Forex sinhala the best forex education -What is a Lot -Leverage in Forex - SumuForex.com

Sinhala Forex Tutorial -Forex trading Lot-Leverage -Sumuforex

 Forex වලට ඉතාම වැදගත් කරුණු .

ඔබට දැන්  Buy Trade open කරන්න Sell Trade open කරන්න ,Take Profit ,Stop Loss  සකසන්න පුලුවන්.අපහසු අය ඉන්නවනම් නැවත මතක් කරගෙන්ම වැඩේට බහිමු. 
Forex වලදී අපිට ඉතාම වැදගත් දෙයක් තමයි Lot size/Volume  කියලා කියන්නේ. 
අපි දන්නවා බර කිරන්නේ Kg ,g වලින්. දුර මනින්නේ Km ,m , cm ද්‍රව මනින්නේ L,ml වලි න් එය සම්මතයක්. .ඒ වගේම තමයි Forex  වලත් යම් යම් සම්මත ඒකක තියනවා.
අපි  Forex කරන විට යම් කිසි මුදල් ඒකක ප්‍රමාණයක් මිළට ගන්න ඔනි වෙනවා. 
ඒ සදහා අපිට Lot යන සම්මත ඒකකය ඉදිරිපත් කරලා තියන්වා
Lot වර්ග කිපයක්ම තියනවා හරියට Km,m, cm,mm   වගේ. ඒවා තමයි තව Mini Lot , Micro Lot , Nano Lot හරි මේ ටික බලන්නකෝ.

Standard Lot               =       100,000($100,000)
Mini Lot       =       10,000($10,000
Micro Lot     =       1,000($1,000 )
Nano Lot     =        100 ($100)


මෙයින් සම්මත ඒකකය වන්නේ Standard Lot  කියන එකයි එයට ඒකක 100,000 ඇත්ලත් වෙනවා.
 ඉතින් අපි  Trade එකක දාන්නනම් මෙම Lot එකක් ගන්න වෙනවා.
හරියට අපිට බත් කන්න ඔනිනම් අපි හාල් යම්කිසි කිලෝ ප්‍රමාණයක්මිළට ගන්න ඔනි.ඒ වගේම තමයි Trade කරන්න ඔනිනම් අපි Lot  එකක්‍ ගන්න වෙනවා.
හරි දැන් අපි බලමු මෙම  Lot එකක්‍ ගන්න අපිට කියක් වැය වෙනවද කියලා.

දැන් මෙම මොහොතේ හිතන්න EUR/USD  අගය 1.3000 අගයේ තියෙන්නේ කියලා.

එතකොට අපිට Lot එකක් ගන්න කොපමණ මුදලක් වැය වෙනවද බලමු.

100,000 *1.3000 = 130000USD
අනෙ අම්මෝ Forex  කරන්න කොහෙන්ද අපිට මෙහෙම සල්ලියක් නේද?
ඔන්න ඔය වගේ හේතු නිසා තමයි ඉස්සර Forex කියන්නේ ධන කුවේරයන්ට විතරක් කරන්න පුලුවන් උනේ, බය වෙන්න එපා දැන් අපිටත් ධන කුවේරයෙක් වගේ වැඩේට අත ගහන්න පුලුවන්.
ඒ සදහා Leverage නොතිබෙන්න  අපි Forex කරනවා බොරු.




















ඉහත පින්තුරයේ වගේ ලීවරයක් උපයෝගී කරගන කරන්නේ පොඩි ආයාසයක් යොදල වැඩි බලයක් නිර්මාණය කරගනිමනේ. මේ ගල උස්සන්න ඉහත ලිවරය උපයෝගී කරගැනීමෙන් පොඩි බලයක් යොදලා ලොකු කාර්යක් කරලා තියෙනවා.
ඒ වගේ තමයි forex Trading වලදී leverage ක්‍රියාත්මක වෙන්නෙත්.
අපි ගාවා පොඩි මුදලක් තිබුනත් ඒ මුදල leverage කලාම ලොකු මුදලක් වගේ පෙන්වීම මෙහිදී සිදු කරනවා.
එවිට forex trade කිරීමේදී අපිට පොඩි මුදලකින් ලොකු ගනුදෙනු කරන්න පුළුවන් .

බලමු මේ forex trading  Leverage එකෙන් මොනාද සිද්ද වෙන්නේ කියලා
හිතන්න දැන් මිළ EUR/USD 1.3000
හරි අපි බලමු දැන් අපිට EUR/USD Lot  එකක් ගන්න කොපමාණ මුදලක් වැය වෙනවද කියලා.
100,000 *1.3000 = 130, 000USD
මෙච්චර ගාණනක් අපිට වැය කරන්න බෑනේ. ඔබට මතක ද Real account එකක් Open කිරිමෙදි තියනවා Leverage කියලා එකක්.
හරි එහෙමනම් ඔබට මතක ඇති අපි යොදා ගත් අගය එය 1:200, තව 1:100,1:400 වගේ අගයනුත් තියනවා.නමුත් ආරක්ෂාකාරි අගයක් ලෙස 1:200 අගය තමයි .. හරි අපි බලමු Leverage මගින් අපිට වාසිය අත් වන අන්දම.

