Sinhala forex trading strategies 2018 - Moving average trading method sinhala

| |
මෙය Moving average Trading method  ගැන ලියවුන ලිපියේ දෙවන කොටස සහ වැදගත්ම කොටස වේ.මේ කොටසින් අපි ප්‍රයෝගිකව භාවිතයට ගන්නා අකාරය විමසා බලමු.මෙම කොටස අවසානයේදී ඔබට දිනකට කිසිම අපහසුවකින් තොරව පිප් 75කට වඩා වැඩි profit ලබාගැනීමට හැකි වෙනවා.
මෙහිදී ඔබට පෙර දැනුම වැදගත් වෙනවා.එනම් ඔබට Support /Resistance line ගැන මනාව අවබෝදයෙන් තියෙන්න ඕන වෙනවා.එම දැනුම අනිවාර්යයි.ඒ දැනුම සහ මෙම පවතින දැනුම භාවිතා කරමින් ඔබට මෙම trading කිරීමේ ක්‍රමය අපි බලමු.
පළමුව ඔබ ඔබ trade කිරීමට වැඩියෙන්ම කැමති currency pair එක තෝරා ගන්න.
මෙහිදී ඔබ trade කිරීමේදී දිනකින් දෙකකින් අදාල trade profit ,හෝ loss වීම සිදුවේවි.
ඒ වගේම ඉක්මනින්ම ඔබගේ trade profit උනාම එම profit ලබාගන්න ඔබ කටයුතු කරන්න ඕන.
ඒ වගේම ඔබට trade තව දුරටත් profit වේ කියා හිතෙනවනම් stop loss අගය profit පැත්තට ගන්න පුළුවන් .ඒ වගේම trade එකෙන් යම් ප්‍රතිශතයක් close කරමින් ඔබට trade එකෙන් යම් කිසි ප්‍රතිශතයක් profit එක ලෙස ලබාගත හැකිය.ඔබට දැන් මෙම කරුණු සාමාන්‍ය කරුණු බවට පත් වෙලා ඇති කියල හිතනවා .
හරි එහෙමනම් අදාල currency pair එක සදහා 15 min,30min ,1hr,4hr  time frame එක තෝරාගන්න.
ඔබ දැන් 15 min,30min ,1hr,4hr  chart  හොදින් නිරීක්ෂණය කරලා S /R levels ඇදගන්න.එය වගකීමෙන් කරන්න මෙහි සාර්ථකත්වයේ වැඩි කොටසක් ඒ මත රදා පවතිනවා.
දැන් ඔබට moving average lines 3 chart එකට ඇතුළු කරගතයුතු වෙනවා.
21 ,55,233 කියන moving average lines ඔබගේ chart එකට ඇතුලත් කරගන්න.මෙහිදී ඔබගේ පහසුවට විවිධ වර්ණවලින් අදාළ moving average lines සකසා ගන්න.ඔබට පහත ආකාරයේ chart එකක් පෙනේවි
මෙහි සුදු පැහැයෙන් 21 moving average line එකද ,
කහ පැහැයෙන් 55 moving average line එකද ,
දම් පැහැයෙන් 233  moving average line එකද ,
පෙන්නුම් කර ඇත.
Trading Method  01
ඔබගේ අවධානය පහත රුපය වෙත යොමු කරන්න
මෙහි සුදු පැහැයෙන් 21 moving average line එකද ,
තැබිලි  පැහැයෙන් 55 moving average line එකද ,
කහ පැහැයෙන් 233  moving average line එකද ,
පෙන්නුම් කර ඇත.
මෙහිදී ඔබගේ අවධානය A අකුර පෙන්නුම් කරන ප්‍රදේශයට යොමු කරන්න.මෙහිදී ඔබට පෙනෙනවා සුදු පැහැති 21 moving average line එකට ඉහලින් candlestick ඇති වී ඇති බව.ඒ වගේම එම ස්ථනය support level එකක්ද වෙනවා .මෙම අවස්ථාවේදී අපි buy order එකක් යොදන්න පුළුවන්.අපේ take profit අගය R 1ආසන්නයේ සකසන්න පුළුවන් .stop loss අගය S 1 ආසන්නයෙන් සකසන්න පුළුවන් . බොහෝ වෙලාවට 21 moving average line එකට ඉහලින් පැහැදිලිව candlestick ඇති වීමක් වෙනවනම් market එක ඉහලට පිප 40-50ක් යන්න පුළුවන් වෙනවා.
ඒ වගේම තවත් දෙයක් බලන්න මෙම A කියන ස්ථානයේදී 21,55,moving average line පැහැදිලිවම 233 moving average line එක cross කරලා තියෙනවා මෙය බොහොම හොද ලකුණක් market එක ඉහල යා හැකි බවට.ඒ නිසා,මේ ආකාරයෙන් moving average line cross වීම ගැන හොද අවධානයෙන් ඉන්න,එය ඔබව ප්‍රොෆිට් trade එකක් යෙදීමට අනිවාර්යෙන්ම මාර්ගය පෙන්වාවි .
දැන් බලන්න පහත රුපය දෙස
මෙහිදී 21 moving average line එක පමණක් භාවිතා කර ඇති අතර 15 min chart එක සදහා යොදාගෙන ඇත.
මෙහිදී ඔබට පැහැදිලිව පෙනෙනවා මෙම 21 moving average line එක පැහැදිලිවම break කරමින් candlestick ඇතිවීමෙන් අනතුරුව පහදිලීවම market එක ඉහල ගොස් පවතිනවා මේ ආකාරයෙන් නිවැරදිව 21 moving average line break වීමෙන් ඇති වන්නා වූ අවස්ථාවන් ගැන සැලකිලිමත් වන්න.ඒ වගේම trade එක open කිරීමට ප්‍රථමව ආසන්නයේ පවතින support /Resistance levels ගැනද ඉතම හොද අවධානයෙන් පසු වන්න.
දැන් ඔබගේ අවධානය පහත රුපය වෙත යොමු කරන්න.
මෙහිදී ඔබට පෙනෙනවා 21 moving average line එක පැහැදිලිවම break වීමක් වෙලා පවතිනවා.පසුව ඉතාම හොද down trend එකක් ඇති වී පවතිනවා .ඔබ අවධානයෙන් ඉන්න ඕන මෙසේ moving average line break වීම සබැ break වීමක්ද නැතිද යන බව.ඒ නිසා ඉක්මන් නොවී හොදින් නිරීක්ෂණය කරලා ට්‍රාදේ open කරන්න කටයුතු කරන්න.
ඒ වගේම ඔබට තවදුරටත් ට්‍රාදේ එක ගැන තහවුරු කරගැනීමට 55 moving average line එකද chart එකට add කරගෙන බලන්න මේ ඉහත අවස්ථාවටම 55moving average line එකද add කල අවස්ථාවකි .
බලන්න මෙහි point A කියන ස්ථානයේදී 55 moving average lineඑක 21moving average line එක විසින් cross කිරීමකට ලක් කරලා තියෙනවා.ඉතින් එයින් ඔබට trade එක ගැන තව දුරටත් තහවුරු කරගැනීමට හැකියාව පවතිනවා.
සැම අවස්ථාවකදීම සැලකිලිමත් වෙන්න මෙම moving average line cross වීම ගැන.
ඔබ දන්නවා golden crossover වීම ගැන.
බලන්න පහත රුපය දිහා

