Sinhala Forex Simple Risk management Steps.

Sinhala Forex Few Simple Risk management Steps

මෙම පොස්ට් එකෙන් විස්තර වන්නේ කොහොමද සරල පියවර කිහිපයකින් මුලිකව Risk management කරගන්නේ කියල.මේ එහි එක පියවරක් පමණයි.සමපුර්ණ money management කිරීම සහ risk management පිලිබදව අපගේ සාමාජික කලාපයේදී විස්තර කරලා තියෙනවා ඔබ Real forex Trade කරන්න හිතන කෙනෙක්නම් එම දැනුම අනිවාර්යෙන්ම අවශ්‍යය වෙනවා.


ඔබට දැන් MT 4 Software එක ගොඩක් දුරට හුරුවෙලා ඇති.ඔබ දැන් Forex Trading වල සරල කොටස් ඉගෙනගෙන තියනවා.නමුත් තවත් ගොඩක් දෙවල් ඔබට ඉගන ගන්න තියනවා.මුලින්ම අපි කිවා ඔබට මේ සදහා කැපවිමක් තියෙන්න ඔනි කියලා.ඔබට මේ සදහා කැපවෙන්න බෑකියලා හිතෙනවනම් ඔබ දැන්ම මෙය අත්හැරලා දාන්න. මොකද වටින් ගොඩින් ඉගනගෙන මෙය කරන්න බෑ.

Forex Trading සදහා කොපමන මුදලක් ආයෝජනය කිරිම වඩා සුදුසුද,


ඔබට Risk capital එකක් නැතිනම් ඔබ Risk  capital එකක් හැදෙන තුරු Demo trade කරන්න දැනුම වර්ධනය කරගන්න.

හරි අපි දැන් හිතමු   EUR /USD අගය 1.3000යි කියලා. දැන් බලමු 0.01  Volume එකෙන් ගනුදෙනුවක් ආරම්භකිරිමට අපිට කොපමණමුදලක් වැය වෙනවද කියලා.

1.3000*100,000=130,000USD  ( Lot එකක මිල කල  Leverage  කිරීමට පෙර)
Leverage කළ විට (1:200)
130,000 / 200 = 650 USD   ( Lot එකක මිල කල  Leverage  පසු)
අපි Lot එකකින සීයෙන් පන්ගුවක්( 0.01) ගන්න නිසා ඒ සදහා වැය වන මිළ(මෙම මුදලOrder එක Close කලපසු නැවත ඔබගේAccount Balance එකට එකතුවීම සිදු වේ.)
650/100=6.5USD .

හොදයි දැන් අපි ආයෝජනය කළ මුදල $300  නම් අපි BUY හෝ Sell Order එක යෙදු විට අපගේ ACCOUNT එකෙහි තව කොපමණ මුදලක් ඉතිරි වෙනවද
300-6.5 = $293.5
අපිට $293.5ක මුදලක් ඉතිරි වෙනවා(.Free Margin)

ඔබ දැන් Demo Account එක මගින් පුහුණු විම් කරනකොට ඔබ දකිනවා ඔබට හමු වන අවමVolume එක 0.1  නමුත් අපිReal Account මගින් ගනුදෙනු කරනකොට මෙම අගය 0.01 දක්වා අඩු වෙනවා.

දැන ඔබ Demo Account එකෙහි 0.1Volume එකෙන් Trade එකක් යොදන්න.  බලන්න වෙනස් වන PIP  එකකට Profit එක කොපමණ වෙනස් වෙනවඩ කියලා.

එක් PIP එකකට$1 වෙනස් වෙනවා කියලා ඔබට දැන් පෙනෙනවා.
නමුත් අපි Real Accountවලින් ගනුදෙනු කරනවිට අවම  Volume  එක 0.01 නිසා එක් PIP එකකට වෙනස් වන මුදල වන්නේ $ 0.1 වැනි අගයක්.

දැන් ඔබ පුහුණු විම් කරන විට ඔබ දකිනවා සමහර වෙලාවන් වලට  එක මොහොතකින් PIP 100ක් පමණ වෙනස් වන අවස්තාවන්.

මෙසේ ඉතා ඉක්මනින්  Market වෙනස් වන අවස්තාවන් ගැන ඔබට අවබොධයක් ගන්න Forex News , ECONOMIC CALENDAR ගැන අවධාන්යෙන් ඉන්න ඔනි වෙනවා.

දැන් බලන්න අපිට  0.01 එකෙන් ගනුදෙනුවක් ආරම්භ කරන්න $6.5ක් වැය උනා.මෙය වැය වීමක් නොවේ අවශ්‍ය වීමක් වේ .(Trade close කිරීමෙන් අනතුරුව මෙම මුදල නැවත account balance එකට එකතු වේ.)
අපිට දැන්Account  එකෙහි $293.5ක මුදලක් Account balance එක ලෙස පෙන්වනවා . දැන් අපේ එක TRADE යොදලා තියෙන්නේ 0.01 යන Volume අගයෙන් නිසා එක්  PIP එකක වෙනස් විමක් වන විට  $0.1 අගයකින්  අපේ Profit /Marginඑක වෙනස් වෙනවා.


