MT4 charting software simple Guide Sinhala-SUMUFOREX


හොදයි දැන් අපි බලමු  අපි Download කර ගත්ත MT 4 Software  එක අපිට භාවිතයේ පහසු ආකරයට සකසා ගන්නා අකාරය.
මෙතනදී ලොකු විස්තර ඉදිරිපත් කිරිමක් සිදුනොවේ.
මොකද ඔබට මෙම MT 4 Software  එක භාවිතයත් සමගම ඔබටම පහසුවෙන් කරුනු අවබෝධ වෙනවාදැන් එහෙන්මනම් ඔබගෙ අන්තර්ජාල සම්බන්ධය Connect කරගන්න, දැන් MT 4 Software  එක Open කරගන්න. ඔබට පහත ආකාරයෙන් එය දිස් වේවි . මොකද හිතෙන්නේ.



 අපි  මෙම MT4 Software එක ක්ලාප කට බෙදලා තියනවා. එහෙමනම් එම එක් එක් කලාපයේ පවතින Icons මගින්  සිදු වන  කාර්යන් විමසා බලමු.

පලමුව ඔබගෙ අවධානය 02 කලාපයට යොමු කරන්න ඔබට පෙනෙනවා  Window 4ක් Open වෙලා තියනවා.ඒවාට අපි Chart Windowකියලා කියනවා.මෙහෙම Chart Window  4ක් පැවතිම අපිට අපහසු කටයුත්තක්  එනිසා ඔබ ‍තෝරා ගත් Chart window එකක්  පමණක් පෙන්නුම් කරන ආකාරයට Chart window එකක් maximize කරන්න..එවිට ඔබටවිශාල වුChart window  එකක් ලබා ගත හැකිය. එය මෙන්න මේ වගේ,
















Real / Demo Account එකට Log වීම .

Demo /Real account වලට log වීම සදහා අංක එක සදහන් කොටසේ මුලින්ම ඇති File මත click කරන්න එහි Login කියන option එක තෝරන්න .දැන් ඔබට පහත ආකාරයෙන් window එකක් open වේවි .

Login :මෙහිදී  ඔබගේ demo හෝ real account number සදහන් කරන්න 
Password : ඔබගේ Password ඇතුලත් කරන්න .
දැන් ඔබගේ Server එක නිවරදිව සදහන් කරන්න එය ඔබට Account එකක් සාදනකොටම ලැබෙනවා..

save account information මත tick එක දැම්මොත් ඔබ MT 4 Software එකට ලොග්වන අවස්ථා වලදි නැවත නැවත login details ඇතුලත් කිරීමට අවශ්‍ය නැත .
ඔබගේ පොඩි දරුවන් ඔබගේ පරිගණකය පාවිච්චි කරනවානම් හෝ සේවා ස්ථානයකදී ඔබගේ MT 4 software භාවිතා කරනවානම් save account information මත tick එක දන්නා එපා.එවිට ඔබගේ account එකට ආරක්ෂාවක් .

chart window පහසු ආකාරයට සකසා ගැනීම  

ඔබට පෙනෙනවා ඇති අංක එක කලාපයේ ප්‍රස්තර ආකාරයේ icons තුනක් පෙනෙනවා ඒ මත එකින් එක click කරලා බලන්න ඔබට පෙනෙනවා ඇති chart window එක වෙනස් වීමකට ලක් වෙනවා.
මේ අතරින් වඩාත්ම පහසු මැද පවතින candlestick pattern එකයි.එම candlestick pattern එක ඔබත් පාවිච්චි කරනවානම් වඩාත් පහසුයි .

බලන්න   M1,M5,M15,M30,H1,H4,D1 කියලා තියෙන්නේ මොනාද කියලා. එවායින් වෙන්නේ අදාල කාල රාමුව තුල Forex Market එකෙහි සිදුවන වෙනස් විම් නිරූපණය කිරිමයි.

මෙහිදි පිළිවෙලින් විනාඩි 1, 5,15,30 පය1,පැය4,දින 1,සති1,මාසය යන කාල රාමු වලදි Forex Market එකෙහි සිදු වු වෙනස් වීම් ඔබට බලා ගත හැකිය.
මේහිදි එක් Candlestick එකකින් අදාල කාලය නිරුපණය කරයි.
උදාහරණ යක් ලෙස ඔබ H1 Time Frame එක තේරුවානම් එහිදී එක candlestick එකක් ඇති වීමට පැයක කාලයක් ගත වීම සිදු වේ.එනම් candlestick එකක් open වී candlestick එකක් close වීමට පැයක කාලයක් ගත වේ. එනම් මෙහිදී එක candlestick එකක් මගින් පැය එකක කාලයක් තුලදී market price වෙනස් වීම නිරුපනය කරයි.candlestick පිළිබද වැඩි දුර තොරතුරු මෙතනින්  Reading Candles 
Candles.

බලන්න ඔබට + - ලෙස ලකුණු දෙකක් පෙනෙනවාද කියලා. එමගින් අපිට Candlestick ප්‍රමාණය (Zoom in ,Zoom out )වෙනස් කිරීම කල හැකිය . ඔබට පහසු ආකාරයට එය සකසා ගන්න.

Candlestick Chart ඇහැට පහසු විදියට සකසගැනීම 

දැන් අංක 02 කලාපයේ mouse pointer එක තියල Right Click කරන්න එවිට ඔබට menu එකක් ලැබේවි එහි  Properties  කියන එක තොරන්න පහත ආකාරයේ Chart එකක ඔබට ලැබේවි. දැන් ඔබට රිසි ලෙස Chart window එක වෙනස් කර ගන්න පුලුවන්.


මෙහිදී ඔබට සුදුසු ආකාරයට ඔබගේ ඇහැට පහසු ආකාරයට background ,candlestick color අදිය වෙනස් කරගන්න .

හරි දැන් ඔබ පොඩ්ඩක් MT 4  Software එක අධයනය කරන්න , ඔබට නිකන්ම මේ කරුනු වැටහෙනවා. තවත් අලුත් කරුණුත් ඔබට හම්බවෙනවා. ඔබට අවශය වෙනත් කරුණු අදාල පාඩම් වලදි ඔබට ලබා දෙනවා. කිසිම කලබලයක් ඇති කරගන්න එපා. හෙමින් සාර්ථක ස්ථාවර ගමනක් යමු. 


Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls- NFP Sinhala

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.