Sinhala forex Education -Learn forex in sinhala-Long Term Trading Methods

| |

Long Term Trading Methods 

The best sinhala forex Education  www.sumuforex.com

Forex Real Trade කරන්න පටන්ගත්ත කිහිප දෙනෙක් අපිට මෙන්න මේ ගැටලුව අපිට ඉදිරිපත් කරා.. Demo Account වලින් පුහුණු වන ඔබටත් මෙම ගැටලුව තියේද බලන්න..


Sinhala forex Education www.sumuforex.com

"අපි  Trade එකක් දාපුවාම ඒක Stop loss  අගයෙන් ගොඩක් වෙලාවට Close වෙලා යනවා.පස්සෙ ටික වෙලාවකින් ඒ Trade එක ලාභ ලබන තත්වයටම පත් වෙනවා මේකට මොකද කරන්නේ..මෙහෙම වෙන්න හේතුව මොකක්ද"

පළමු හේතුවනම් ඔබ ඉතාම හොදින් Market එක Analyze කිරීමකින්  තොරව  Trade කිරීමට පෙලබීමයි.
බොහෝදෙනෙක් Trade  එක දාලා තමයි අද තියනForex News මොනවද අද  high Economic Data  එහෙම දාන්න තියනවද එහෙම කියලා බලන්නේ..ඉතින් එතකොට බොහෝ වෙලාවට පාඩු වෙලා ඉවරයි.තවත් සමහරුන් කිසිම Forex News ,Economic Calander ගැන බලන්නේ නෑ.

ඒ වගේම TrendLines, Support Level ,Resistance Level ඇදලා පුරුදු වෙන්නේ නෑ. Trend Lines, Support Level ,Resistance Level  අදින එක ඉතාම පහසුයි.
ඔබට විවේකි සති අන්තය යොදාගෙන  Trend Lines, Support Level ,Resistance Level  අදින්න පුරුදු වෙන්න Market එක ගැන අනුමානයන් කරන්න අතීත Chart සටහන් බලමින් Market වෙනස් වී ඇති අන්දම නිරීක්ෂනය කරන්න.


විශාල Time Frame වලට Trade කිරීම සහ Trading Ideas  ලබා ගැනීම. 

බලන්න මෙම පහත රූපය දිහා.. මෙය  GBP/USD අදාලව Weekly Chart එකකි.


 sinhala free forex Education




දැන් හොදින් මෙම රූපය නිරීක්ෂණය කරන්න ඔබට මොනවද  පෙනෙන්නේ.

මෙහිදී අපිට 2010 දෙසැම්බර් මාස්යේ සිට 2013 සැප්තැම්බර් මාසය දක්වා වූ කාලය තුල Market එක තුල GBP/USD මුදල් කාණ්ඩයෙහි වෙනස් වීම අපිටපෙන්නුම් කරනවා..

R= Resistance Level.
S= Support Level

R 1  Resistance Level.  එකෙහි අගය සටහන් වෙන්නේ  1.6275ලෙසයි
දැන් බලමු අපි මේ වලින් ගත හැකි නිගමනයන් මොනවාද කියලා..
2010 දෙසැම්බර් මාස්යේ සිට 2013 සැප්තැම්බර් මාසය දක්වා වූ කාලය තුල තුල අවම මිළ ලෙස සටහන්වෙන්නේ..

GBP/USD  Price = 1.4812
මෙම කලාපයට මිල ගනන් ලගා වු විට Market එක තුල සිටින BUYERS ලා වැඩි වෙනවා..
එසේම මේ තරම් මිල පහත යාමට හේතුව එක්සත් රාජධානිය තුල ආර්ථිකය පරිහාණියට පත් වීමයි.එවිට පාලකයන් තම ආර්ථිකය නගාසිටුවීමට විවිධ ප්‍රතිපත්ති සහ යොජනා ක්‍රියාත්මක කරවීමට පෙළබෙයි.මේ නිසාවෙන් නැවත ආර්ථික තත්වය යහපත් වීමට පටන් ගනී..අපි දැන් මැයින් ප්‍රයෝජන ගන්න ඕන.