ආරක්ෂාකාරිව ගනුදෙනු යොදමු

දැන් ඔබ යොදපු Trade එක   BUY ORDER එකක් කියලා හිතන්න . අපි BUY ORDER එක යෙදුවේ 1.3000 කියන අගයෙන් කියලා හිතමු.නමුත් දැන් Market එක පහලයන්න  පටන් ගන්නවා.

දැන් Market එක පහලයන්න  නිසා අපේ Margin/Free Margin එක අඩු වෙන්න පටන් ගන්නවා එනම්, පහලයන්න හැම PIP එකකටම අපේ Margin/Free Margin එක $ 0.1 අගයකින් අඩු වෙනවා.
දැන් අපි යොදවපු මුදල තුල PIP කියක් තියනවද කියලා බලමු.

293.5 බෙදිම 0.1= 2935
අපිට PIP 2935ක් යනකම්  Market එකේ ‍රැදි සිටින්න පුලුවන්.

නමුත් සමහර අය තණ්හාව සහ නොදැනුවත් කම නිසා $300ක් ආයෝජනය කරලා 0.05 Lot size වලින් trade කරනවා එහෙම අය ඉතාම ඉක්මනින් lossවෙනවා.

හේතුව බලන්න , 0.05 volume එකෙන් buy or Sell trade 1ක් යෙදුවා කියල හිතන්න.
( pip 1 ) එකකට = වෙනස $0.5
වෙනස් වන එක පිප් එකකට වෙනස් වන මුදල $ 0.5
එවිට pip 200=$ 100 වේ.
එනම් පිප් 200ක් loss පැත්තට market එක ගමන් කලොත්,
$100ක් ක්ෂණිකවම lose වෙනවා .

එනම් අපේ account එකෙන් 33.3 % ප්‍රතිශතයක් එකම එක trade එකකින් lose වෙලා ඉවරයි.
 පේනවා නේද ඔබට Risk management system එකක් නැතිනම් සහ trading plan එකක් නැතිනම් වෙන විනාශය.
මේ වගේ trade 3ක් lose උනොත් මුළු මුදලම ඉවරයි,  එකම එක trade 3නකින්.
ඔබට එතකොට Forex කියන්නේ මහා නරකාදියක් කියල තමයි හිතෙන්නේ එහෙම හිතෙන එකේ අරුමයක් නැහැ මේ විදියට Trade කලොත් .

දැන් අපි බලමු $300ක මුදලක් ආයෝජනය කරපු කෙනෙක් 
හොද Risk management ක්‍රම අනුගමනය කරමින් හොද trading plan අනුගමනය කරමින් Trading discipline අනුගමනය කරමින් Trade  කරනවා කියල ,

ඔහු තමන්ගේ account එකෙක්න් 2%ක් පමණයි එක Trade එකකට risk එක විදියට ගන්නේ
එතකොට අපි හිතමු ඔහු ඉස්සෙල්ලම යොදපු Trade 15වම එක පෙලට lose වෙනවා කියලා ඔහුගේ balance එක අඩු වන ආකාරය පහත ආකාරයෙන් වේ.
$ 300 ආරම්භක මුදල
$ 294  (1) වැනි Trade එක lose වීමෙන් අනතුරුව ඉතිරි වූ මුදල .
$ 288.12 (2) වැනි Trade එක lose වීමෙන් අනතුරුව ඉතිරි වූ මුදල .
$ 282.35 (3) වැනි Trade එක lose වීමෙන් අනතුරුව ඉතිරි වූ මුදල .
$ 276.70 (4)වැනි Trade එක lose වීමෙන් අනතුරුව ඉතිරි වූ මුදල .
$ 271.16 (5)වැනි Trade එක lose වීමෙන් අනතුරුව ඉතිරි වූ මුදල .
$ 265.736 (6)වැනි Trade එක lose වීමෙන් අනතුරුව ඉතිරි වූ මුදල .
$ 260.41 (7)වැනි Trade එක lose වීමෙන් අනතුරුව ඉතිරි වූ මුදල .
$ 255.20 (8)වැනි Trade එක lose වීමෙන් අනතුරුව ඉතිරි වූ මුදල .
$ 250.096 (9)වැනි Trade එක lose වීමෙන් අනතුරුව ඉතිරි වූ මුදල .
$ 245.00 (10)වැනි Trade එක lose වීමෙන් අනතුරුව ඉතිරි වූ මුදල .
$ 240.1 (11)වැනි Trade එක lose වීමෙන් අනතුරුව ඉතිරි වූ මුදල .
$ 235.2 (12)වැනි Trade එක lose වීමෙන් අනතුරුව ඉතිරි වූ මුදල .
$ 230.496 (13)වැනි Trade එක lose වීමෙන් අනතුරුව ඉතිරි වූ මුදල .
$ 225.886 (14)වැනි Trade එක lose වීමෙන් අනතුරුව ඉතිරි වූ මුදල .
$ 221.36 (15)වැනි Trade එක lose වීමෙන් අනතුරුව ඉතිරි වූ මුදල .

