How to create skrill account Sinhala Guide Step by Step -Skrill Sinhala by SumuForex

| |

 Skrill account sinhala  ,skrill account  එකක් මගින් උපයන සල්ලි අතට ගනිමු .

UPDATE  2016/09/22

මෑතකදී පටන් skrill Bank Transfer සදහා Intermediate Banks මගින් $35 වැනි මුදලක් අය කිරීම සිදු කරයි .මෙය ඉතාම අවාසනාවන්ත තත්වයක් .අප මුදල් ගෙන්වීමට භාවිතා කර ඇති බැංකු වන්නේ Sampath ,NSB ,BOC යන බැංකු වේ .මේ සියලුම බැංකු වලදී අතරමැදි බැංකු සදහා ගෙවීමට සිදුව ඇත. එසේ ගෙවීම් නොකර මුදල් ගෙන්වාගත හැකි බැංකුවක් ඔබ දන්නේනම් අපවද දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමු.මෙය යහළුවන් සමග share කර ඔව්න් දැනුවත් කරන්න .නැවත මුදල් ගෙන්වීමේදී Neteller Card බාවිතා කරන්න .

ඔබ අන්තර්ජාලයෙන් මුදල් උපයන්නෙක් නම් ඔබට මුදල් ගෙන්වීමට paypal ,Skrill Account  ,neteller ,payoneer වැනි සේවාවන් හාවිතා කරන්න සිදු වෙනවා .forex trading කරන ඔබට අප විසින් neteller  card එකක් මගින් මුදල් ලබාගන්නා ආකාරය පැහැදිලි කරාNeteller sinhala
නමුත් 2016 වර්ෂයේ උද්ගතවී ඇති තත්වය අනුව neteller Card භාවිතා කරමින් මුදල් ගැනීමට හැකියාවට ලංකාවේ බැංකු වාරණයක් කර ඇති බව පෙනෙනවා ,මෙහිදී මුදල් ලබාගැනීමට හැකි බැංකුව වන්නේ commercial බෑන්ක් පණක් බව බොහෝදෙනා පවසනවා වගේම com බෑන්ක් මගින් ATM මගින් මුදල් ගැනීමේදී රුපියල් 300 ගාස්තුවක් අයකරන අතර ඩොලරයට ගෙවන්නේද ඉතාම අඩු වටිනාකමකි.
එවිට ඔබ neteller card මගින් $100ක් වැනි මුදලක් ගන්නවනම්
රුපියල් 1500 පමණ මුදලක් සේවා ගාස්තු ලෙස අතරමැදියන්ට ගෙවීමට සිදුවේ.
මේ ගාස්තු යම් තාක් දුරට අඩු කරගැනීමට Skrill account භාවිතයෙන් සිදු කරගතහැකිය .
මෙහිදී අපිට මුදල් ATM වලින් ගන්න පුළුවන් කමක් නැහැ.ලංකවට master card පහසුකම Skrill විසින් සපයන්නේ නැති නිසා .නමුත් ඔබට skrill මගින් පහසුවෙන් ඔබගේ බැංකු ගිණුමට මුදල් ගෙන්වා ගැනීමට පුළුවනි.
මෙහිදී අතිශය වැදගත් කාරණාවක් තියෙනවා Skrill account භාවිතා කරමින් මුදල් ගෙන්වීමේදී කිසිම විටක සම්පත් බැංකුවේ ගිණුම් හෝ NSB ගිණුම් බාවිතා නොකරන්න එම ගිණුම් RFC /NRFC ගිණුම් උවද බාවිතා නොකරන්න මොකද හේතුව intermediate bank fee කියල $25ක් කපනවා .$100ක් විතර ගන්නකොට $25ක් කපුනම ආයේ ඉතිරිවෙන දෙයක් නැහෙනෙ .  නිසා BOC bank එකේ account එකට skrill මගින් මුදල් ගෙන්වාගැනීමට කටයුතු කරන්න ,boc බෑන්ක් එක මගින් ඩොලරයට ඉහලම වටිනාකමක් ලබාදෙන අතර කිසිදු ගාස්තුවක්ද නොකරයි. ඔබට boc bank sms පහසුකම ලබාගත්තාම මුදල් ගිණුමට බර උන සැනින් sms එකක් මගින් දැනුවත් වීමටද හැකියාව ඇත .මෙම sms සේවාවද boc bank මගින් නොමිලයේ ලබාදෙයි .

එමෙන්ම දින දෙකක් වගේ කාලයකදී බැංකුවට මුදල් ලබාගැනීමටද ඔබට හැකිය

දැන් බලමු Skrill Account එකක් නිවැරදිව සාදාගන්නා ආකාරය.

Skrill account registration Page එකට යන්න . එවිට ඔබට පහත ආකාරයේ වෙබ් පිටුවක් දර්ශනය වේවි .