මෙහිදී 21,55,233 moving average lines තුනම අපි chart එකට ඇතුලත් කරලා තියෙනවා .දැන් බලන්න point B කියන තැනදී 21 moving average line එක මගින් කහ පැහැති 233moving average line එක cross කරලා තියෙනවා. ඒ වගේම point C  කියන තැනදී 55moving average line එකද 233 moving average line එක cross කරලා තියෙනවා.එනම් මෙහිදී 55,21,moving average lines cross වීමට අමතරව Golden cross එකකුත් වෙලා තියෙනවා එහෙනම් අපිට දැන් තවත් විශ්වාසයෙන් යුතුව trade එකක් open කිරීමේ හැකියාව ඔබට තියෙනවා.
අනිත් වැදගත්ම කාරණය තමයි 15min chart එකෙන් බලද්දී line cross වෙලා තියෙයි.up trend එකකට හෝ down trend එකක් සදහා market එක සැරසෙන බව පෙනේවි.නමුත් ඔබ බලන්න 1H ,4H chart  හොදට සමහර විට 15 min chart එකේ හොද buy signal එකක් දෙනවිට 1H chart එක මගින් හොද sell signal එකක් හෝ down trend එකක් පවතින බවක් පෙනෙයි.ඒ නිසා trade ekak open කරන්න ප්‍රථම main trend එක 1H ,4H වලදී පෙන්වන දේ ගැනත් ඔබ අතිශයම සැලකිලිමත් විය යුතුමයි.
අනෙක් වැදගත්ම කාරණාව ඔබ economic news ගැනද හොද අවධානයෙන් ඉන්න ඕන.high economic news නිකුත් වන වේලාවන් වලදී මේවායේ නිරවධය තාවය ඉතාම අල්පයි .
ඒ නිසා high economic news නිකුත් වන වේලාවන් වලදී සැලකිලිමත් වන්න.ඒ වේලාවන් වලදී support /R levels Trend break වීම ගැන සලකා pending orders දීම සිදු කරන්න.
තවත් වැදගත් trading idea එකක් දෙන්නම් හිතන්න දැන් EUR /USD  1.1380 කියන මට්ටමේ තියෙනවා.market එක හරිම කැමැත්තක් දක්වනවා මේ සියයේ ගුණාකාර වලට.රවුම් සන්කයා වලට.එනම් ආසන්නයේ පවතින 1.1400 වෙත market එක ඉක්මනටම ගමන් කිරීමේ විශාල ඉඩක් පවතිනවා .මේ කරුණ ගැනත් හොද අවධානයෙන් ඉන්න අනිවාර්යෙන් හොද ප්රෝෆිට් එකක් බොහෝවිට ඔබට ලබාගැනීමට හැකියාව ලැබේවි.
ඔබගේ සාර්ථකත්වය ඔබගවමයි තියෙන්නේ.කැපවීමෙන් මේ දේවල් අත් හදා බලන්න ඔබට හොදම ගමනක් යන්න පුළුවන්.අපි නිකන් නෙමෙයි.pip 75 වඩා profit ගන්න පුළුවන් කිවේ.අපි භාවිතා කිරීමෙන් දන්නා නිසයි.එහෙනම් ඔබටත් අනිවාර්යෙන්ම පුළුවන් වෙන්න ඕන.
ඔබ trade කිරීමේදී සුදු කාරයෙක් වගේවත් තණ්හා කාරයෙක් වගේවත් trade කරන්න එපා.මහත්මයෙක් වගේ trade කරන්න.නිවැරදිව අවධානම් කළමනාකරණය කරගන්න.සිදු වන පාඩු උපේක්ෂාවෙන් දරාගන්න සිදුවන ලබා වලින් උඩගු වෙන්නවත් අධිතක්සේරුවෙන් වැඩ කරන්න එපා.මේ  game එකක් එය නිවැරදිව play කරන්න.

Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls- NFP Sinhala

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.