 Trade 15 ක් එක දිගට loss උනත් ඔහුට අහිමි වෙලා තියෙන මුදල වන්නේ
$ 300- $221.36 = $78.64
අනිත් කෙනාට එක trade එකෙන් $100ක් lose වෙලා ඉවරයි.
ඔබම තීරණය කරන්න ඔබ දුක්මහන්සියෙන් හරි හම්බ කරගත්ත මුදල වර්ධනය කරගන්නවද විනාශ කරගන්නවද කියලා .
ඔහු එක දිගට Trade 15ක් loss උනත් ඔහුගේ account balance එකෙන් ආසන්න  75% ක ප්‍රතිශතයක් තාමත් ඔහු සතුව ඉතුරු වෙනවා. ඉතින් ඔහුට පහසුවෙන් ඔහුගේ account එක තිබු තත්වයට පත් කරගැනීමට ලොකු ඉඩකඩක් පවතින බව ඔබට පෙනෙනවා.

ඔබට පෙනෙනවා වැඩි risk එකක් අරන් වැඩි lot size වලින් trade කරන කෙනා ඉක්මනින්ම සම්පුර්ණයෙන්ම lose වෙලා යනවා.ඔහු forex trader කෙනෙකු නෙමේ.ඔහු කෙලින්ම forex කියලා සුදු ගහපු සුදු අන්තුවෙක් විතරයි.
forex trader කෙනෙක් කියන්නේ හරිම smart කෙනෙක් ඒ නිසා ඒ ගති ඔබත් මුල ඉදන්ම පුරුදු වෙන්න ඕන නැතිනම් හොදම වැඩේ ගිහින් casino ගහන එක.
.
ටිකක් හෙමින් සාර්ථක ගමනක් අපි යමු.


 දැන ඔබ දන්නවා $300 වගේ මුදලක් මගින් කිසිම අවදානමක් නොමැතිව ගනුදෙනු යොදන්න පුලුවන් 0.01 කියන Volume අගයෙන් කියලා.එක් TRADE  එකක්  Close කිරිමෙන් පසු තවත් Trade එකක් දැමිය යුතුයි
බලන්න ඔබ ට 0.01 Volume මගින් ගනුදෙනු යෙදිමෙන්  ඔබට PIP 10 ක වෙනස් විමකින් $1ක ලාභයක් ලබන්න පුලුවන්.
 මෙහි අවධානම ඔබට වැටහෙන තරමට ඔබ සාර්ථක වෙනවා.
තවද ඔබ Forex trading Risk management පිලිබදව පුළුල් දැනුමක් අනිවාර්යෙන්ම ලබාගත යුතු වෙනවා.එම ලිපි වෙන්වී ඇත්තේ forex trading කරලා සාර්ථක වීමට උත්සහ දරන අයට සබැ කැපවීමකින් කටයුතු කරන ඔබට පමණයි .සාමාජිකත්වය ලබාගන්න මෙතනින් යන්න 

 ඔබ ඉතාම හොදින් මෙම පාඩම් අධයනය කරමින් මෙය කරගෙන යනවනම් ඔබට ඉතාම පහසුවෙන් ඔබගේ මුදල,ලාභය වැඩි කර ගත හැකිය.

ඉතාම වැදගත්.

ඔබ යොදන Trade එක  Stop Lossඅගය ගාවට ඇවිත් Close උනා කියලා හිතන්න කිසිම විටකStop Loss  අගය යොදපු තැනින් තවත් පහළට හෝ ඉහළට ( BUY OR SELL ORDER අනුව) ගන්න යන්න එපා. Stop Loss
 අගය නිවැරදිව යොදන ආකරය  ඔබට ඉදිරියට ඉගන ගත හැකිය.හැකි සෑම විටම Stop Loss  අගය භාවිතා කරන්න. එමෙන්ම එය යෙදිය යුතු වන තැන් හරියටම හදුනා ගන්න

Stop lossඅගය යොදන්න අවශ්‍ය  තැන හරියට හදුනා ගන්න.දාන්නන් වාලේ Stop Loss,Take Profit අගයන් යොදන්න එපා.නිවැරදිව Stop Loss අගය භාවිතා කරන ආකාරය මෙතනින් බලන්න.

