Best Times to Trade Forex-SUMUFOREX

Forex Trade කල යුතු වේලාවන් හා නොකල යුතු වේලාවන්.

ඔබ දැනටම දන්නවා Forex Market එක සතියේ දින 5ම  පැය 24 පුරාම Open කියලා. එසේම සති අන්තයේ දින වලදි නිවාඩු කියලත්.


අපි දැන් බලමු Forex  වල Trade කිරිමට නුසුදුසු වේලාවන් මොනාද කියලා.


වර්ෂ අවසානය එනම් දෙසැම්බර් මස 20 විතර පහු උනාට පසුව ඔබ ඉතාම සැලකිලිමත්ව Trade කල යුතුයි .  නත්තල් නිවාඩුව නිසා සියලු බැන්කු හා  Stock Market වසාදැමිම සිදු කරයි. එසේම ලොකයේ සෑම දෙනම
අලුත් අවුරුද්ද පිලිගැනිමට සුදානම් වන බැවින් , Traders ලාද නිවාඩු ගැනිම සිදු වේ.  එබැවින් අපිට කිසිම විටක Market එක පිළිබද විශ්වාසයක් තබාගැනිමට නොහැකිය. මේනිසා ඔබ එම කාලයන් වලදි Trade කිරිමෙන් වැලකී සිටිම ඉතාම යහපත්ය.

එසේම නත්තල් නිවාඩුවට හා අලුත් අවුරුදු  ලැබිම නිසා ජනවාරි මාසයේ මුල් දින කිපය තුල  Market එක වසා තබන බැවින් ඔබගේ Trade   අනිවාර්යයෙන්ම Close  කරන්න නැත්නම් Stop lossඅගයක් හා  Take profit අගයක් යොදලා තියන්න . වඩා සුදුසුම දේ Trade නොකර සිටිමයි. මොකද නිවාඩුවෙන් පසුව Market එක කොහෙන් පටන් ගනිද කියල අපිට විශ්වාස කරන්න අමාරුයි. සමහර විට නිවාඩුවට පසුව Market එක Open කරන විට Market  එක pip 100-200 ක් හෝ එයිටත් වැඩි ප්‍රමාණයකින් වෙනසකට ලක් වෙලා තියෙන්න
පුලුවන්. ඒ නිසා ඔබ එම දවස් වල Forex  වලින ටිකක් ඈත් වෙලා ජිවිතය විදින්න…

සති අන්තයේ  ත්‍රස්තවාදී ප්‍රහාරය..


සති අන්තයේදි Forex Market  එක නිවාඩු කියලා ඔබ දන්නවා.
අපි දන්නේ නෑ සති අන්තයේදි  Market එකෙහි කුමන වෙනස් විම් වෙනවද කියලා.සමහර විට වැදගත් Economic Data සති අන්තයේදි නිකුත් කිරිමට හැකිය.
එවිටද සදුදා දින නැවත Market  එක Open කරන විට Pip 50-200 දක්වාද වෙනස් වි තිබිය හැකිය.
බොහෝ වෙලාවට එවැනි වෙනසක් සිදු නොවේ. උනොත් ඉතින් අපිට කාටවත් මුකුත් කියන්න බැනේ, එම නිසා ඔබ සිකුරාදා දින යොදන සෑමTrade  එකක්ම ලාභයක් ලබාගැනිමෙන් පසුව Close කරන්න.
අලාභයක් වි ඇති Trade වල Stop Loss  අගය  එලෙසම හෝ තවත් අගය අඩු කර තියන්න. වඩාත්ම සුදුසු දිනය අවසන් වන විට ඔබ කිසිමTrade  එකක් යොදා නොතිබිමයි.
ඔබ කිසියම් මානසික පීඩනයකින්, රෝගී තත්වයකින් පසු වෙනවනම් Trade කිරිමෙන් වලකින්න. ඔබට  නිවැරදි තිරණ ගැනිමට නොහැකි වනු ඇත.
උත්සව සමයේ ඔබට Market  එකෙහි චලනයන් ගැන අවධානයෙන් සිටින එක අමාරු කටයුත්තක් වෙයි, එබැවින් එම කාල වලදි ඔබට් Trade කරන්න තරම් නිදහසක් තියනවනම් පමණක් Trade  කරන්න.
මත්ද්‍රවය ගැනිමෙන් පසුව නම් Forex Market එක දිහා ඇහැක් ඇරලවත් බලන්න එපා. හොද සිහියට පත් වෙනකොට වෙන්න ඔනි හැම දේම වෙලා තියෙයි.

Forex Market වැඩිපුර  ක්‍රියාකාරි වේලාවන්

දැනටමත් ඔබ දන්නවා දිනයේ විව්ධ වේලාවන් වලදි  Currency Pair වල සක්‍රිය තාවය විවිධයි කියලා. මෙයට බලපාන්නේ එම වේලාවන් වලදි  Market Openකරලා තියන රටවල් අනුවයි. බලන්න පහත වගුව දිහා.
මෙයට අනුව Forex Market  එක ලෝකයේ කලාප හතරකින් තමයි පාලනය වන්නේ.

















Forex Market Watch  ඔබට බලාගන්න පුළුවන් මේ මොහොතේදී open වෙලා තියෙන market සහ close වෙලා තියෙන market මොනවාද කියලා බලාගන්න 

මෙහි ඉහත ප්‍රස්ථාරයෙන් පෙන්නුම් කරන්නේ GMT වෙලාවයි 
GMT වෙලාවට පැය 5.30ක් එකතු කරන්න අපේ වෙලාවෙන් දැන  ගන්න.
බලන්න  GMT 1.00Pm - 11 .00 Pmකාලය තුලදි  ඇමරිකා කලාපයේ Market  Open වෙලා තියනවා.එවිට USD අගය ඉක්මනින්  වෙනස් වෙන්න පුලුවන්. එවිට GBP/USD, EUR/USD වැනි Currency Pair වල ක්‍රියාකාරි සභාවය වැඩි වෙනවා.  

බලන්න GMT වෙලාවෙන් 1.00pm-5.00pm අතර කාලයන් ( අපේ වෙලාවෙන්නම 6.30pm-10.30pm) වලදිEurope, America කියන Market දෙකම Open වෙලා තියනවා. එවිට මාර්කට් Session 2 ක් Overlap විමක් ලෙස හදුන්වනවා. එම කාලයන් වලදි EUR/USD,GBP/USDකියන Currency Pairs ඉතා ක්‍රියාශිලි ස්භාවයක් දැක ගත හැකිය.
forex Market එකේ වැඩිම ක්‍රියශිලිතාවයක් පෙන්වන්නේ පස්වරු 6.00සිට පස්වරු 10.00 වගේ දක්වා කාලයේදීය 
මෙන්න මේChart එකෙන් ඔබට බලාගන්න පුලුවන් Market  එකක් Open වෙලාතියන විට සාමාන්යෙන් Currency Pair  එකක PIP කියක් විතර වෙනස් වෙනවද කියලා.























දැන් ඔබ දන්නවා Market එක වැඩිම ක්‍රියශිලිතාවක් දක්වන වේලාවන්.market එක තුළ අනපේක්ෂිත චලන සිදුවිය හැකි කාලයන්.දැන් ඔබට පුළුවන් වඩාත් සුදුසු වෙලාවක් තෝරගන trade කිරීමට.
ජය !!!

Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls- NFP Sinhala

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.