Price Action Trading Sinhala Forex -Candlestick basic-SUMUFOREX

Candles වලින් නිරුපිත අර්ථය,හා Market එක ගැන නිවරදි අනුමානයන් කිරිම, (Reading Candles)Basic Forex Price action Trading in sinhala

ඔබට ඉතාම වැදගත් වු දෙයක් ගැනයි අද අපි මෙම පාඩමින් ඔබට ඉදිරිපත් කරන්නේ. හැමදාම කියනවා
වගේම මෙතනදිත් කියන්න තියෙන්නේ ඔබගේ කැපවිම උනන්දුව මතයි හැමදේම තිරණය වෙන්නේ,
එම නිසා මෙම පාඩම් නැවත නැවත කියවමින් හොදින් අවබෝධ කරගන්න..



ඔබ දන්නවා Forex Market එකේ මිල ගනන් විචලනය විම අපි දැනගන්නේ Candlestick Chart වලින්,Bar Chart, Line Chart වලිනුත් එය බලාගන්න පුලුවන්.
 නමුත් වඩාත්ම පහසු Candlestick Chart  කියවිමයි. Candlestick Chart වල තාක්ෂණය ජපන් ජාතිකයන්ගේයි.
Candlestick ගැන ඉගන ගැනිම ඉතාම වැදගත්. 

අපි දැන් දැන්නවා Candlestick අකාර දෙකක් තියනවා. එකක් තමයි මිළ ඉහළ යාමේදි ඇති වනBull Candlestick එම අවස්ථාවන් වලදි BUY Order එකක් දාන්න ඔනි කියලත් ඔබ දන්නවා. 
අනෙක් Candlestick වර්ගය තමයි, Bear Candlestick එම Candlestick ඇති වන්නේForex Market  එකේ මිළ ගනන් පහළ යාමේදියි.
Forex Market එක පහළ යනවිට Sell Orders යොදන බවත් දැන් ඔබ දන්නවා.
හොදයි දැන් අපි Candlestick ගැන සවිස්තරව ඉගන ගනිමු.
Candlestick මගින් අපිට ගොඩක් දේවල් අවබෝධ කරගන්න පුලුවන්,
ඔබට පහසු හා කැමති පාට වලින් ඔබ Candlestick සලකුණු කරගෙන ඇති. දැන් අපි බලමු පහත රුපය දිහා.

දැන් අපි ඉහත රූපය පැහැදිලි කර ගනිමු.
Bull Candlestick = Market එක ඉහල යාමේදි ඇති වේ.
Bear Candlestick= Market පහළ යාමේදි ඇති වේ.
Low=  Candlestick  එක ආරම්භ උන මොහොතේ සිට  අවසන් වන මොහොත දක්වාම එම Candlestick එක අයත් කරගන්නා අවම මිළයි.
High = Candlestick  එක ආරම්භ උන මොහොතේ සිට  අවසන් වන මොහොත දක්වාම එම Candlestick එක අයත් කරගන්නා උපරිමමිළයි.
Body=   Candlestick එක ආරම්භ උන මොහොතේ සිට අවසන් මොහොත දක්වා යන විට ඇතිවන මිල වෙනස් විම පෙන්වන දර්ෂකයයි.

ඉහත රුපයෙන් නිරූපණය කරලා තියෙන්නේ Bullish Candles වේ.

(මිළ ඉහළ යාමේදි ඇතිවන Candles  මේ නමින් හැදිවේ. ).මේ වගේ Candles දැක්කම ඔබට අවබෝධයට ගන්න කරුණු ගනනාවක්ම තියනවා. බලමු අපි ඒ මොනවද කියලා.
 මුලින්ම Candle එකක් ඇතිවි කාලයත් සමග මිල ඉහල යාම නිසා Bullish Candle එකක් ඇති විම සිදු වේ.

මුලිකවම Bullish Candleඑකක් ඇති වෙන්නේ Market එකේ වඩා වැඩියෙන් Buyers ලා සිටිම නිසාවෙනි.

ඉහත රූපයේ වගේ විවිධ ආකරයේ Bullish Candles ඇතිවෙනවා ඔබ දැකලා තියනවා.එම Candles වලින් විව්ධ තොරතුරු අපිට ලබා ගන්න පුලුවන්. 

ඉහත රූප සටහනේ 2වැනි Candle එකට ඕබගේ අවධානය යොමු කරන්න, එවන් Candlestick වලට Strong Bull Candlestick එකක් කියලා අපි කියනවා.එහිදි මිළ ඉහළ ගිහින් විතරක් නෙමෙයි  Market එකේ දැන් වැඩි පුර Byers ල ඉන්නවා කියලත් අපිට කියන්න පුලුවන්.