1.3000*100,000 =130,000 USD
Leverage කළ විට (1:200)
130,000 / 200 =650 USD


Leverage කළ විට අපිට EUR/USD  , Lot එකක්  මිලට ගන්න 650 USD අවශ්‍ය වෙනවා .

Leverage කලත් අපිට Lot  එකක් ගන්න බැ වගේ නෙද ? ඇයි $ 650ක්  අවශ්‍ය වෙනවාLot එකක් ගන්න. බය වෙන්න එපා ඒකටත් විසදුමක් තියනවා.
Lot  එකක් ගන්න ඔනි නෑ.
Trade  එකක් Open  කරදි තියෙන්නේ Volume  0.01,0.02,0.03 ආදී වශයෙන් .නමුත් Demo account වලදි මෙම අවම අගය 0.1 වෙනවා.බලන්න ඒක ඇත්ත්ද කියලා.
Real Account වලදී තම්යි අවම අගය 0.01 වෙන්නේ ඒ කියන්නේ අපිට මෙහිදි ගන්න පුලුවන අවම ප්‍රමාණය Lot එකෙන් 100න් පන්ගුවක් වන බවයි .
අපිට පුලුවන් අවමය 0.01 Lot  ප්‍රමාණයක් ගන්න

දැන් අපි මුල ඉදන්ම බලමු අපිට Trade එකක් දාන්න කොපමණ මුදලක්අවශ්‍ය වෙනවද කියලා

1.3000*100,000=130,000USD  ( Lot එකක මිල කල  Leverage  කිරීමට පෙර)
Leverage කළ විට (1:200)
130,000 / 200 = 650 USD   ( Lot එකක මිල කල  Leverage  පසු)
අපි Lot එකකින සීයෙන් පන්ගුවක්( 0.01) ගන්න නිසා ඒ සදහා වැය වන මිළ
650/100=6.5USD

 ඒ කියන්නේ අපිට Volume  0.01 යටතේ   Trade එකක දාන්න අවශ්‍ය වන්නේ 6.5 USD වැනි සුලු මුදලක්.
ඉතින් ඔබට පෙනෙනවා නේද දැන් 300USD  වගේ  මුදලකින් අපි කොහොමද Forex  වල Trade කරන්නේ කියලා.
1:200 Leverage  කියන දෙයින් හරියටම වෙන්නේඅපි විසින් යොදනු ලබන සෑම ඩොල්ර් එකකටම තවත් ඩොලර් 199 ක්   එකතු කර 200 ක් බවට පත් කිරිමයි.

Equity, Margin ,Free Margin  ගැන දැනගනිමු .

දැන් ඔබගේ අවධානය පහත  රූපය වෙත යොමු කරන්න.


ඔබට පෙනෙනවා එහි පහතම තීරුවෙහි  (Trading Terminal )යම් කිසි වචන ටිකක් ඉලක්කම් සමගම.
ඔය ටික අපිට ඉතාම වැදගත්. ඔතනින් තමයි අපිට අපේ ගනු දෙනු වල විස්තරය  බලා ගන්න තියන තැන.
ඉතින් ගනු දෙනු විස්තරය  අවබෝධ කර ගන්න ඔය වචන වල තෙරුම ඔබ හොදින් දැන ගෙන ඉන්න ඕනි.

හරි බලමු තියන ව්චන හා ඒවායේ තෙරුම්.

Balance  =   පවතින ශේෂය.

Margin =  මේ තම්යි අපි ගනන් හදලා බැලුවේ අපිට Trade එකක් යොදන්න කොපමණ මුදලක් අව්ශය වෙනවද කියලා .මෙතනින් ඔබට පෙන්නෙනවා. ඇති Buy Order  හෝ Sell Order  සදහා අව්ශය වී ඇති මුදල.මෙම මුදල අපි Trade එක Close  කරපු ගමන් අපේ  Balance එකට එකතු වෙනවා.

Equity = Balance එකෙන් ලාභය හෝ අලාභය අඩු කළවිට ලැබෙන අගය.(Equity=Balance+-Profit)

Free Margin =  Trade දැමිමෙන් පසු පවතින නිදහස් ශේෂය.

උදාහරණයකින්ම පැහැදිලි කරගනිමු.

දැන් අපි හිතමු ඔබ $300 යොදවලා තියනවා කියලා.අපි දැන් බලමු ඉහත සදහන් අගයන් Trade  එකක් යෙදු පසු වෙනස් වන අන්දම

EUR/USD 1.3000 Buy Order  යෙදීමට වැය වන මුදල  හොයමු.

Balance එක $300යි.
EUR/USD 1.3000 Buy Order  යෙදීමට අවශය මුදල.

EUR/USD =1.3000
1.3000*100000 =130000
1:200
130000/200 =650
650/100    =6.5 USD (0.01 LOT)

එම නිසා Margine = 6.5 USD
 Balance=$300
යොදපු Buy Trade  එකෙන් අපිට $5 ලාභයක් ඇවිත් තියනවා 
ඒවිට Equity එක කියද බලමු.
Balance + Profit= $100+$5 = $305
Equity =305 ( Balance එකෙන් ලාභය හෝ අලාභය අඩු කළවිට ලැබෙන අගය.(Equity=Balance+Or-Profit)
Summary:



Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls- NFP Sinhala

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.