How to Make Money Trading Forex-Sumuforex.com sinhala forex



Forex වලින් ලාභ ලබන ආකාරය සරළව පැහැදිලිව ඉගනගනිමු  .

අපි දැන් දන්නවා  pip, Currency pair,ලෙස හදුන්වන්නනේ මොනවද කියලා.
අමතකනම්  නැවත බලන්න.



ඔබ කොටස් වෙළද පොළගැන අහලා තියනවා,එහිදි අපි ලාභයක්  ගැනිමට යම් කිසි කොටස් ප්‍රමාණයක් මිළට ගත යුතුයි.
ලාභයක් ලබා ගන්න නම එම ගත් කොටස් වල මිළ ඉහල යනකන් අපි බලාගෙන ඉන්න ඕනි.එය ලොකු කාලයක් වෙන්න පුලුවන්
නමුත් Forex වලදි
මිළ ඉහළ ගියත් පහළ ගියත් අපිට කිසිම ප්‍රශ්නයක් නැතිව ලාභ ලබා ගන්න පුලුවන්.
පෙරුම් පුරාගෙන බලාගෙන ඉන්න ඔනි නෑ ලාභ ලබන්න මොහොතකින් ඔබට මදි නොකියන තරමේ ලාභ සැනෙකින් ගන්න පුලුවන්. ඉතින් එයම කොතරම් වටිනවද.
හිතන්න පොඩ්ඩක් ඔබ ඔබ යම් කිසි භාණ්ඩ  හෝ සේවා අලෙවි කරුවෙක් කියලා. ඔබගේ වි‍්‍යාපාරය කරගෙන යන්න මොන තරම් දෙවල් සම්පූර්ණ වෙන්න ඔනිද,
නමුත් Forex වලදි මේ කිසි දෙයක් නැත.
පැය 24 පුරා ක්‍රියාත්මක වීම.
ම්ළ ඉහළ ගියත් පහළ ගියත් ලාභ ලබාගත හැකි විම
පැය 24 පුරා ක්‍රියාත්මක වන ඉහළ පාරිභෝගික සේවය.
ඉතා කෙටි කාලයක් තුලදි ඉහළ ලාභ ලබා ගත හැකි විම.
ඔබගේ අදායම මත බදු  හෝ වෙනත් ගාස්තු  අය නොවීම.
ඉතා සුළු ආයෝජනයකින් විශාල ලාභ ලබා ගත හැකි විම.

අපි දැන් බලමු  වලින් මිළ ඉහළ ගියත් පහළ ගියත් ළාභ ලබන ආකාරය.
 දැන් බලමු අපි  Forex වලදී හමු වන Ask Price  සහ Bid Price යනු කුමක්ද කියලා.
How to Make Money Trading Forex
Bid Price Ask Price.

Bid Price ලෙස හදුන්වන්නේ trade එකක් open කරන මොහොතේ ගැනුම් මිළයි.
Ask Price ලෙස හදුන්වන්නේtrade එකක් open කරන මොහොතේ  විකුණුම් මිළයි.
මෙම මිළ ගනන් අතර සුළු වෙනසක් පවති.
එය Spread ලෙස හදුන්වයි. සාමාන්යයෙන්  Bid Price  අගයට වඩා අගය Ask Price වැඩි වේ.

මුදල් කාණ්ඩයක අගය ඉහළ යාමෙන් ලාභ ලබා ගැනිම.
දැන්  අපි බලමු ,මුදල් කාණ්ඩයක මිළ ඉහළ ගිය විට අපිට කොහොමද ලාභ ලැබෙන්නේ කියලා.
දැන් අපගේ උදාහරණය ලෙස ඉඩමක් ගනිමු.
අපි පසුව විකුණන්න හිතා ගෙන පර්ච් 10 ඉඩමක් මිළට ගත්තා කියලා හිතමු.
එහි මිළ ලක්ෂ 20ක් වෙනවා. අපි තව මස 5ක් ගත වු පසු එම ඉඩම විකුණන්න තිරණය කරනවා.
අපි එය ලක්ෂ 25 මුදලකට අලෙවි කරනවා.දැන් අපිට ලක්ෂ 5 ලාභයක් ඇවිත් තියනවා.
ඕනෑම භාන්ඩ හෝ සේවාවක් අලෙවි කර ලාභ ලබා ගන්න සරළ සිද්ධාන්තය මෙයයි.
දැන් අපි මෙයForex වලට ආදේශ කර ගනිමු.

