Forex Price action trading Bullish engulfing pattern . -Best forex education

| |



www.sumuforex.com candlestick pattern


Forex trading කරනකොට දන්නවා Trend is friend  කියලා .ඉතින් අපි එහෙම කියනවනම් මේ යාලුවා ගැනත් හොදට දැනගන්න ඕනනේ.Trend is friend  කියලා එ ගැනමුකුත් නොදන්නවානම් එයා යාළුවෙක් නෙමේනේ නේද?  මෙහෙමයි මෙම කොටස forex price action trading වලට ගොඩක් වැදගත් කොටසක්,ඒ වගේම අපි කියල තියෙනවා forex trading  කරද්දී දැනුම මුහුකරගෙන හොද trading ideas ලබාගන්න කියල.
හරි අද අපි බලන්නේ candlestick වල විශේෂ ලක්ෂණයක් වන Engulfing Candles ගැනයි.ලොකු ලාබ ලබාගැනීමට මෙම දැනුම ඔබට උපකාරී වේවි.

Bullish engulfing pattern . 

මෙහිදී අපි විශේෂයෙන් candlesticks දෙකක් ගැන සලකා බලනවා. බලන්න පහත රුපය දිහා
.sumuforex.com
දැන් ඔබ සතු පෙර දැනුමෙන් කියන්න පුළුවන් මේ වගේ දෙයක් දැක්කම market එක තුල සිදුවන ක්‍රියාවන් මොන වගේද කියල.එහෙම පොඩිහරි  අදහසක් ඔළුවට එන්නේ නැතිනම් ගැටලුවක් තියෙනවා.නැවත candlestick ගැන තියන පොස්ට් ටික කියවන්න.
දැන් මෙතැනදී කොටුකර දක්වා ඇති කොටසට ප්‍රථමව ඔබට පෙනෙනවා market එක bearish trend/down trend එකක යන බව.අපි දැන් හදුනාගන්න යන්නේ market එක මේ bearish trend/down trend එකෙන් මිදිලා bullish trend එකකට යන්නේ කොතනින්ද කියල.එම ස්ථානය අපිට නිවැරදිව අදුනගන්න පුලුවන්නම් අපි ගොඩක් සාර්ථකයි.
හරි දැන් ඔබගේ අවධානය කොටුකර දක්වා ඇති කොටසට යොදවන්න.
මෙහි පළමුවන candlestick එක අපිට රතුපාටින් පේනවා එය bearish candlestick එකක්.මෙම candlestick එක සමහර විට shooting star,doji එකක් වෙන්න පුළුවන් .. බලන්න දෙවැනි candlestick එකෙහි ලක්ෂණ මොනවාද කියල ,
මෙහි පලමුවෙනියට පෙන්නුම් කරලා ඇති candlestick එකහි සම මට්ටමෙන් හෝ ඊට ස්වල්පයක් වැඩියෙන් හෝ අඩුවෙන් candlestick එක open වෙලා තියෙනවා.
දෙවැනි විශේෂ ලක්ෂණය මොකක්ද මෙහි දෙවැනි candlestick එක එනම් නිල් පැහැති candlestick එක මුලින් ඇති වී ඇති candlestick එකහි candlestick closed price වලට වඩා පැහැදිලිවම ඉහළින් තමයි දෙවැනි candlestick එක close  වෙලා තියෙන්නේ.
එනම් දැන් market එකbuyers  ලා විසින් අතික්‍රමණය කරගෙන bullish candlestick එක විසින්bearish candlestick  එක ගිලදමල තියෙනවා.
පාසල් කාලයේ ඉගන ගන්නවා නේද ආහාර ජාල ගැන.මෙහිදීත් වෙලා තියෙන්නේ  ප්‍රබලයා විසින් දුබලයාව ආහාරයට ගෙන නැගී සිටීමකි.
එය ප්‍රබල නැගී සිටීමක් නම් මෙම දෙවනියට ඇති වන candlestick එක පළමුවට ඇති උන එකට වඩා දිගින් ගොඩක් වැඩි වෙන්න පුළුවන්.
දැන් බලන්න පහත රුපය දිහා.
sumuforex.com
මෙහිදී දෙවනියට ඇති වෙලා තියන candlestick එක පැහැදිලිවම පළමු candlestick එකට වඩා බෙහෙවින්ම දිගින් වැඩි බව පැහැදිලිවම පෙනෙනවා.
candlestick එක close වෙලා තියෙන්නේ පළමුවැනි candlestick එක close උන price එකට වඩා පැහැදිලිවම ඉහළින්ය.
බලන්න එත් සමග market එක විශාල pips  ගණනක් ඉහලට ගිහින් තියෙනවා.
බලන්න මේ සියුම් දැනුමකින් ඔබට ඉහළ profit එකක් කරා යන්න උපයෝගී කරගන්න පුළුවන්.
හරි දැන් මෙම Engulfing Candles pattern එකෙහි විශේෂ ලක්ෂණ සහ හදුනාගැනීමේ විශේෂ ලක්ෂණ බලමු.
Engulfing Candles pattern එකහි මුලින් ඇති වෙලා තියෙන candlestick එකshooting star,doji,etc වෙන්න පුළුවන්.
ඒ වගේමmarket එක trend එකක යනවනම් මෙම theory ගොඩක් දුරට නිවැරදි වෙන්න පුළුවන්.
බොහෝවිට Engulfing Candles pattern  එකක් down trend යන විට ඇති වෙන්න පුළුවන්.
අනිවාර්යෙන් පළමු candlestick එක closed price එකට වඩා ඉහල price එකකින් දෙවැනි candlestick එක close  වීම සිදු වේ.
මෙය පැහැදිලිවම දෙවන candlestick එක මගින් පළමුවැනි candlestick එක ගිලග්නිමකට සමාන කරන්න පුළුවන්.ඒ අර්ථයෙන් තමයි මෙයට Engulfing Candles pattern ලෙස නම වැටිලා තියෙන්නෙත්.
ඉතාම වැදගත් මේ වගේ දෙයක් ඇති උන දැකපු ගමන් trade open කරන්න යන්න එපා.තව දේවල් ඔබට බලන්න තියෙනවා.
මෙම දැනුමත් සමග ඔබට සංයෝග කරගන්න පුළුවන් ඔබගේ Fibonacci ,  Support/resistance lines පිළිබද දැනුම. බලන්න මෙසේ Engulfing Candles pattern ඇති වන විට  trend line එක ස්පර්ෂ වෙලාද කියලා ,
ඒ වගේම බලන්න පුළුවන් ඔබට දැන් මෙම Engulfing Candles pattern  ඇතිවෙලා තියෙන්නේ හොද support level එකකදFibonacci  level එකකද කියලා,
ඉහත සදහන් සාධක එකක් හෝ කීපයක් තෘප්ත වීමක් සිදුවෙනවානම් ඔබ යොදනtrade  එක profit  වීමේ සම්බවිතාවය බොහෝ වැඩිය.
නිවැරදිව stop loss ,take profit අගයන් යොදල හොද ලාබයක් ගන්න ඔබට පුළුවන්.
ඔබගේ දැනුමට මේ අලුතින් එක් උන දැනුම සමීප කරගන්නනම් පහු ගිය chart අනිවාර්යෙන්ම බලන්න ඕන.

