Sinhala forex what is your Risk Capital

| |

What is  Your Risk Capital ?


දිනෙන් දිනම Forex trading ජනප්‍රිය වීමත් සමග බොහෝ දෙනා Forex කරන්න පෙලබෙනවා.මෙසේ Forex වලට එන අය විවිධ අධ්‍යාපන මට්ටම් ,විවිධ රැකියා කරන,සහ විවිධ ආර්ථික ස්ථරයන්ගේ සිටින අය ඉන්නවා.මේ අයට Forex සදහා යෙදිය හැකි මුදලත් විවිධයි.  අපි බලමු ඔබට කොපමණ මුදලක් Forex සදහා යෙදවීම සුදුසුද කියල 

දැන් අපි බලමු Risk Capital  ලෙස අදහස් කරන්නේ කුමක්ද කියලා 


මෙයින් අදහස් වෙන්නේ ඔබගේ එදිනෙදා ජිවිතයට හානියක් නොවී ,ඔබගේ ආර්ථික සමාජීය සහ පවුල් පසුබිමට හානියක් නොමැතිව ඔබගේ අතින් වියදම් කිරීමට,High Risk High Reward Investment එකකට යෙදිය හැකි මුදලයි  හැකි මුදලයි.නොඑසේනම් ඔබ අතින් කිසියම් මුදලක් නැති උනත් ,එම පාඩුව ඔබට හානියක් නොමැතිව දරා ගැනීමට පුළුවන් ඔබ අත ඇති අතිරික්ත මුදලයි.

තව ටිකක් අපි මේ ගැන පැහැදිලි කරගන්නවානම් සමහර ඔබ Forex Trading සදහා  යොදවන මුදල ඔබගේ ගෙවල් කුලී ගෙවන්න තියෙන මුදල,ඔබගේ ලිසිං වාරිකය ගෙවීමට ඇති මුදල,ඔබ අධ්‍යාපනය ලබන ආයතනයට ගෙවීමට ඇති මුදල හෝ ඔබගේ බෙහෙත්,විදුලි ,අහාර පාන වලට හෝ දුදරුවන්ගේ වැඩ කටයුතු සදහා යෙදවීමට අවශ්ය මුදලෙන් කිසිම විටක ඔබ forex කරන්න හිතන්නවත් එපා.
 ඔබගේ නිවස ගේ දොර යාන  වාහන හෝ රත්රන් බඩු උකස් කර ලබාගන්න මුදලින් forex කිරිමට පෙලබෙන්න එපා.එසේ කරනවානම් ඒ තරම් මෝඩ වැඩක් තවත් නැහැ.ඒ නිසා එවැනි අනුවන කම් කරන්න එපා.
  එමෙන්ම ඔබ සතු දේවල් විකුණමින් හෝ උකස් කරමින් ලබාගන්න මුදල් වලින් කිසිම විටක forex කරන්න හිතන්නවත් එපා.



හිතන්න ඔබගේ වාහන ලිසිං වාරික ගෙවන්න තියෙන මුදලෙන් ඔබ forex කරන්න පටන් ගන්නවා.ඔබ දැන් මේ market එකට ඇතුලත් වෙන්නේ හිතේ ලොකු පීඩනයක් සමග.මොකද ලොස්ස් උනොත් ඔබට වාහන ලිසින් මුදලත් ගෙවාගන්න බැරිව අන්තිමට වාහනයත් නැතිවෙන්න පුළුවන්, එහෙම Forex කරනකොට ඔබට පෙනෙන්නේ නැතිව යනවා ඔබ trade යෙදිය යුතු අවස්ථාවන් නොදිය යුතු අවස්ථාවන් ,

Trade කරනවද විදවනවද ?


එසේම trade එකක් open කරපු මොහොතේ පටන්ම ඔබ ඉන්නේ මහත් පිඩනයකින්.ඔබට කන්න බොන්න වෙලාවක් නැතිව ගම්ගලා අලවපු කොහොල්ල බබෙක් වගේ පුටුවකට ඇලිල screen එක දිහා බලන් ඉන්න වෙන්නේ.එහෙම වෙලා trade loss වීගෙන යනවනම් ඔබගේ හිත අතිශය නොසන්සුන් වෙන්න පුළුවන්.

තමන් කරන්නේ මොනවාද කියලවත් තමන්ට නොහගෙන්න පුළුවන්.එසේ අන්තිමට ඔබ ස්නායු අබදිතයෙකු හෝ මානසික පිඩනයට ලක්වුවෙකු හෝ,අවාසනාවන්ත ලෙස Hart attack එකකට උවද ගොදුරු විය හැකිය. 
ඒ නිසාවෙන් කිසිම විටකවත් තමන්ට අත්‍යවශය මුදල forex සදහා යොදවන්න එපා කියල ඔබට තරයේම අවවාද කරනවා.

ඔබට ඔබගේ risk capital එක හැදෙන තුරු කිසි ප්‍රශ්නයක් නැතිව demo account එකක් මගින් පුහුණු වෙන්න පුළුවන්.පසුව ඔබට මේ දේ කරලා සාර්ථක වීමට හැකි බව දැනුනොත් පමණක් ඔබ real forex account එකකින් trade කිරීම ආරම්භ කරන්න .


ඔබට මෙම පාඩම් වැදගත් වුනානම් ඔබගේ යහළුවන්ට පෙනෙන social medias වල share කරන්න එයින් forex Trading පිළිබද ක්‍රමානුකුල දැනුමක් නොමැතිව trade කරලා අසරණ වෙන එක්කෙනෙක් හෝ  සාර්ථක trader කෙනෙකු වෙයි.

Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls- NFP Sinhala

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.