Forex news Trading sinhala -What is United States Non Farm Payrolls- NFP Sinhala

| |

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX

දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක් ශක්තිමත් වීමක් හෝ දුර්වල වීමක් සිදු වීමෙන් අනතුරුව එය කෙසේ අදාල currency pair එකට බලපානවද කියලා.මෙම පාඩම අවබෝධ කරගැනීම අතිශය වැදගත්ය .අතිශය කියලා විශේෂණ පදයක් ඇති බව කරුණාවෙන් සලකන්න 
මෙම පාඩම තුලින් අපි බලමු ලෝකයේ ප්‍රභල රටවල් වලින් නිකුත් කරනු ලබන Forex market එකට වැඩි බලපෑමක් එල්ල කල හැකි news මොනවාද කියලා.

United States Non Farm Payrolls



Forex Trading කරන සියලුම දෙනා ඇස්දල්වගෙන බලාගන ඉන්න Report එකක් තමයි US Non farm Payrolls .
මෙම Report එක නිකුත් කරන්නේ ඇමරිකානු කම්කරු දෙපාර්තුමේන්තු සන්කයලේකන කාර්යාංශය විසිනි.(U.S. Bureau of Labor Statistics  )
සෑම මසකම පළමුවන සතියේ සිකුරාදා දිනට මෙම Reports  සාමාන්යෙන් නිකුත් කරනු ලබයි.
මෙහිදී නිකුත් කරන ලබන report එක මගින් කියවෙන්නේ පසුගිය මාසයට අදාල දත්තයන් වේ.
මෙහිදී මොවුන් මිනුම් කරනු ලබන්නේ අදාල මාසය තුලදී ඇති වූ නව රැකියා අවස්ථාවන් පිළබද වාර්ථාවක් වේ.
මේ යටතට රජයේ ආයතන ,ගොවිපල,ලාභ උපයිමකින් තොර ආයතන ගෘහස්ත කර්මාන්ත වල ඇති වන රැකියා අවස්ථාවන් ගැන නොසලකා අනෙක් කර්මාන්ත සේවා ආශ්‍රයෙන් ඇතිවූ රැකියා අවස්ථාවන් ගැන මෙම වාර්ථාවෙන් තොරතුරු සපයනු ලබයි.

Non farm payrolls අගයේ සාමාන්‍ය( Average)අගය 1939 සිට 2015 දක්වා කාලය තුලදී 121.56 K (එකසිය විසිඑක්දහස් පනස් හයක් )අගයක පවතී.
1939 කාලයේ සිට මේ දක්වා උපරිම අගය ලෙස වාර්තා වී ඇත්තේ 1983 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදීය .එය 1114 K අගයක් වේ.
මෙතෙක් කාලයට වාර්තා කර ඇති අවම අගය ලෙස වාර්ථා වන්නේ -1966 K අගයකි .එය 1945 සැප්තැම්බර් මාසයේදී වාර්ථා කර ඇත .
1939-2015  USA Non farm payrolls


මෙම රැකියා වෙළද පොළ දත්තයන් මගින් අපිට රටක සම්පුර්ණ ආර්ථිකය පිලිබදව පැහැදිලි අදහසක්
ලබාගැනීමට හැකියාව ලැබෙනවා .
මෙම Non farm payroll දත්තයන් ඉතාම වැදගත් indicator එකක් බවට පත් වෙනවා ,Consumers ලගේ   මිලදී ගැනීමේ හැකියාව, වියදම් කිරීමේ හැකියාව ,පරිභෝජන හැකියාවපෙන්වන දර්ශකයක් ලෙස
.
හේතුව වන්නේ රැකියා උත්පාදනය වැඩි වීම බලපානවා මිනිස්සුන්ගේ මුදල් ගැවසීම සදහා.
රැකියා වැඩි වෙනවා කියන්නේ මිනිස්සුන් ලග මුදල් පවතිනවා.එනම් ඔව්න්ගේ මිලදී ගැනීමේ ශක්තිය ඉහලයි .එනම් ඔව්න්ගේ පරිභෝජන හැකියාව ඉහලයි.
එසේම රැකියා උත්පාදනය අඩු වීම තුලින් මිනිසුන් ලග මුදල් හිග වෙනවා.
පරිබෝජන හැකියාව අඩු වෙනවා. මේ නිසාවෙන් සම්පුර්ණ වෙළද පොළ ක්‍රියාකාරකම් දුර්වල වීමකට අඩු වීමකට ලක් වෙනවා.
මේ හේතුවෙන් නව  Non farm payroll අගය වැඩි අගයක් ගන්නවානම් ආර්ථිකය තත්වය යහපත් බවක් ගන්නවා. මෙය USD වර්ධනයට (bullish ,ශක්තිමත් වීමට බලපානවා )


