Sinhala forex Education How to Open and close Trade Using MT4

Sinhala Forex Education sumuforex

මෙම post එකෙන් අපි කථා කරන්න බලාපොරොත්තු වන්නේ Buy order එකක් open කිරීම sell Trade එකක් open කිරීම සහ open කරන ලද Trade close කරන ආකාරයයි.

ඔබ දැන් Demo Account එකක් open කරගන ඇති කියල හිතනවා .ඒ වගේම දැන් MT 4 software එක install කරගන ඇති කියල හිතනවා .
දැන් ඔබේ MT 4 account එක open කරගන්න .
මෙම කොටසෙන් කථා කරන්නේ order එකක් open කරන ආකාරය සහ order එකක් Close කරන ආකාරය පමණයි .
මොකද තාම ඔබ forex කරන්න පටන්ගත්තා පමණයිනෙ .ඒ නිසා ඔබ MT 4 software එක හුරු කරගැනීම අවශයි.මෙම කොටසේ අරමුණ එය පමණයි.නැතුව trade කරන හැටි කියල දෙන එක නෙමෙයි.
ඉදිරි පාඩම් වලදී ඔබට ඉගන ගන්න පුළුවන් කොහොමද නිවැරදිව forex Trading කරන්නේ කියලා .

Buy order එකක් open කිරීම .

පහත රුපය දිහා බලන්න .



ඔබට order එකක් open කරන්න අවශ්‍යනම් new order මත click කරන්න එවිට ඉහත රුපයේ ආකාරයෙන්
order window එක ලැබේවිපහත රුපයෙන් ඔබට පැහැදිලිවම අදාල window එක බලාගන්න පුළුවන් .අපි පොඩ්ඩක් මෙම window එකෙන් නිරූපිත දේවල් පිලිබදව කෙටියෙන් විමසා බලමු.


 Symbol: මෙතනින් අපි Order එක යොදන Currency Pair එක පෙන්නුම් කරනවා.
ඉතාම වැදගත් ඔබට Trade එක යොදන්න අවැසි Currency Pair එකම මෙතන නිරූපණයකරනවාද කියලා බලන.
අපේ උදාහරණයට අනුවනම් මෙතන පෙන්නුම් කරන්නේ EUR/USD  (Euro vs Us Dollar)කියන Currency Pair එකයි

Volume: මෙතනින් අපි මිළට ගන්න LOT (volume)ප්‍රමාණය නිරූපණය කරනවා. මෙතන අවම අගය 0.1. නමුත් අපි Real Account  වල Trade කරනකොට මෙම අගය 0.01 ක දක්වා අඩු වෙනවා. ඉතාම වැදගත් අපි නිවැරදි Trading plan එකකට නිවැරදිව risk management system එකක් භාවිතා කිරීමේදී ඔබ තෝරාගත යුතු ලොට් size එක ගැන ඔබට තේරුම් ගන්න පුළුවන් .

සරලවම කියනවනම් ඔබගේ account balance $500ට අඩුනම් කිසිම විටක 0.02 ට වඩා වැඩි LOT  size එකක් බාවිතා නොකළ යුතු බව තරයේ මතක තබාගන්න .

Stop Loss/Take Profit : ඉතාම වැදගත් , නිවැරදිව Stop Loss අගය භාවිතා කරන ආකාරය මෙතනින් බලන්න

Type : මෙහිදී ඔබ pending order එකක් යොදන්න බලාපොරොත්තු වෙනවනම් type එක pending order ලෙස සදහන් කරන්න .pending order පිළිබද වැඩි විස්තර මෙතනින් බලන්න

   ඔබට පෙනෙනවා Sell ලෙස රතු පැහැති button එකක් සහ නිල් පැහැ buy button එකක් මෙහිදී අපි buy order එකක් open කරනවානම් නිල් පැහැ buy button මත click කරන්න . sell order එකක් යොදනවනම් රතු පැහැති sell button එක මත click කරන්න.

එවිට ඔබට දැක ගන්න පුළුවන් ඔබ යොදපු trade එක ගැන විස්තරය පහතම පවතින Trading Terminal එක තුලින් .

 හරි දැන් ඔබ Buy Trade /Sell Order යොදන්න දන්නවා. දැන් අපි හොද පුහුණුවක් ලභා ගනිමු. ඔබට කරන්න තියෙන්නේ දැන් Demo account   එක ට ලොග් වී Trade යොදන එකයි. අපි Trade එක Open  කරපු ගමන් Profit  - අගයක් පෙන්නුම් කරයි. නමුත්  ඔබ යොදන Trade එක අනුව Market ඉහල හෝ පහල යන විට Profit එක  +  අගයන් ලැබෙවි. නමුත් ධන ලකුණ පෙනෙන්න නැ. දැන් ඔබගේ Profit එක + උනම ඔබ Trade එක  Close කරන්න  එයට ඔබට කරන්න තියෙන්නේ මෙන්න මේ පියවරයි

Trade එකක් Close කරන අන්දම

ඔබට MT software එකේ පහළම කොටසේ පෙන්නුම් කරනවා ඔබගේTrade එකට අදාල සියලු විස්තර . දැන් ඔබ ඔබගේ ධන අගයක් වි පවතිනTrade එක මත Double  Click කරන්න ඔබට පහත රූපයේ පරිදි Window එකක් ලැබෙවි .

දැන් කහ පහැති Button එක මත Click කරන්න. එවිට ඔබ යොදපුTrade එක Close කිරිමට ඔබට හැකිය. දැන්  ඔබ Trade කිහිපයක් යොදන්න. එවා ලාභ හෝ පාඩු උනාට කමක් නෑ එවා Close  කරන්න. දැන් ඔබ ඉක්මනින් Trade  දාන්න Close කරන්න පුහුණු වෙන්න. පසුව අපි බලමු පියවරින් පියවර ලාභ ලබා ගන්න Trade යොදන ආකරය. දැන් මේ ටික ඔබ හොදින් ප්‍රගුණ කරන්න.
 ජය !!!

Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls- NFP Sinhala

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.