Sinhala Forex trading-Price Action trading basic candlestick Pattern Part 02

| |

Candlestick pattern  part 02

 උදේ 7 වගේ වෙලාවේ සිට රාත්‍රී 10.30 පමණ වන විට පිළිවෙලින් ලෝකයේ ප්‍රධාන market Open වෙනවා.සාමානයෙන් ඇමරිකාව වගේ රට වලට Sydney, Tokyo market Open වෙනකොට ඒ රටවලට අලුයම් කාලය.අපිට ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ.දවසම හොදට Forex trading කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අගනාම වටිනාම අවස්ථාවක් ,ඔබට ජීවිතයේදීම ලැබෙන.එයින් ප්‍රයෝජනගන්න එක ඔබගේ වගකීමකි .

හරි එහෙමනම් අපි බලමු Candlestick pattern අධයනය කිරීමෙන් ඔබට ලබාගතහැකි Trading ideas මොනවාද කියලා .. මුලින්ම පහත රූපවලින් පෙන්නුම් කර ඇති කොටස්වලට ඔබගේ අවදානය යොමුකරලා නැවත මතක් කරගන්න එවිට ඔබට පහසුවක් වේවි. මෙමපාඩම හොදින් අවබෝධකරගැනීමට,

sumuforex.com

www.sumuforex.com
මෙම Theory වල නිවරදි තාවය වඩාත් වැඩි වන්නේ වැඩි කාලයක Timeframe වලටයි..එනම් Theory වල නිවරදි තාවය අනුලෝමව සමානුපාතික වෙනවා Timeframe.

එහෙමනම් මේ වගේ Theory  5min Timeframe වලට යොදාගන්න එපා.

අඩුම 30min වගේ Timeframe වලට මෙම Theory යොදාගන්න.


Hammer and Hanging Man


බලන්න පහත රූපය දිහා.



sumuforex.com



දැන් අපි බලමු  ඉහත ආකාරයේ Hammer Candlestick එකක් ඇතිවන අවස්ථාවක් සහ එවන් අවස්ථාවකදී market එක තුල කවරාකාර සිදුවීම් සිදුවෙමින් පැවතිනවද කියල.එහෙනම් දැන් බලන්න පහත රූපය දිහා,forex trading in sinhala

01 රුපයේ පළමුවැනි කොටසින් Hammer candlestick ඇතිවෙන අවස්ථාවක් පෙන්නුම් කර ඇත.

මෙහිදී Market එකේ සිටින Sellers විසින්Market price  එක පහලට අරගෙන යන්න ලොකු උත්සහයක් යොදනවා,

එය අපිට පෙන්නුම් කරනවා Hammer candlestick එකෙහි පවතින Long Lower shadow එක  මගින්

නමුත් මොකද වෙලා තියෙන්නේ Market එකේ ඉන්න Sellers ලා ප්‍රමාණයට වඩා Market එක තුල දැන් Buyers ලා බලවත් වෙලා ඉන්නවා .එයාල දැන් market එක උඩට ගන්න තමයි දගලන්නේ.සහ දැන් Sellers ලා දන්නවා Market එක උඩට යන්න තමයි දගලන්නේ කියලා එහෙම උනාම Sellers ලා ඔව්න්ගේ Profit Book කරගන්නවා.

ඉතින් Buyers ලග  ඒ උත්සාහය සාර්ථක වෙලාcandlestick  එක close වෙලා තියෙන්නේ Candlestick open price එක ආසන්නව හෝ ඊට වඩා වැඩියෙන් වේ.

හරි දැන් මේ වගේ එකක් දැකපු ගමන් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව trade  එකක් දානවද? එහෙම කරන්නේ නැහැ.ඒ සදහා අපි තව ගොඩක් දේවල් බලලා නිවැරදිව අදහසක් අරගෙනTrade  එකක් Profit කරන්න තියන සම්භාවිතාව වැඩි කරගෙන තමයි Trade එකක් යොදන්න ඕන.

