Lanka Sinhala Forex Education-Forex Free signal 2019

| |

Relative Strength Index (RSI)

අද අපි බලමු Indicator එකක් භාවිතා කිරීමෙන් Trading signals ලබා ගන්නා අකාරය.මුලින්ම ඔබ පුලුවන් තරම් හොදින් මෙම පාඩම් මාලාව අධයනය කල යුතු වෙනවා
එසේම ඔබ වෙත මෙම සම්පූර්ණ පාඩම් මාලාවම ඉදිරිපත් කරන්නේ සම්පූර්ණයෙන්ම නොමිළේ වන අතර. මෙය ඕනම කෙනෙකුට තේරුම් ගත හැකි අයුරින් ඉදිරිපත් කර ඇත. මේ නිසා ඔබට පහසුවෙන් මෙම පාඩම් මාළාව අවබෝධ කරගත හැකි වනු ඇත.


ඔබ පහත අවවාදය අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු වෙනවා.

අනිවාර්යෙන්ම ඔබ මසකට වඩා වැඩි කාලයක් Demo account මගින් සාර්ථක ලෙස පුහුණුවිය යුතු වෙනවා..මෙහෙම පුහුණු වෙනවා කියන්නේ දවසකට එක පාරක් දෙපාරක් MT4 software එක දාගන. හිතු මතේට Trade එකක් දාන එකනම් නෙමේ.

 ඉතාම හොදින් අධයනය කටයුතු කරමින් ඔබගේ පුහුණු වීම් කරන්න ඕන වෙනවා. එහෙම කරන්න බැරි අය ඉන්නවනම්  Forex කරන්න හිතන්න එපා.


කියන්න තියෙන්නේ " එව බලව "කියලා තමයි.
ඒ වගේම තමයි දාන Trade දෙක තුනක් ලාභ උනා කියලා කිසිම වෙලාවක හිතන්න එප. දැන් මට පුලුවන් මේකත්  කජ්ජක්ද කියලා එහෙම හිතලා Real Trade කරන්න පටන් ගන්න එපා.
 අනිවාර්යෙන්ම මනා පුහුණුවක් අතය අවශයමයි .


හරි එහෙමනම් දැන් අපි  Indicator එක ගැන ඉගන ගනිමු. මෙම Indicator එක භාවිතා කිරීමෙන් ඔබට Buy, sell signals ලබා ගත හැකිය.මෙම Indicator එක පිළිබද අදහස සහ එය නිර්මාණ්ය කර වැඩිදියුණු කරන ලද්දේ Mr J. Welles Wilder  විසිනි.

හරි දැන් අපි මෙම  Indicator එක අපේ MT4 software එකට ඇතුලත් කරගනිමු. බලන්න Mt4 Software එකේ තියනවා Navigator  කියලා කොටසක් දැන් එතනින් ඔබට තෝරගන්න වේනවා Indicator කියන එක, ඒ මත Click කිරීමෙන් ඔබ්ට Menu එකක් දිගහැරීම සිදු වේ.එයින් ඔබ තෝරන්න  Relative Strength Index(RSI)කියන එක. දැන් ඒ මත Click කරන්න. ඔබට පහතා ආකරයේ window එකක් ලැබේවි. දැන් එය කැමති ආකාරයට අපිට සකසා ගන්න පුලුවන්. දැන් ok කරන්න. දැන් මෙම Indicator එක MT4 Software එකට Add වනු ඇති.

.ඔබට මෙම Indicator එක මගින් බෝහෝවිට නිවැරදි Sell Signals, Buy Signals ගන්න හැකි වේවි. මෙහිදි මෙහි භාවිතයන් දෙකක් තියනවා.

දැන් පහත රූපය බලන්න.




මෙහි 1 සිට 100 දක්වා ක්‍රමාන්කනයක් පවතිනවා.
ඒ වගේම මෙහි අගය 30 වන ස්ථානයෙනුත් අගය 70 වන ස්ථානයෙනුත් හරස් රේඛාවන් දෙකක් ඔබට පෙන්නුම් කරනවා.

මෙහිදි ප්‍රස්ථාරික සටහන 70 කියන Line එකට වඩා වැඩියෙන් අගය පවතින අවස්ථා වලදී අපි හදුන් වනවා  Overbought  වීමක් ලෙස.

