Why Do Most Forex Traders Lose Money? sumuforex.com

Why Do Most Forex Traders Lose Money? Sinhala forex sumuforex.com

Forex Trading කියන්නේ High Risk High Reward Investment එකක් කියල ඔබ දන්නවා .
මෙහිදී අපි risk management කිරීමේ ක්‍රම අනුගමනය කල යුතු වෙනවා.risk management ක්‍රම නොමැතිව trade කරන විට වැඩි කලක් නොගොස් Account  loss විය හැකිය .

No self Control At Trading


 

බොහෝ ආධුනික forex traders ලා හට self control එකක් ඇත්තෙම නැහැ.තමන්ගේ හැගීම් පාලනය කරගන්න දන්නේ නැහැ.profit උනහම අධිතක්සේරුවට පත් වීමද Loss trade එකක් ආවහම තමන් ගැන හීනමානයක් ඇති කරගැනීමද forex trader කෙනෙකුට බෙහෙවින්ම අහිත කර වේ.මේ නිසාවෙන් ඔබ අෂ්ටලෝක ධර්මයට නොසැලී ඉන්න ඕන වෙනවා forex කරනවානම්.

අනික් කරුණ වන්නේ තමන්ට මේ සදහා යෙදවිය හැකි risk capital එකක් නොමැතිව නමුත් මුදලේ අවශ්‍ය තාවය නිසා ණය වෙමින් තමන්ගේ බඩු උකස් කරමින් forex market එකේ සල්ලි ආයෝජනය කරන්න පෙලබෙනවා.එහෙම උනාම ඔබ මේ market එකට පිවිසෙන්නෙම හිසේ මහා බරක් තියාගෙන.ඔබ බොහෝ වැරදි සිදු කිරීමට මේ දේ හේතු කාරණාවක් වෙනවා.මේ පිලිබදව වැඩි දුර විස්තරයක් what is Risk capital යන පාඩම මගින් ඔබට බලාගන්න පුලුවන්.
ඔබට risk capital එකක් නැතිනම් risk capital එකක් හදා ගන්නකම් Demo trade කරන්න.


තමන්ගේ account එකේ තරම ගැන අවබෝධයක් නොමැති කම.

බොහෝ දෙනෙක් තමන්ගේ account එකෙන් risk එකක් නැතිව trade දාන්න පුළුවන් lot size එක ගැන අවබෝධයක් නැහැ ඒ නිසා වැඩි ලොට් size වලින් trade කරනවා.එහෙම trader කෙනෙක් ඉන්නවනම් ඔබ ඒ forex trade නෙමේ කරලා තියෙන්නේ තමන්ගේ වටිනා මුදලෙන් සුදුවක් කෙළලා තියෙන්නේ .
ඒ නිසා තමන්ගේ account එකෙන් කරන්න පුළුවන් දේ ගැන අවබෝධයකින් ඉන්න .$1000ක account එකකින් $10000 account එකකින් යොදන trade යොදන්න යන්න එපා.

තමන්ට ගැලපෙන trading plan එකක් නොමැති කම.

මෙය ප්‍රධානම හේතුවක් වෙනවා ආධුනික forex traders ලා තමන්ගේ මුදල් loss කරගැනීම සදහා. Trading plan එකක් ගැන වැඩි විස්තරwhat is a forex trading plan. post එකෙන් බලන්න පුළුවන්.

Trade එකක් loss වීමේදී එහි වගකීම තමන් භාර නොගැනීම .

බොහෝ දෙනෙක් තමන්ගේ වැරැද්ද පිළිගන්නේ නැහැ.තව කෙනෙකුට ඇගිල්ල දිගු කරනවා.මේ දෙයින් වෙන්නේ මොකක්ද? තමන්ගේ වැරදි තමන්ට පෙන්නේ නැති වෙනවා .ඒ නිසා trade එකක් loss උනොත් තමන් එහි වගකීම බාරගන්න. එයට broker වැරදි වෙන්නේ නැහැ.එයට ඔබගේ computer /lap එකේ වරදක් නෙමේ.ඔබේ Net connection එකේ වරදක් නෙමේ.ඔබ Trade loss කරගන්නවානම් එය ඔබගේ වරදක් .එය ඔබගේ ක්‍රමයේ වරදක් ඒ නිසා තමන්ගේ වැරදි අදුනගන ඒවාට පිළියම් යොදාගන්නවා විනා තව කෙනෙකුට ඇගිල්ල දිගු කරන්න එපා.

එක එක්කනගේ ක්‍රම ඒ ආකාරයෙන්ම අනුගමනය කරන්න යාම .