බලන්න මෙම පහත  සටහන දිහා.
EUR/USD Bullish Trend.sumuforex.com
මෙය EUR/USD යන මුදල් කාණ්ඩය සදහා වන  ප්‍රස්තාරික සටහනකින් උපුටා ගත් කොටසකි.
මෙහිදි EUR/USD  අගය ක්‍රමයෙන් වර්ධනයක් පෙන්නුම් කරනු ලබයි.

මෙවන් අවස්ථාවක් අපි හදුන්වන්නේ Bullish Trend එකක් ලෙසයි.

අපි බලමු මෙහම Bull Trend එකක් ඇති විමට හේතුව කුමක්ද කියලා.
විවිධ ආර්ථික සමාජමය,යුධමය,දේශපාලන හේතුන් නිසා සෑම මුදල් ඒකකයකකම ශක්තිමත් බාවය අඩු වැඩි වීම් වලට ලක් විම සිදු වේ.
මෙම කරුණු මුදල් මත බැදි පවතින බැවින් මෙම කරුණු Forex Market එකටද  එක එල්ලේම බල පායි.
මෙම කරුනු ඉතාම හොදින්  ඉදිරි පාඩම් වලදි ඔබට පැහැදිලි වෙනවා. එනිසා කලබල වෙන්න එපා.

මෙහිදි සිදු වි ඇත්තේ EUR  ශක්තිමත් විමක් හෝ ඇමරිකානු ඩොලරය දුර්වල විමකි.
සරලව අවබොධ කර ගන්න .මෙතනදි ඔබට තෙරුම් ගන්න ඕනි කොහොමද ලාභ ගන්නේ කියන එක විතරයි.මුදල් ඒකක ශක්තිමත් විම දුර්වල විම මත Forex Market එකෙහි හැසිරිම ඔබට ඉදිරි පාඩම් වලදි ඉතාම හොදින් පැහැදිලි කර දෙනවා.

ඔන්න දැන් අපි වැඩෙට අත ගහන්නයි යන්නේ.ඒ කියන්නේ අපේ ලාභ ලබා ගන්න වැඩේ. හරි ඔන්න දැන්
අපි අඩු  මිළට EUR/USD  මිළට ගන්නයි යන්නේ.හරියට අපි ලක්ෂ 20ට ඉඩම ගත්තා වගේ.
අපිට EUR/USD   ලබා ගැනිමට අපිට කරන්න තියෙන්නේ Buy Order  එකක් Open කරන එක.දැන්
ප්‍රශ්නයක් මොකක්ද මේ Buy Order  එකක් කියලා කිවේ.
කළබල වෙන්න එපා. ඉස්සරහට MT4 software එකත් සමග වැඩ කරද්දි ඔවා නිකම්ම නිකන් ඔබට තේරෙන්න ගන්නවා. හැමදේම එක වැර ඔළුවට දාගන්න අමාරුයිනේ.
ඔන්න දැන් අපි  Buy Order  එකක් දාලා EUR/USD   මුදල් කාණ්ඩය මිළට ගන්නවා.අපිට විකුණන්න දෙයක් තියෙන්න ඔනිනේ.හරි ඔන්න අපි Buy Oder
එක දාද්දි   EUR/USD අගය =1.3000
දැන් EUR/USD  අගය වැඩි වෙනවා. එනම් Forex Market එක ඉහළ යනවා.
හොදට මතක තියා ගන්න Forex Market එක ඉහළ යනවනම් අපි දාන්නේ Buy Orders පමණයි.
දැන් අපි දන්න දේ බලමු

Forex Market එක ඉහල යද්දි අපි Buy Orders පමණක් දැමිය යුතුයි.(market එක ඉහල යනවද පහල යනවද කියල කල් තියා අදුනගන්න විවිධ ක්‍රම පවතින අතර එම ක්‍රම පසුව විස්තර කෙරේ )