උදාහරණයක් විදියට මේ ආකාරයේ Hammer candlestick එකක් හොද support Level එකක් ආසන්නයේ ඇති වෙනවනම්,හෝ හොද ෆිබ්බොනච්චි Level ex: 61.8% ,38.2% එකක් ලග ඇති වෙලා තියෙනවනම් හෝ,

Trend line එකක් ස්පර්ෂ කරලා  ඇති වෙලා තියනවනම් මෙම Theory නිවැරදිව ක්‍රියාත්මක වීමේ සම්බවිතාවය ඉතාම වැඩිය.
Trade එකක් යොදන්න පෙර බලන්න මේ ඉහත කී එවයින් කියක් තෘප්ත වෙනවද කියලා.එකට වඩා වැඩි ගණනක් තෘප්තවෙලා තියෙනවනම් Trade profit වීමේ සම්බවිතාවය වැඩිය.

අපි මේදේවල් සේරම බලල trade එකක් යොදන්නේ ඇයි ? අපේ loss එක අවම කරාගෙන Profit එක වැඩි කරගන්නයි.

 Hammer candlestick එකක් හදුනා  හැකි ලක්ෂණ මොනවාද බලමු.

 Hammer candlestick  එකක් ඇතිවන්නේ බොහෝ වෙලාවට Down/ Bearish Trend එකක් පවතින විටයි.

ඒ වගේම මෙයට Long Lower shadow  එකක් පවතිනවා.

candlestick body එක වගේ 2*,3*,4* ගුණයක් එක shadow  දිගුවිය හැකිය.

candlestick body එක ඉතාමත් පොඩිවට දැකගන්න පුළුවන්.

upper shadow එකක් නොමැතිව හෝ ඉතාම කුඩාවට පැවතිය හැකිය.

මෙම ලක්ෂණ බලල ඔබට දැන්  Hammer candlestick එකක් හදුනාගන්න පුළුවන්.එ වගේම දැන් මෙය හදුනාගතම Market එක තුල මොන වගේම තත්වයක් ක්‍රියාත්මක වෙන්නේ කියලත් ඔබට අදහසක් ගන්න පුළුවන් වෙනවා මේ දැනුම ඔබ සතු උනාම.

 Hanging Man

දැන් Hanging Man Candlestick එකක් ඇති වන්නේ කොයි වෙලවකදීද බලමු.

මෙය ඇතිවන්නේ බොහෝ වෙලාවට Bullish Trend එකක් පවතින විටදීය.

බොහෝවේලාවට trend එකක් හැරවුම් ලක්ෂයකදී දැක ගත හැකිය.

 මෙහිදී Candlestick එකේ පවතින විශේෂ ලක්ෂණ මොනවාද කියල බලමු.

candlestick body එක මෙන් 2*,3*,4*ගුණයක් දිගට පවතින Long lower shadow එකක් දැකිය හැකිය

Upper shadow එක ඉතාම කුඩා හෝ එය නැති විය හැකිය.

 මේ වගේ candlestick එකක් අතිවෙන විට Market එක තුල මොන වගේ තත්වයක්ද අතිවෙලා තියෙන්නේ කියල පොඩ්ඩක් බලමු.

මේ වගේ candlestick එකක  ඇතිවන්නේ Bullish Trend /Uptrend එකක් යන විටයි.

පෙර Market එක තුල වැඩියෙන් buyers ලා ඉදපු නිසා Market එක ඉහල අවා.දැන් ක්‍රමක්‍රමයෙන් Market එක තුල Sellers ලා ප්‍රමාණය වැඩි වෙනවා..යම් අවස්තවකදී Buyers ලා සහ sellers ලා අතර ලොකු සටනක් ඇතිවෙනවා. buyers ලා market price එක ඉහලට අරන් යනවා.

නමුත් නැවතSellersලා market එක පහලට අරන් එනවා. Buyers ලා ගේ ක්‍රියාව නිසාවෙන්  දිගු lower shadowඑකක් අපිට මේ දෙගොල්ලන්ගේ සටනේ ශේෂයක් විදියට දැකගන්න පුළුවන් වෙනවා.නමුත් දැන් sellers ලාබලවත් වෙලා ඇතිබව දැනගන්නbuyers  ලාprofit book  කරගැනීම සිදුකරනවා.දැන් candlestick එක open price වලට වඩා පහතින් candlestick close වීමක් දැක ගත හැකිය.