 Skrill account sinhala

දැන් ඔබගේ තොරතුරු ඇතුලත් කරන්න මෙහිදී ඔබ අලුතෙන්ම email එකක් හදාගන්නවනම් හොදයි. email එක වෙනත් site වල register වෙන්න facebook account හදන්න බාවිතා කරන්න එපා .
හොද ශක්තිමත් password එකක් යොදාගන්න ,simple ,capital ,numbers ,special symbols ඇතුළුව.
දැන් next කර ඊලග පියවරට ඇතුළුවන්න දැන් ඔබට පහත ආකාරයේ වෙබ් පිටුවක් ලැබේවි .
how to create  Skrill account sinhala
 
මෙහිදී ඔබගේ බැංකු ගිණුමේ නම සදහන් වන ආකාරයට නම සදහන් කරන්න සැලකිලිමත් වන්න .
දැන් next කර ඊලග පියවරට ඇතුළුවන්න දැන් ඔබට පහත ආකාරයේ වෙබ් පිටුවක් ලැබේවි .

how to create  Skrill account sinhala guide



මෙහිදී ඔබගේ address එක නිවැරදිව ඇතුලත් කරන්න ,මොකද ඔබට address verify කිරීමට සිදුවෙනවා .post code එක ගැන ඔබ දැනටමත් දැනුවත් වෙලානේ ඉන්නේ .ඔබගේ post code එකද නිවැරදිව සදහන් කරදැන් next කර ඊලග පියවරට ඇතුළුවන්න දැන් ඔබට පහත ආකාරයේ වෙබ් පිටුවක් ලැබේවි .


Skrill sinhala


දැන් ඔබ සාර්ථකව skrill account එකක් සාදාගන අවසානයි. දැන් ඔබගේ email box එකට ගිහිල්ලා Skrill එකෙන් එවල තියන email එක මගින් ඔබගේ email address එක verify කරගන්න .
දැන් ඔබට ඔබගේ skrill account එකට log විය හැකිය .

ඔබගේ skrill account එක මේ ආකාරයෙන් දිස් වේවි .

skrill sinhala verify accounts

Verify Skrill account sinhala


දැන් තියෙන්නේ skrill account එක verify කරගන ගනුදෙනු කරගැනීමට හැකි ආකාරයට සකසා ගැනීමයි.
දැන් account settings වලට යන්න ,ඔබට පහත ආකාරයෙන් account settings බලාගන්න පුළුවන් ,ඔබට අවශ්යනම් ඔබගේ password එහෙම වෙනස් කරගනීමට පුළුවන්. දැන් ඔබගේ address කියන තැන verify address click කරන්න එවිට ඔබ skrill එකට ලබාදුන්නා ලිපිනයට ඔබගේ ලිපිනය තහවුරු කිරීමට post මගින් code එකක් සහිත ලිපියක් ලැබේවි. 
මෙම ලිපිය ලැබෙන්න දින 7-21 වගේ කාලයක් ගත වේවි. දැන් ඔබට ලැබුන code එක ඇතුලත් කර ඔබගේ address verify කරගන්න පුළුවන්.
එසේම ඔබගේ phone number verify කිරීමද ඔබට කරගත හැකිය.එහිදී ඔබගේ phone number එකට Skrill මගින් code එකක් sms මාර්ගයෙන් එවනු ලබනවා එම code එක සදහන් කිරමෙන් ඔබගේ phone number වෙරිෆ්ය් කරගැනීමට හැකියාව ලැබෙනවා .

Add bank account to Skrill in sinhala


ඔබට දැන් ඔබගේ බැංකු ගිණුමේ විස්තර ඇතුලත් කරගන්න පුළුවන් , සදහා cards and bank accounts මත click කරන්න .එවිට පහත ආකාරයෙන් ඔබට window එකක් ලැබේවි ,එහිදී ඔබගේ බැංකු ගිණුමේ තොරතුරු නිවැරදිව ඇතුලත් කරන්න .
skrill bank account verify


How to withdraw money using skrill account

withdraw money කියන Tab එක මත click කරන්න එවිට ඔබගේ withdraw methods ටික බලාගන්න පුළුවන් ඔබ bank එකට සල්ලි ගෙන්වනම් ඔබගේ account number යොදා අදාළ මුදල යොදා ගනුදෙනුව තහවුරු කරන්න ඔබගේ මුදල දින 2-5 අතර කාලයකදී ලැබේවි ,

withdraw skrill money in sinhala



දැනට මුදල් ගෙන්වන්න තියන අඩුම ගාස්තුවක් වය වන ක්රමය තමයි අපි මේ post එකෙන් කතා කරේ. මේ ආකාරයෙන් මුදල් ගෙන්වගනිමෙන් ඔබගේ මුදල් ඉතුරු වීම සිදුවේවි .

වගේම skrill වල තියන එක ලොකු අඩුපාඩුවක් වෙන්නේ අපිට ගැටලුවක් ඇතිවිට ක්ෂණිකව ඔව්න් සම්බන්ද කරගත නොහැකිවීමයි .call කරලා සම්බන්ද කරගත හැකිය ,නමුත් ඔව්න් Tickets වලට පිළිතුරු බැදීමට සති 2-3 ගන්නා අවස්ථාද ඇත. නිසා සියලුම දේ නිවැරදිව කරගැනීමට කටයුතු කරන්න .

Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls-SUMUFOREX

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.