Sinhala forex news Trading -What is US Gross Domestic Product (GDP)

| |

Sinhala Forex Trading What is US GDP

අපි විසින් Forex sinhala news trading සදහා ලිපිමලාවක් පළ කර ඇත .මේ එහි තෙවන ලිපියයි මෙහිදී අපි බලමු US GDP කියන්නේ කුමක්ද ?සහ එය අපගේ indicator එකක  බවට පත් කරගැනීම තුලින් නිවැරදි trading ideas ලබන්නේ කෙසේද කියලා.
මෙම අතිශය වැදගත් ආර්ථික දත්තයන් පිලිබදව මනා අවබෝධයකින් සිටීම තුලින් ඔබ හට සාර්ථක Forex Trader කෙනෙකු බවට පත් වීමට මනා පිටිවහලක් ලැබෙනවා.
USA Gross domestic product (USA දළ දේශීය නිෂ්පාදනය )

බොහෝ traders ලා investors ලා සහ විවිද භාණ්ඩ සහ සේවා නිෂ්පාදකයින් ඉතාම විමසිලිමත්ව සිටින Trading Indicatorඑක.ක් තමයි මෙම USGDP  Report එක.
මෙම GDP Report ඒකෙන අර්ථ දැක්වෙන්නේ කුමක්ද?
මෙහි සරල අර්ථ විග්‍රහය වන්නේ ,
යම් කිසි රටක් විසින් නිශ්චිත කාලයක් තුලදී  නිපදවන ලබන භාණ්ඩ සේවා වල සම්පුර්ණ වෙළදපොල වටිනාකම අදාල රටෙහි අදාල කාලය තුලදී GDP අගය ලෙස හදුන්වයි .
මෙහිදී අපට පහත සමීකරණය ඇසුරින් තවදුරටත් ඔබට අවබෝධ කරගත හැකි වේ.

  GDP = C + I + G + (EX – IM)
C = private consumption
I = private investment
G = government expenditure
EX = exports of goods and services
IM = imports of goods and services
private consumption : ලෙස ගැනෙනේ ගෘහ ඒකක විසින් අවසන් පරිභෝජන වියදම් වේ .මේ යටතට ගැනෙන්නේ ,අහාර පාන ,ඇදුම් පැළදුම් ,ඉන්ධන සහ වෙනත් පෞද්ගලික වියදම් අයත් වේ 
private investment: නව වියාපාර ශාකා  ,උපකරණ ,පිළිබඳව ව්යාපාරික වියදම්, මෙන්ම දේපළ ගෘහ ආයෝජන  මේ යටතට ගැනේ.
Government expenditure:මේ යටතට රාජ්‍ය ආරක්ෂක ආයෝජන රාජ්‍ය සේවක වැටුප් සහ විවිධසමාජ සුබසාධන වියදම් ඇතුලත් වේ.

(EX – IM) : මෙහිදී ගණනය වන්නේ මුළු අපනයන අදයමයි. මුළු අපනයන අදායමෙන් මුළු ආනයන වියදම අඩු කිරීමෙන් මුළු අපනයන අදායම ගණනය කරයි,මෙහිදී මුළු අපනයන අදායම ආනයන වියදම් වලට වඩා වැඩි අගයක් පෙන්නුම් කරනවානම් එය ආර්ථික ශක්තිමත් බවයේ දර්ශකයකි .

USA GDP අගය අපිට වැදගත් ඇයි 

ඇමරිකාව යනු දැනට ලොව පවතින ධනවත්ම රටයි.ඒ වගේම බලවත්ම රටද වෙනවා.ඇමරිකාව යනු තනි රටක් වශයෙන් වැඩිම GDP අගයක් ඇති රටයි.

2014  වර්ෂයේ USA GDP අගයබිලියන 17419 අගයක් වේ.
මුළු ලෝකයේම මුළු GDP අගය සලකු විටදී ඇමරිකාවේ පමණක් GDP අගය ප්‍රතිශතයක් ලෙස 28.1% අගයක් වේ. එනම් මුළුලොවම පවතින භාණ්ඩ සහ සේවා වල වටිනාකමින් 1/4 වැඩි ප්‍රතිශතයක හිමිකාරිත්වය දරන්නේ ඇමරිකාව විසිනි.
ඇමරිකාවේ GDP අගයේ සාමාන්‍ය අගය Average value 1960 සිට 2014 දක්වා ඇමරිකානු ඩොලර් බිලියන 6353..6ක අගයකි.
1960 සිට 2014 දක්වා කාලය තුලදී වැඩිම GDP අගය වාර්ථා කර ඇත්තේ 2014 වර්ෂයේදීය එය  ඩොලර් බිලියන 17419 කි.
එසේම ඇමරිකාව විසින් මේ දක්වා කාලය තුළ වාර්තා කර ඇති අවම GDP අගය වන්නේ 543.3 ක අගයකි එය 1960 වර්ෂයේදී වාර්ථා කරන ලදී .
අපේ රටේ GDP අගය 2014 වර්ෂයේදී ඩොලර් බිලියන 74.94 කි.
 ලෝකයේ පිළිවෙලින් වැඩිම GDP අගයන් දක්වන රටවල් දහය වන්නේ 2014 වාර්තා වලට අනුව පහත සදහන් රටවල් වේ.