ඔබ යෙදු  Trade 3ක් පමණ එක දිනකට පාඩු උනා කියලා හිතන්න. ඔබ කිසිම විටක එම පාඩුව මග හරවාගන්න කියලා තවත් Trade දාන්න යන්න එපා.don't over trading 
 ඔබ වහාම Trade කිරිම නවතන්න. ඔබ  දවසක් දෙකක් මෙයින් ඈත් වෙලා ඉන්න.මොකද ඔබ හිත කලබලෙන් Trade කරන්න ගිහින් ඔබට තවත් පඩු වෙයි.

 ඔබ උන පාඩු කිසිවක් ගනන් ගන්න එපා.එම පාඩු එක් Trade  එකකින් coverකරගන්න ඔබට පුලුවන් වෙන අවස්ථා ඕන තරම් ඔබට එනවා.එසේම ඔබ FOREX තියන අන්තිම දවස අද කියලා හිතන්Trade කරන්න යන්න එපා.

ලාභ ලබපු trade එකකින් අනිවාර්යෙන අවසානයේදීත් ලාභ සහිත trade එකක් වශයෙන් close කරගමු  .

දැන් ඔබ  EUR/USD Buy Order එකක් 1.3000 කියන අගයෙන් යෙදුවා කියලා හිතන්න .
ඔබ  Stop Loss අගය සකසනවා  PIP 50ක් පහලින් ඒ කියන්නේ  ඔබ1.2950කියන අගයෙන්   Stop Loss අගය සකසනවා.මෙසේ stop lose අගය සැකසීමෙන් වෙන්නේ  ඔබ trade එක යෙදු පසු market එක අපට අලාභ ඇතිවෙන පැත්තට ගිහින් 1.2950 කියන අගයටත් වඩා අඩු අගයකට යන තත්වයක්නම් Trade එක 1.2950 කියන අගයට market එක පැමිණුනාම ඉබේම close වෙනවා අපි 1.2950 කියන අගයෙන් අපේ stop loss අගය සකසා තිබ්බම.එනම් අපිට විය හැකි අලාබය සිමා කිරීමක් මෙහිදී සිදු වෙනවා
.
අපි Take Profit  අගය යොදනවා 1.3040 කියන අගයෙන්.
මෙම අගයට Market එක අවම අපිට $4  ක ලාභයක් ලැබෙන අතර එක ස්වයන්ක්‍රියව Close වේ.

දැන් ඔබ Buy order   එක මේ ආකාරයට යෙදිමෙන් පසු Market එක ඉහළ යනවා. දැන් ඔබට ලාභ ලැබෙනවා.  එනම් අපිට Trade එකෙන් profit වෙන්න පටන්ගන්නවා . දැන් market එක 1.3025ට ලගා වුනා කියල හිතන්න .දැන් අපිට trade එකෙන් දැනටම $2.5ක profit එකක් ලැබිලයි තියෙන්නේ.
 දැන් එක පාරටම මර්කෙට් එක අයෙත් බැස්සොත් වෙන්නේ අපිට මේ ලැබුන profit එකකත් නැතිව stop loss අගයටම ගිහිල්ලා $5ක් විතර නැතිවෙන්න පුළුවන්නේ එකට අපි කරන්නේ trade එක profit උනාම අපි trade එකේ අපි සකසපු ස්ටොප් loss අගය Profit පැත්තට අරගෙන එනවා . ඒ කියන්නේ අපි ඉස්සෙල්ලම stop lose එක දාලා තිබ්බේ 1.2950 කියන අගයෙනේ දැන් එම අගය එනම් දැන් අපේ අලුත් stop loss අගය 1.3010ට වෙනස් කරනවා.
දැන් හිතන්න 1.3025 තිබ්බ market එක එක පාරටම පහල එනවා පහල ඇවිල්ල අගය 1.3010ට අපු ගමන් අපි යොදපු trade එක ඉබේම close වෙලා අපිට $1 ක ලබයක්ද ලැබෙනවා.ඇයි දැන් අපි Stop loss අගය profit පැත්තට ගත්තනේ .ඒ නිසා එම trade එක ගැන අපිට කිසිම බයක් වෙන්න ඕන නැහැ.අනිවාර්යෙන්ම ඒ trade එක ප්රෝෆිට්.
තවත් පැහැදිලි කරගන්න පහත රුප සටහන බලන්න .


මේ වගේ සරල ක්‍රම ඔබ හොදින් හුරුවෙන්න මේ ක්‍රම ඔබට වැදගත් වෙනවා වැඩි winning Trade ප්‍රතිශතයකට හිමිකම් කීමටත් දීර්ඝ කාලීනව profit ලැබීමටත් .

අපිමෙම පාඩමෙන් සරල කරුණු කිහිපයක් අපි කතා කළා .


Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls- NFP Sinhala

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.