අපිට මෙම කලාපයට GBP/USD Price ලගාවුනම වැඩි risk එකකින්,චකිතයකින් තොරව ලෝන්ග් Term Trade එකක් යොදාගැනීමට අවස්ථාව උදා කරගන්න පුළුවන්   
 මෙහේදී තව දුරටත්  Market එක පහත බැසීමට ඇති ඉඩකඩ ඉතාමත් අඩුය.. නමුත් මෙහිදී කිසිම විටකවත් කියවෙන්නේ නැ තව දුරටත් Market එක පහත බහින්න බැහැ කියලා.. කියවෙන්නේ තව දුරටත් Market එක පහත බැසීමට ඇති ඉඩ කඩ ඉතාම සීමිතය

ඒ වගෙම තමයි මෙම කලාපයන් වලදි යොදන Trade ඔබට හැකිනම් වැඩි කාලයක් Close  නොකර සිටින්න .මොකද ඔබට් ඉතා විෂාල ලාභ කරාද මෙහිදී ලගා විය හැකිය.ඔබට පෙනෙනවා ඇති GBP/USD 1.4812පටන්ගත්  Bull Trend  1.6275 අගය දක්වා ගමන් කරලා තියනවා..


 වැද ගත් කරුණක් වන්නේ GBP/USD කියන Currency Pair  එක විෂාල වශයෙන් වෙනස්වීම් වලට භාජනය උවද කෙටි කලකින් නැවත යතා තත්වයට  පත් වේ. එනම් GBP/USD  වටිනාකම ඉක්මනින් ස්ථාවර මට්ටමකට පත් වීම සිදු වේ..

දැන් අපි බලමු පහත රූප සටහන දිහා..
Best sinhala forex Education

එයින් පෙන්නුම් කරන්නේ  GBP/USD වලට අදාලව  Market එක විචලනය වී ඇති ආකාරයයි.මෙම කාල පරාසය තුලදී GBP/USD හි උපරිම මිල පරාසය ලෙස සටහන් වී ඇත්තේ. 1.6625 අගයයි.

මෙම කලාපයට GBP/USD අගය ලගා වූ විට අපිට පැහදිලි අදහසක් ගන්න පුලුවන් Market එක  ඉදිරි කාලයේ දී පහත යයි කියලා..

මේ ආකරයට ඉතාම ඉහලට Market Price පමිනි විට ඔබට Sell Orders දමන්න පුලුවන්.මෙවැනි අවස්තාවන් වලදී කිසිම ආකරකින් Buy Orders දමන්න එපා.
නිතරම Forex News ,High Economic Data  ගැන අවධානයෙන් පසු වන්න. Trade එකක් දාන්න කලින් හිතන්න මෙම එක දැම්මට පසුවMarket එක පහල යයිද ඉහල යයිද කියලා.

එසේ අනුමානයන් ලබා ගැනිමට පහත  දෑ ප්‍රයෝජනයට ගන්න.


ඔබ ඉතාම් උනන්දුවෙන් යුතුව Market එක ගැන ඇහැ ගහගනම ඉන්නවනම් ඔබට අනිවාර්යෙන්ම දැනෙන්න ගන්නවා ඉදිරියට කුමක් වෙයිද කියලා මෙය නිකන්ම නම් පහල වෙන්නේ නෑ

එයට ඔබගේ කැපවීම අවශයි. ඔබ දැන් Forex කරන නිසා හොදටම දන්නවානේ Forex වලින් මොනතරම් මුදලක් හොයන්න පුලුවන්ද කියලා..හදිසි නොවී හෙමින් හෙමින් $300 අපි  $500 කරමු. එතන ඉදන් ඔබට බය වෙන්න දෙයක් නැ.. 

පාඩුවේ Trade  එකක් දාලා හොද  හොද ලාභ ගන්න පුලුවන් කිසිම මහන්සියකින් තොරව. කට්ට කාල වැඩේ ගොඩ දාගන්න..
ඔබට මෙය වැදගත්  උනානම් Like කරන්න  share කරන්න අමතක කරන්න එපා. :)



Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls- NFP Sinhala

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.