ඔබට මෙම දැනුම up trend එකකදී මෙන්ම down trend එකකදීද යොදා ගැනීමට හැකියාව පවතිනවා අපි කතා කලේ bullish pattern එක ගැන.ඔබ දැන් හිතල තේරුම් ගන්න bearish pattern එක කොහොමද වෙන්න ඕන කියලා.
මේ දැනුම ඔබේම කරගන්න.ඔබගේ balance එකට ගැලපෙන පරිදි ස්ටොප් ලොස් අගයන් යොදාගන්න.balance එකෙන් 2%පමණrisk  එකක් trade එකකට ගන්න. ලොකු lot size බාවිතා කරන්න එපා.මොකද ලොස්ස් වෙන හැමෝම ලොස්ස් වෙන්නේ ලොකු ලොට් size  වලින් trade කරන්න යන නිසයි.එහෙම වෙන්න නෙමේ අපි උගන්වන්නේ.බලන්න මොනතරම් තැන් වල කියල තියෙනවද නිවැරදිව stop loss ,ලොට් size අගයන් බාවිතා කරන හැටි .එ දැනුම සදාකල්ම තියාගන්න ,ඒ කොටස් බලනකොට පමණක් ඒ දැනුම් තියෙනවා market එකට trade  කරන්න අවම ඒවා හිස් කරගන්න එපා.
අනිත් දේ trade එකක් දෙකක් profit උනාම හිතන්න එපා හැමදේම හරි අය මේකේ ඉගනගන්න දෙයක් මට නැහැ කියලා.
එහෙම හිතනවනම් ලොකු වැරදීමක් වෙලා තියෙනවා..ඔබට හොද දැනුමක් තියෙනවා ඒ දැනුම බාවිතයෙන් මුවහත් කරගන්න.
බලන්න අද මොනවාද economic calender එකේ වෙන්න තියෙන්නේ කියල.ඒ economic event හොද උනොත් මොකද වෙන්නේ කියල බලන්න ඒ economic event නරක උනොත් මොනා වෙයිද බලන්න.
පහුගිය chart බලල ඒ economic event හොදනම් market එක එක කොයිතරම්නම් වෙනසක් වෙලා තියනවද කියල බලන්න.එකරලා තීරණය කරන්නstop  loss  එහෙම කොයි හරියෙන් දැම්මොත් හොදද කියල.
බලන්න market analyses  කරන අය මොනාද market  එක ගැන  කියලා තියෙන්නේ කියල. BBC Economic news වගේ දේවල් බලන එක පුරුද්දක් කරගන්න.ඔබගේ දැනුම නිවැරදිව යොදවමින් එක කරන්න හැමදකදිම,සහ සති අන්තයන් වලදී.ඒ දේ පුරුද්දක් කරගන්න.
ඔබට ජය.!!!!

Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls- NFP Sinhala

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.