔයාගේ සල්ලි ටික නැති වෙලා මානසිකව වැටිලා ජිවිතේ කාලකන්ණි වෙන්න පුළුවන්.

තියෙන Target නිෂ්චිත වෙන්න ඕනා ඒ වගේම ඒවා හබායමට හැකි මට්ටම්මේ goals විය යුතුය.

මාසයකට $150365566556 මම හොයනවා . 
ලබන මාසේ Ferrari එකක් අරන් එනවා .
colombo 07 වලින් සුපිරි ගෙයක් ගන්නවා ,
හැම දවසමක මගේ account එක දෙගුණ කරනවා 
නැත්නම් මාසෙකින් account එකේ තියන සල්ලි වගේ 200 ගුණයක් හොයනවා.
මේ වගේද ඔයාගේ trading Goals 


ඕන දෙයක් මේ ලෝකේ කරන්න පුළුවන් බැරි කමක් නැහැ.මේ වගේ Goals තමයි තියාගන්න ඕන ...

අපි ඇත්තක්ද කිවේ නැහැ..ඉහළ තියෙන ගොල්ස් වලට යාම කෙසේ වෙතත්.දවස් ගානකින් Heart patient කෙනෙක් වේවි.

එහෙනම් මොනවිදියේ goals ද තියෙන්න ඕන.

your goals must be  specific and measurable,

ඔබේ trading goals පහත ආකාරයෙන් වියයුතුයි 

ඇද දවස ඇතුලත මම කිසිම trading Mistake එකක් කරන්නේ නැහැ.
බලන්න එතන තියෙනවා නිශ්චිත බවක්.

මාස 6 කින් account එක දෙගුණයක් කරනවා .
අව්රුද්දක කාලයකදී යොදන trade වලින් 50% win කරනවා .
මාසෙකට 15% ප්රෝෆිට් එකක් ගන්නවා.


මේ වගේ නිශ්ශිත සහ සපුරා ගත හැකි ඉල්ලක්කයන් ඔබට පැවතිය යුතුය. එනම් ඔබගේ trading කුසලතාවයන් දිනෙන් දින වර්ධනය කරගැනීමට හැකිවන ආකාරයේ ,ඔබගේ trading ගැන පවතින විශ්වාසය වැඩි වන අන්දමේ Trading goals පවත්වාගන්න.

හැකිනම් මෙම post share කරන්න ඔබගේ යහළුවන් අතරේ.එය සබැ forex Trading කියන්නේ කුමක්ද කියලා අන් අයටත් දැනගැනීමට උපකාරී වේවි.
Read More

Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls- NFP Sinhala

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.