කිසියම් ලාභයක් ආවම කල Orders Close යුතුයි.
දැන් Forex Market එක ඉහළ ගිහින් EUR/USD අගය1.3480  ලගා වෙනවා. දැන් අපි  Buy Orderඑක Close කරනවා.තෙරෙන්නැති වෙයි. දළ අදහසක් ගන්න.ඉදිරියට ඔය හැම දේම පැහැදිලි වෙනවා.
ඔන්න අපි EUR/USD මිළට ගත්තේ 1.3000කියන අගයට
දැන් අපි එය විකුණුවේ 1.3480අගයට.
අපි EUR/USD මිළට ගන්න භාවිතා කළේ Buy Order එකක්.
දැන් අපි මිළට ගත්ත EUR/USD ,1.3480කියන අගයට ආවට පසු විකුණුවා.
බලන්න එයින් අපිට Pip  කියක ලාභයක් ආවද කියලා.
Buy Oder
Closed Price =1.3480
Opened Price =1.3000

ලාභය=Closed Price-Open price
ලාභය =1.3480-1.3000=180 pips

 බලමු අපි ලාභය ඩොලර් වලින් කොහොමද කියලා.
අපි සම්බන්ද වන ආයතනය අනුව අපගේ pip එකක අවම ලාභය $0.1 වෙනවා.
එවිට

ලාභය 180*$ 0.1 = $ 18
$18*125=    2250 LKR

අපේ ඉඩමේ උදාහරණයට අනුවනම් අපි ඉඩම ලක්ෂ 20ට අරන් ලක්ෂ25 විකුණුවා වගේ තමයි EUR/USD  1.3000
යන අගයේදි අරන් 1.3480 කියන අගයේ දි විකුණලා ලාභ ගත්තා හරිම සරළයි.
දැන් අපි බලමු මිළ පහළ යාමේදි කොහොමද ලාභ ලබාගන්නේ කියලා.


මිළ පහළ යාමේදි ලාභ ලබා ගන්නා ආකාරය.


බලන්න පහත රුප සටහන දිහා.
Bearish Trend ,online jobs in sri lanka
ඔබට පෙනෙනවා මෙහිදි Market එක පහළ බැසිමකට ලක් වි තියනවා..
මෙම ප්‍රස්ථාර සටහන EUR/USD මිළ පහළ යාම පෙන්වන ප්‍රස්ථාර සටහනකි.
මෙහිදි සිදු වී ඇත්තේ  ඩොලරය ශක්තිමත් විමකි.
මෙවන් අවස්ථාවක් හදුන්වන්නේ Bearish Trend පවතින අවස්ථාවක් ලෙසයි.මෙහිදි මුදල් කාණ්ඩයේ අගය පහළ බැසිමකට ලක් වේ. මෙම අවස්ථාවන් වලදි අපි Sell Orders යොදනු ලබයි. එන්ම්

 Market එක පහළ යන විට යොදන්නේ  Sell Orders වේ.
Market එක ඉහළ යන විට යොදන්නේ Buy Orders වේ.

එය මතකයට දාගන්න.
හරි දැන්  ඔබට ප්‍රශ්නයක්  එනවා කොහොමද මිළ අඩු උනාම ලාභ ලබා ගන්නේ කියලා. මෙය සරළ දෙයක්.තෙරුම් ගන්න අපහසු උනත් එයින් ඔබට හානියක් නැත. මෙය වැඩි දුර අවබෝධය සදහා වේ.
අපි Forex News, Economic calendar ,Trend Lines භාවිතා කරමින් අදහසක් ලබාගන්නවා EUR/USD ඉදිරියට මිළ පහළ යන බවට,
එවිට අපි Sell Order එකක් 1.3040යන අගයේදි යොදනු ලබනවා.

හරි දැන් අපි ලාභ එන හැටි බලමු.මේ ගැන වැඩි  දුර කරුණු Forex News යන ලිපියෙන් කියවන්න.

How to earn money learn With sumuforex.com


පැහැදිලියි නේද,
තවත් පැහැදිලි කර ගන්න මෙම උදාහරණයත් බලන්න.