Non farm payroll සමගම us unemployment rate ද නිකුත් කරනු ලබනවා. 
මෙයද සෑම මාසයකම නිකුත් කරනු ලබනවා.
Unemployment rate පෙර මාසයට වඩා අඩු අගයක් පෙන්නුම් කරනවානම් එය ආර්ථික වර්ධනයේ දර්ශකයකි.
Unemployment rateවැඩි අගයක් සටහන් කරනවානම් එය ආර්ථික තත්වය පසු බා ඇති බවට දර්ශකයක්ද වෙනවා.
 මෙම Non farm payroll සමගම Average week earnings , Average hours earnings නිකුත් කරනු ලබයි.මෙම අගයන්ද පෙර මාසයට වඩා වැඩිනම් එය usd demand එක වැඩි වීමට බලපායි ,ශක්තිමත් වීමට බලපයි .

සාමන්යෙන් මෙම රැකියා දත්තයන් නිකුත් කරන අවස්ථාවන් වලදී market එකේ usd base currency හෝ quote currency එක වශයෙන් ඇති currency pairs වල චලනය බෙහෙවින්ම වේගවත් වේ.
එනම් මෙම අවස්ථාවේදී ලොව පුරා සිටින ප්‍රධාන බැංකු ,Trading institute  සහ තවත් මෙම trading  වලට සම්බන්ද ආයතන නව Trade open කිරීම ඔව්න්ගේ profit book කරගැනීම සිදු කරයි.මෙම විශාල trading ආයතන වලට market players ලා ලෙසද හදුන්වයි.
මොවුන්ගේ ක්‍රියා කාරිත්වය නිසාවෙන් එම අවස්ථාවන් වලදී market එකෙහි චලනය පිළිබද විශ්වාස තැබිය නොහැක මේ වගේ අවස්ථාවන් වලදී fake movement දැකිය හැකිවීම ඉතාම සුලබ දසුනක්.

බොහෝ traders ලා විශේෂයෙන් ආධුනික traders ලා මෙම fake movements වලට හසු වෙනවා.මේ දේ හොදින් මතක තියාගන්න.මේ වගේ අවස්ථාවලදී market එක තුල fake movement දැකිය හැකිය.
ඒ නිසා මේ data නිකුත් කිරීමෙන් අනතුරුව market එක පැහැදිලි දිශාවකට චලනයක් පෙන්නුම් කරනකම් trade open කරන්න එපා.

සාමාන්යෙන් අපි non farm payroll දත්ත නිකුත් කිරීමත් සමග.එළබෙන පැය කිහිපය තුලදී EUR /USD pip 150-200ක් පමණද ,GBP /USD PIP 150-250ක් පමණ ප්‍රමාණයක චලනයක්ද බලාපොරොත්තු වෙනවා.

බොහෝ අවස්ථාවන් වලදී ඒ කියන්නේ හැම අවස්ථාවකදීම නොවන බව තේරුම් ගන්න.
මෙම non farm  payroll නිකුත් කරීමෙන් පසු market එක තුල ඇති වූ වෙනස සදුදා දිනයේදී බොහෝ දුරට පියවිය හැකිය.ඒ නිසා ඔබගේ profit ඉක්මනින්ම book කරගැනීම යහපත්ය.
 මෙම ඇමරිකා රැකියා දත්ත නිකුත් කරන වේලාවන් දිනයන් සහ ඒ පිළිබද නවතම updates economic calendar එක මගින් ඔබට දැනගත හැකිය.
ඒ වගේම ඇමරිකානු රැකියා දත්ත වල පුරෝකථනයන්.
BBC Economy  ,CNN Economy  ,Bloomberg Business,Yahoo Finance වැනි වෙබ් අඩවි වලින් ඔබට ලබාගත හැකිය.
අපි මුලදීම ඔබට කීවා Trader කෙනෙක් කියන්නේ තියුණු දැක්මක් සහිත අවදියෙන් සිටන smart පුද්ගලයෙක් බව.ඒ දේ හොදින් මතක තියාගන්න. forex news sinhala part 03 වලින් අපි තවදුරටත් වැදගත් ආර්ථික දත්තයන් ගැන කථා කරනවා.
ජය.
ඔබට මෙම පාඩම් වැදගත් වුනානම් ඔබගේ යහළුවන්ට පෙනෙන social medias වල share කරන්න එයින් forex Trading පිළිබද ක්‍රමානුකුල දැනුමක් නොමැතිව trade කරලා අසරණ වෙන එක්කෙනෙක් හෝ  සාර්ථක trader කෙනෙකු වෙයි.

Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls- NFP Sinhala

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.