එක කෙනෙකුට හරියන ක්‍රමයක් තව කෙනෙකුට හරියන්නේ නැති වෙන්න පුළුවන්.මොකද එක එක්කනගේ Trading plan වෙනස්,account balance වෙනස් trade කිරීමට යොදවන කාලය වෙනස්.මේ නිසා තමන්ට ගැලපෙනම ක්‍රමයක් තෝරා ගත යුතු වෙනවා.එම ක්‍රමයේ රැදී සිටිය යුතු වෙනවා .අඩු පාඩු මග හරවගනිමින් , 
නැතිව දිනෙන් දින එක එක විදියට trade කරන්න යන්න එපා.

high economic data වලට tradeකිරීම 

බොහෝ ආධුනිකයින් ලෙල්ලටම ඇන ගන්න තැනක් තමයි high economic data වලට trade කරන්න යන එක.
මොකද ගොඩක් දෙනෙකුට අත්දැකීම් නැහැ NFP reports ,FOMC, release වීමේදී market එක කොයි ආකාරයෙන් වෙනස් වෙනවද කියල.මේ වගේ අවස්ථාවලදී trade නොකර ඉන්න .මොකද මෙවන් අවස්ථා වලදී market ක්ෂණිකව market ඉහල පහල යනවා.එක වැර pip 100ක් පමණ ඉහල ගිහින් එකවර pip 100ක් විතර පහල යන්න වගේ නොහිතන දේවල් වෙන්න පුළුවන්.
මේ වගේ වෙලාවට trade කරන්න යන්න එපා.මේ වගේ වෙලාවල් වලට market එකත් එක්ක සෙල්ලම් දාන්න යන්න එපා.
අමාරුවෙන් දවස් ගානක් හොයාගත්ත දේ විනාඩි ගානකින් නැති කරගන්න ඉඩ වැඩි.


Don't over Trading 

ඔබ forex trade කරන්නද ආවේ නැතිනම් සුදු ගහන්නද ආවේ.?
forex trade කරන්න නේ.එහෙනම් forex Trade කරන්න over Trade කරනවා කියන්නේ සුදුවක් වැඩිකල් පැවැත්මක් නැහැ ක්ෂණිකව ඉවරයි. සුදු ගහල forex කරලා loss උන කියන්න එපා.
over trading කරන කෙනෙකුට අනිවාර්යෙන්ම risk management එකක් නැහැ Trading plan එකක් නැහැ trading discipline නැහැ ඉතින් loss වෙනවා කියන්නේ පුදුමයක් නෙමෙයි.

Risking Too much


සමහරු trade එකක් open කරද්දී කිසිම අදහසක් නැහැ මේ trade එක loss උනොත් ,කියක් loss එකක් දක්වා දරගන්නවද කියල .ඒ කියන්නේ trade කරන්නේ risk management එකක් නැතිව සමහරු account එකේ capital එකෙන් භාගයක්ම එක trade එකකට රිසක් එකක් විදියට ගන්නවා.ඉතින් sorry කියල තමයි කියන්න වෙන්නේ.මොකද වෙන කියන්න දෙයක් නැහැ.එක trade එකකට account balance එකෙන් 2% වඩා risk එකක් ගන්න එපා.
මේ ගැන වැඩි තොරතුරු අපේ risk management ගැන ලියවුන ලිපි වලින් ඔබට දැනගත හැකිය .

යථාර්තයට එහා ගිය සිහින ලුහු බැදීම 

මේ දේ ගොඩක් අය කරන බවක් පෙනෙනවා.$100-$200ක් $500ක් invest කරලා මාස හයෙන් car එකක් ගන්න ඉඩම් ගන්න වගේ ලොකු ලොකු දේවල් ගැන හිතන්නේ.ඉස්සෙලා හිතන්න මේ දේ හරියට ඉගන ගන්න .හැබෑ කරගන්න අපහසු ඉලක්ක පසු පස දුවන්න එපා තමන්ට ලගා කරගන්න පුළුවන් ඉලක්කයක් ගැන හිතන්න.හින තියාගන්න එපා කියනවා නෙමේ. හීනයකට ලංවෙන්න වුවමනා පරිසරයක් නිර්මාණය වෙලා නැතිව එය ලුහුබදින්න එපා.මෙවලම් ටික සකස් උනාම ඒවා පුළුවන්.මෙහෙම ලොකු ලොකු හිනා හබයන්න වුනාම මොකද වෙන්නේ ,කිසිම කතාවක් නැහැ එක්කෝ over Trading එක්කෝ trade එකකට ලොකු රිසක් එකක් ගන්නවා වැඩි lot size use කරනවා.පස්සේ නැගිට ගන්න බැරි වෙන්නම අනාගන්නව .ඒ නිසා achievable Targets තියාගන්න .

සාර්ථක trader කෙනෙකු කියන්නේ වැඩිම මුදලක් අඩුම කාලයකදී හොයන කෙනා නෙමෙයි අනවරතව නොකඩවා දීර්ඝ කාලීනව profit ගන්න කෙනා තමයි සාර්ථක Trader කෙනෙක් කියන්නේ.ඒ සදහා account balance $500ද $1000 ද වැඩක් නැහැ.දීර්ග කාලීනව profit  ස්ථාවර වීමයි වැදගත් වෙන්නේ .

තමන්ගේ account balance ගැන අවබෝධයෙන් ඉන්න පුරුද්දක් කරගන්න risk management ක්‍රම අනුගමනය කිරීම,හැමවිටම trading plan එකකට අනුගත වෙන්න .තමන්ට ගැලපෙන trading method එකක් හුරුවෙන්න එහි දිගටම රැදී සිටිමින් වැරදි අඩු පාඩු හදා ගන්න දවසින් දවස trading strategies  
වෙනස් කරන්න යන්න එපා .අපි price action Trading strategies කිහිපයක් සාමාජික කලාපයේ එක කරලා තයෙනවා ඒ දේවල් හොදින් අධ්‍යනය කරන්නන.ඔබට සාර්ථක forex Trader කෙනෙකු බවට පත් වීමට එය පිටුවහලක් වේවි 
ජය !!

Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls- NFP Sinhala

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.