අපි හිතමු EUR 1 වටිනාකම = 200
USD 1 වටිනාකම                 = 50
එවිට EUR/USD(EUR බෙදීමUSD )  =  200/50= 4
මෙම අගයන් පැහැදිලි කිරිම පිණිස ගත් අගයන් බව සළකන්න.
එවිට EUR = 4 USD
හරියට EUR = 1.3040 USD වගේ
හරි දැන් එය පැහැදිලියි .
දැන් ඔන්න EUR /USD මිළ 1.2830 කියන අගයට ළගා වුනා
දැන් EUR /USD අගය= 1.2830
දැන් EUR එකක ගන්න USD  වැය 1.2830 වෙනවා.
පෙර අවස්ථාවේ EUR එකක් ගන්න ඩොලර් 1.3040ක් වය උනා නමුත් දැන් වැය වෙන්නේ ඩොලර් 1.2830යි එයින් අදහස් වෙන්නේ කුමක්ද දැන් ඩොලරය ශක්තිමත් වෙලා කියන එක නේද?
පෙර අවස්ථාවේ EUR 10ක් ගන්න අපිට වැය වෙනවා ඩොලර් 13.04ක්
නමුත් දැන් අපිට EUR  10ක් ගන්න වැය වෙන්නේ ඩොලර් 12.83යි.

How to Make Money Trading Forex
If  you don't show image .please refresh

දැන අපිට පහසු උදාහරණයට අපි යමු.

අපි හිතමු EUR 1 වටිනාකම = 200
USD 1 වටිනාකම                 = 50
EUR Vs USD

පෙර අවස්ථාවේ 1 USD  වටිනකම =50
පෙර අවස්ථාවේ 1 EUR   වටිනකම  = 200

 දැන් USD වටිනාකම නොවෙනස් වු බව හිතන්න.
ඩොල්රයේ වටිනාකම 50 සිට 100 දක්වා වැඩි වුනා කියලා සිතමු.
දැන්
EUR/USD=2
බලන්න අපේ උදාහරණයට අනුව EUR /USD  4 සිට මිළ 2  දක්වා අඩු වෙලා තියනවා.හරුයට 10 අපි 5න් බෙදුවොත් උත්තරය 2යි. 10 2න් බෙදුවොත් උත්තරය 5යි  නේ . ඒකියන්නේ ලවය විශාල වෙන්න වෙන්න අපිට ලැබෙන පිළිතුර කුඩා වෙනවා.එකම තමයි මෙතනත් වෙලා තියෙන්නේ.එය හරියට  EUR /USD 1.3040 සිට 1.2830 දක්වා අඩු උනා වගේම තමයි.

මෙහිදි EUR වටිනාකම වෙනස් නොවුනත් USD තම වටිනාකම 50 සිට 100 දක්වා වැඩි කරගෙන තියනවා.
ඒ අනුව  අපි Sell Order  එකක දැමිමෙන් USD මිළට ගෙන තියනවා වටිනාකම 50 ගානේ.
දැන් MARKET  මිළ පහළ ගිය විට USD  වටිනාකම 100ක් වෙලා තියනවා.
එව්ට උදාහරණයට අනුව අපේ  ලාභය

100 – 50 = 50

 මෙහිදි මෙයට   Sell Order ලෙස හදුන්වන්නේSell Order ,Buy Order යන අවස්ථා දෙකේදිම මුලින් පවතින EUR මුදල් ඒකකය නිසවෙනි,
සරළවම කියනවනම්

අපි Sell Order දැමිමෙන් මිළට ගන්නේ USD
BUY  Order දැමිමෙන් මිළට ගන්නේ EUR

මෙම ලාභ ලබන ආකාරය කාට හෝ නොතේරෙනවනම් කිසිම ප්‍රශ්නයක් නෑ. මෙය ඔබට අමතර කරුණකි.
මෙම පාඩමෙන් ඔබ හොදින් මතක තියා ගන්න මිළ පහළ යාමේදි Sell Orders පමණක් යොදන බවත්,
මිළ ඉහළ යාමේදි පමණක් Buy Orders යොදන බවත්
දැන්නම් හොදටම පැහැදිලියි කියලා හිතනවා.How to Make Money Trading Forex
How to Make Money Trading Forex

                       Open Live Forex Trading Account >>>




Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls- NFP Sinhala

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.