එසේම ප්‍රස්ථාරික සටහන අගය 30 කියන Line එකෙන් පහතට ගිය අවස්ථා වලදී අපි හදුන්වනවා Over sold වීමක් ලෙස.

හරි දැන් ඔබ දන්නවා අවස්ථාවන් දෙක

1.      70 වඩා වැඩිනම Overbought
2.      30 වඩා අඩුනම් . Over sold

දැන් බලමු මේ අවස්ථවාන් දෙක අපි Trade කරන්න යොදා ගන්නා අකාරය.


Overbought වන අවස්ථා වන් වලදී අපිට Market එකට පිවිස Sell Order එකක් යොදන්න පුලුවන්.

Over sold  උන අවස්ථාවන් වලදී Market එකට පිවිසBuy Orders යොදන්න පුලුවන්.


දැන් අපි බලමු මෙම ආකරයෙන් Market  එකට පිවිසිලා Trade යොදන්න මොන වගේ කරුණුද සම්පූර්ණ වෙන්න ඕන කියලා.

මෙම ක්‍රමය භාවිතා කිරීමේදී හොදින් බලන්න High Economic Data  නිකුත් කරන්න තියනවද කියලා. එහෙම තියනවනම් මෙම ක්‍රමය ඒ වගේ වේලාවන් ලන් උනාම භාවිතා කරන්න එපා.
එම High Economic Data  නිකුත් කිරීමෙන් පසු Market එක ගැන විමසිල්ලෙන් ඉදලා මෙය භාවිතා කරන්න.

ඒ වගේම තමයි. රාත්‍රි 10විතර පහු උනාම සහ Market එක මනා චලනයක් නැති අවස්ථා වලදී යොදාගන්න එපා.

 Time Frame විදියට 15 Min  ඊට වැඩි Time frame යොදාගන්න  
Stop Loss අගය පිප් 30 ක් 55 වගේ අගයකින් සකසන්න. ඒ වගේමතමයි ඔබ යොදන Trade එක ලාභ වී තව දුරටත් ලාභ එන දිශාවට Market  එක ගමන් කරයි කියලා හිතෙනවනම් Stop Loss අගය ලාභ පැත්තට අරගන්න. බලන්න මෙතනින් එය කරන ආකාරය.

හැකි සැම විටම පිප් 20ක 35වක ලාභයක් ලද සැනින් Trade එක Close කරන්න.නැතිනම් එය ඉක්මනින්ම අලාභ පැත්තට යොමු විය හැකිය.
මෙය ඔබට මේ වගේම වැඩි කාල පරාසයන්(Time Frame) වලභාවිතා කරලා නිගමනයන් වලට එලභිලා Trade යොදන්න පුහුණු වෙන්න. ඔබට වඩාත්ම ගැලපෙන Time Frame  එක තෝරාගන්න.

summary :

1.      70 වඩා වැඩිනම Overbought = Sell Orders
2.      30 වඩා අඩුනම් . Over sold = Buy Orders
මෙම ක්‍රමය අනුගමනය කිරීමට පෙර High Economic Data   නිකුති වීමට ඇතිදැයි බලන්න.
ලාභ ගත් සැනින් Trade Close කරන්න.
මෙම ක්‍රමයන් මතම ඔබගේ විශ්වාසය තබාගෙනTrade  කරන්න එපා.
මෙම ක්‍රමය ඔබ Demo Account මගින් හොදින් පුහුණු වී ඔබට ගැලපේනම් පමණක් Trade කිරීමට යොදාගන්න,

NOTE :
වඩා නිවැරදි trading Ideas ලබාගැනීමට Overbought අගය 85 ලෙසද Over sold අගය20 ලෙසද සකසාගන්න 


සෑම විටම Forex වලදී පුහුණුව සහ අත් දැකීම් වැදගත් වන අතර ඉතාමත් හොදින් පුහුණු වීමෙන් අත් දැකීම් එකතු කරගෙන Real Forex Trading  කරන්න පටන් ගන්න. The Best Sinhala Forex Education www.sumuforex.com

Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls- NFP Sinhala

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.