Inverted Hammer and Shooting Star

දැන් ඔබගේ අවධානය පහත රුපය වෙත යොමු කරන්න.



මෙහිදී අපට නැවත Candlestick දෙකක් දැකගන්න පුළුවන්.එනම් අනුපිළිවෙලින් Shooting star සහInverted  Hammerවේ.

දැන් ඔබට පුළුවන්  වෙන්න ඕන මේ ආකාරයට  candlestickඇතිවෙන්න හේතුව මොකක්ද කියල පැහැදිලිකරන්න.හරිම සරලයි.

එහෙමනම් දැන් අපි බලමු මේ වගේ ඇතිවන්නේ මොන වගේ අවස්ථාවන් වලදීද




Inverted Hammer එකක්  ලෙස හදුන්වනcandlestick  එකක් 01රුපයෙන් පෙන්නුම් කරනවා.

ඒ වගේම 02 රුපයෙන් Shooting Star candlestick   ඇතිවන අවස්ථා වන් නිරුපණය කරලා තියෙනවා.හරි දැන් අපි බලමු කොහොමද මෙම අවස්ථාවන් වලදී Market එක ක්‍රියාත්මක වන්නේ මොන ආකාරයටද කියලා.

Inverted Hammer

Inverted Hammer(01රුපයෙ)එකක් අතිවන්නේ සාමාන්යෙන් Bearish Trend එකක් යන විටදීය.මේ ආකාරයෙන් candlestick එකක් ඇතිවෙන්න හේතුව වන්නේ, Sellers ල  Market එක තව තවත් පහලට අරන් යන්න උත්සහ කරනවා, නමුත් මෙම අවස්ථාවේදී Market එකට Buyers ලත් වැඩි වැඩියෙන්ම ආකර්ෂණය වෙනවා.Market එක ඉහළ   යාමට පටන් ගැනීම ඉදිරි කාලයේදී සිදු විය හැකි බවට ඉගියක් අපිට මෙයින් ලබා ගන්නට් හැකි වෙනවා.

Shooting Star candlestick

buyers ලා Market එක ඉහලට අරගෙන යනවා. මෙදිහා Sellers ලත් බලන් ඉදලා කොහොමහරි උත්සහ කරලා candlestick එක open  උන price  එකට අසන්න අගයකින්  close කරගන්න වැඩකටයුතු කරගන්නවා,නමුත් දැන් මේ (02රුපයෙ)වගේ candlestick එකක් අති උනාම Buyers ලා දන්නවා දැන් Market එකට Sellers  ලා වැඩි  කියලා.ඒ නිසා Buyers ල පසු බහිනවා. Market එක පහල  යාමට පටන් ගැනීම ඉදිරි කාලයේදී සිදු විය හැකි බවට ඉගියක් අපිට මෙයින් ලබා ගන්නට් හැකි වෙනවා.

Fibonacci line Support line, Resistance line, trend line  ඇදගෙන ඔබ trade කරනවනම් මේ වගේ අවස්ථාවකදී මෙම මිල කලාපය හොද support line එකක් වෙන්න පුළුවන්.එහෙම support line එකකදී මේ ආකාරයෙන් candlestick එකක් ඇතිවෙලා තියෙනවනම් market එකඅප  හිතන ආකාරයට හැසිරීමට ඇති ඉඩ කඩ බොහෝ වැඩිය.

Forex trading වලදී  මේ වගේ ගොඩක් දෙන බලන සහ භාවිතා කරන Tools යොදාගෙන trade කරන විට Market එක අපි හිතන ආකාරය හැසිරෙන්න තියන සම්භාවිතාවය වැඩි වෙනවා.ඒ නිසා ඔබගේ දැනුම විවිධ ලෙස මුහුකරගනිමින් ඔබ ගන්න ඉගෙන ගන්න ඕන.

එහෙමනම් දැන් හොදට බලන්න මේ කියල තියන දේවල් ඇත්තද බොරුද කියල.හොදට chart අධ්‍යනය කරන්න.සටහන් කරගන්න ඕන ඒවා සටහන් කරගන්න.කල්පනාවෙන් බුද්ධිමත්ව Trade කිරීමට කටයුතු කරන්න.

Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls- NFP Sinhala

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.