ඉහත රුපයේ තුන්වන Candlestick එක දුර්වල එකක් එහිදි අපි සැලකිලි මත් වෙන්න ඔනි වෙනවා. මෙවන් විට Market එක ගැන විශ්වාස කරන්න අමාරුයි
H1, 30 Min කාලරාමුව භාවිතයට ගන්න.ඔබත් බලන්න ඔනි මේ කියන දේවල් ඇත්තද නැත්තද කියලා.,
මොනාද මෙ Bearish  Candles වලින් කිය වෙන්නේ

මෙවන් Candles ඇතිවන්නේ Market එක තුල වඩා වැඩියෙන් sellers ලා  සිටින අවස්තාවන් වලදියි.
ඉහත පැහැදිලි කරන ලද කරුණු මෙයටද අදාලවේ.

මේ ආකාරයේ  Candles වලට අපි කියනවා Wick එකක් කියලා.
මෙවන් Candles වලින් අපිට බොහෝ තොරතුරු ප්‍රමාණයක් ලබාගත හැකි වෙනවා. 

What is Bearish Wick ?

Bearish wick එකක් හදුනා ගැනීමේ ලක්ෂණ .


කුඩා lower wick එකක් පැවතීම .
කුඩා Bearish Body එකක් පැවතීම .
දිගින් වැඩි Upper Wick එකක් පැවතීම 
ඉහත කරුණු තෘප්ත කරනු ලබන candlestick එකක් Bearish wick එකක් ලෙස හදුනාගත හැකිය 
දැන් අපි බලමු Bearish Wick(Red) එක ඇති විමට  හේතුව කුමක්ද කියලා,

මෙහිදි මෙම Candlestick එක පටන් ගන්නේ Bull Candlestick  එකක් විදියටයි. 
නමුත් Market  එක තුල Sellers ලා  වැඩිවෙනවා.එනම් Market එක තුල Selling pressure වැඩි වේනවා.මේ නිසා ක්‍රමයෙන් මිල පහලට එන්න ගන්නවා.
මේ නිසා ඉහළ ආකාරයේ කුඩා බදක් සහිත දික්වූ වල්ගයක් සහිත Wick(Red) එකක් ඇතිවේ. Market එකෙහි මිළගනන් පහළ යාමට වඩා ඉඩක් පවති.එසේ නොවිමටද පුලුවන් .එම අවස්ථාවන් හරියටම් දැන ගන්න ගැන Support Levels, Resistance Levels ගැන අවබෝධයක් තියෙන්න ඔනි.

What is Bullish Wick

Bearish wick එකක් හදුනා ගැනීමේ ලක්ෂණ .

කුඩා Upper  wick එකක් පැවතීම .
කුඩා Bullish Body එකක් පැවතීම .
දිගින් වැඩි Lower  Wick එකක් පැවතීම .
ඉහත කරුණු තෘප්ත කරනු ලබන candlestick එකක් Bullish wick එකක් ලෙස හදුනාගත හැකිය .

දැන්  අපි බලමු ඉහත රූපයේ  ආකාරයට Candle එකක් ඇතිවෙන්නේ ඇයි කියලා.එයට හේතුව තමයි මෙහිදි Candle එක පටන් ගන්නේ අඩු මිළක් යටතෙයි,නමුත් මෙහිදි මිළ ඉහල යාමට වැඩි බලයක් ක්‍රියාත්මක වෙලා තියනවා. මේ නිසාBear Candle එකක් විදියට පටන් ගත්ත Candle එක අවසන් වෙන්නේ එකක් Bull Candle (White )විදියටයි.මෙහිදි Market එක තුල වැඩිපුර Byers ලා ඉන්නවා කියලා අපිට අනු මාන කරන්න පුලුවන් .




ඉතාම හොදින් ඔබ මෙම කොටස අවබෝධ කරගන්න. දැන් ඔබට පුලුවන් අතිත සටහන් පරීක්ෂාකරමින් තව තවත් කරුණු ඉගන ගන්න. තනියම  අභයාස නිරතුරුවම කරන්න.

දැන් ඉහත කරුණු එහෙම ගැන හිතලා ඉස්සරහට Market එකේ වෙන්න පුලුවන් දේ අනුමානය කරන්න. දැන්  කොලය ඉවත් කරලා බලන්න ඔබ හරිද කියලා.

මේ අභයාසය නිරතුරුව කරන්න .ඔබට පොත් 100ක් කියවලා ගන්න බැරි උන දැනුමක් එයි.එහෙම කියලා ඉතිරි පාඩ්ම් බලන්නැතුව එහෙම ඉන්න එපා.ලොකු දැනුමක් ඔබට රැස් කරගන්න තියනවා..

ඉතාමත් සැලකිය යුතුයි. ඉහත කරුණු සැම විටම සත්තය වෙන්නේ නැත.විව්ධ හේතු ගනනාවක්ම මිල විචලනයන්ට බලපානවා. ඔබට Forex News , Economic calendar ගැන හොද අවබෝධයක් අනිවාරයෙන්ම තියෙන්න ඔනි සාර්ථක Forex Trader කෙනෙක් විම සදහා.



Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls- NFP Sinhala

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.