එසේම අපිට මේ GDP අගය තව තව විදි වලින් අර්ථ දක්වන්න පුළුවන් ඒ ඇසුරින්ද අපිට යම් නිගමනයන් වලට  එළබීමට හැකිය 

GDP Per Capita 

මෙහිදී සිදුවන්නේ මුළු GDP අගය මුළු ජනගහනයෙන් බෙදීමෙන් GDP per capital අගය ලබාගනී .
මෙම GDP per capita අගය මගින් අපිට ලබාගත හැකි අදහස වන්නේ දළ දේශීය නිෂ්පාදනයෙන් කොපමණ ප්‍රතිශතයක් එක පුදගලයකු වෙත හිමි වෙනවද කියන අදහස  මෙහිදී ලබාගත හැකිය.
ලොව උසස් ජිවන තත්වයන් පවතින රටවල් වල ඉහල GDP per capita අගය ඉහල අගයක් ගනී,
2014 වර්ෂයේදී වැඩිම අගයන වාර්ථා කරන ලද රටවල් පහත පරිදිය.

ඔබට මෙහිදී පෙනියනවා ලොව වැඩිම GDP අගය පවතින රට ඇමරිකාව වුවද GDP per capital අගය අනුව ඇමරිකාවට 2014 වර්ෂයේදී හිමිවී ඇත්තේ ලොව 12 වැනි ස්ථානයි.
මෙයට හේතුව ඇමරිකාව තුල වැඩි ජනතාවක් වාසය කිරීමයි.
මේ GDP දර්ශකය බලල අපිට උසස් ජිවන තත්වයක් හිමි රටවල් ගැන අවබෝදයක් ලබාගත හැකිය.
දැන් ඔබට ලොකු දැනුමක් ලැබුනා මේ gdp අගය ගැන.එම දැනුම තව තව වර්ධනය කරගැනීම ඔබට බාරයි 
සාමාන්යෙන් සැම මසකම Gross Domestic Product Annualized අගය මාසිකව ගණනය කිරිමකටද ලක් කරයි.
එම අගයන් නිකුත් දිනයන් සහ ඊට අදාල දත්තයන් අපිට economic calendar බාවිතා කරමින් අපිට ලබාගැනීමට හැකිවේ.
මෙම මාසිකව නිකුත් කරන අගය පෙර මාසයට වඩා වැඩිනම් එය ආර්ථිකයේ යම් වර්ධනයක් පෙන්නුම් කරයි.එසේම පෙර මසට වඩා වැඩි උනද පෙර වසරේ එම මාසයට අදාල GDP අගයට වඩාත් වැඩිනම් එය එම පසුගිය වසරටත් වඩා වැඩි වර්ධනයක් නිසා එය USD ශක්තිමත් වීමට බලපානු ලබයි.

GDP Growth rate

ඇමරිකාවේ  GDP Growth rate 1947 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා සාමාන්‍ය අගය ලෙස 3.26% අගයක් වාර්ථා කරනු ලබයි.
එසේම වැඩිම GDP Growth rate වාර්ථා කරනු ලැබුයේ 1950 දිය .එය 16.9% අගයකි .
එසේම වාර්තා කරනු ලැබූ අවම අගය වන්නේ -10% කි එය 1958 වර්ෂයේදී වාර්තා කරනු ලැබිය 
මෙය කාර්තුවෙන් කාර්තුවට ගණනය කරනු ලබයි එය පෙර කාර්තුවට වඩා වැඩි අගයක් වර්තා කරයිනම් එය USD අගය වැඩිවීමට demand වැඩි වීමට හේතුවකි.
එසේම පෙර කාර්තුවට වඩා අඩු අගයක් වාර්ථා කරයිනම් එය usd දුර්වල වීමට බලපායි.
එසේම පෙර කාර්තුවේ අගයම මෙම කාර්තුවේත් වාර්ථා කරයිනම් අපි බලන්න ඕන වෙනවා ,පෙර අව්රුද්දෙ අදාල මාසයේදී අදාල කාර්තුවේදී GDP Growth Rate එක කොපමණද කියලා එම අගය පෙර වසරට වඩා වැඩිනම් එය ආර්ථික වර්ධනයක් සේ සළකනු ලබයි ..
එසේම finalized Annual GDP Growth rate එක සහ Finalized GDP අගය පෙර වසරට වඩා වැඩිනම් එය USD Demand වැඩි වීමට හේතුවකි.එසේම finalized Annual GDP Growth rate එක සහ Finalized GDP අගය පෙර වසරට වඩා අඩුනම් එය ආර්ථිකයේ දුර්වල වීමක්ද පෙන්නුම් කරයි.එය USD Demand අඩු වීමටද USD අගය දුර්වල වීමටද බලපායි.

ජය.

Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls- NFP Sinhala

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.