Forex sinhala Advantages of forex Trading


 Advantages of forex Trading Forex sinhala Education

Forex පටන් ගැනිමේ වාසි, හා කොටස් වෙළද පොළ.Forex Vs Stock Market.

 ඔබ දැනටම් දන්නවා Forex කියන්නේ ලොකයේ විශාලම මුදල් ප්රමණයක් හුවමාරු වන මුදල් වෙළද පොළ කියලා.අපි දැන් බලමු  Forex වල පවතින සුවිශේෂි වු වාසි.

Forex sinhala Advantages of forex

නොමිලයේම ලබාගත හැකි Forex වලට සම්බන්ද කරගත හැකි අසීමිත සම්පත්.

BBC Economic ,CNN ,Yahoo Finance ,Bloomberg  වැනි ආර්ථික දත්තයන් සපයන ලොව ප්‍රසිද්ධ වෙබ් අඩවි වල සහය ලබාගත හැකි වීම.free Forex Technical analysis Reports ,fundamental reports ඕන තරම් නොමිලයේම අපිට ලබාගත හැකි වීම සහ ඒවා අපි forex trading කිරීමේදී දායක කරගත හැකි වීම .

උපයා ගත් මුදල් අපි වෙත ගෙන්වා ගැනිමේදි කිසිදු ගාස්තුවක් ගෙවීමට නැත.

මෙහිදි අප විසින් උපයන මුදල් ගෙන්වා ගෙනිමේදි සමාගම විසින්  කිසිදු මුදලක් අය නොකරයි.මුදල් ගෙන්විමට ඉල්ලුම් කළ පසු පැය 48-72 වැනි සුලු කාලයක් තුල ඔබගේ Bank account එකට මුදල් බැර විම සිදු වේ

24 /7 පුරාම ක්රියාත්මක වන  Forex Market

Forex Market සතියේ දින පහේම පැය 24 ම නොකඩවා ක්‍රියාත්මක වේ.ඔබගේ ආදායම සිමා කිරිමට කවුරුවත් නැත.ඔබට කැමති  වෙලාවක market එක තුල trade කිරීමටත් කැමති වෙලාවක trade නොකර සිටීමටත් ඔබට හැකිය. ශ්‍රී ලංකාව යනු forex trading කිරීමට සුදුසුම රටකි එහි ප්‍රයෝජනය බොහෝ දෙනෙකු නොදනී.මොකද ලෝකයේ සැම ප්‍රධාන market එකක්ම open වන වෙලාවේදී ශ්‍රී ලංකාවේ වේලාවෙන් සාමාන්යෙන් පෙරවරු 8.00 සිට පස්වරු 8.00 වගේ කාලයේ වේ. මෙම වගේ අවස්ථාවක් හිමිවන රටවල් කිහිපයි පවතින්නේ.ඒ නිසා එයත් ඔබට ලොකු වාසියක්.ඉදිරියේදී ඔබට සවිස්තරව මෙම කරුණු දැනගත හැකි වෙනවා.

Currency pair එකක අගය ඉහළ ගියත් පහළ ගියත් ඒ ඇසුරෙන් ලාභ ලබාගැනීමේ හැකියාව .

ඔබ දන්නවා කොටස් වෙළද පොල ගැන ,එහිදි අපි යම් කිසි කොටස් ප්රමාණයක් මිළට ගත්තොත් කවදාහරි එම කොටස් වල මිළ ඉහල යනකම්ම අපිට ඉන්න ඔනි ලාභයක් ලබා ගැනිමට. නමුත් Forex වල මිළ ඉහළ ගියත් පහළ ගියත් අපිට කිසිම ප්රශ්නයක් නැතුව ලාභ ලබා ගත හෑකි වෙයි.එහෙම  ලබාගන්න ආකාරය 
Forex Buy Sell Orders

Demo Account මගින් ලබාගත හැකි මුලික පුහුණුව


මෙහිදි අපිට මගින් බොරු සල්ලි වලින් ගනුදෙනු කළහැකිය.මෙය ඉතාම වාසිදයක තත්වයකි.මෙය ඔබ සදහා නොමිළයේම සපයනු ලබයි.ඒ මගින් ඔබට Forex market ක්‍රයාත්මක වන ආකාරය සජීවීව අත්දැකීම් ලබාගැනීමට හැකිය.ඒ ඇසුරෙන් තමන්ට ගැලපෙන් Trading plan එකක් ගොඩනගාගැනීමට සහ Risk Management money management සහ Trading කිරීමේදී අවශ්‍ය විනය වැඩි දියුණු කරගත හැකිය  මගි ඔබට Forex trading පිළිබදව මනා දැනුමක් ලබා ගත හැකි වේ.මුදල් තැන්පත් කරිමට කළින් Demo Accountමගින් පුහුණු විම අනිවාර්යයි.

පහත වගුවෙන් ඔබට බලාගන්න පුළුවන් stock market එක සහ Forex market එක අතර සරල සංසන්දනයක් ඒ ඇසුරින් ඔබට නිගමනයකට එන්න හැකි වෙනවා stock market එකට වඩා අතිශයින් Forex market එක වාසි සහගත බව 


Forex vs stock


 ඔබේ අවධානය පිණිසයි.

අපි මෙහෙම  හිතමු ඔන්න දැන් ඔයා ඔයාගෙම කියලා පොඩි  Business එකක් පටන් ගන්නවා.අපිට මුලිකවම අවශය වෙන දෙවල් ටිකක් බලමු Business එකක් කරද්දි.
අපිට නිශ්චිත ගොඩනැගිල්ලක් ඔන වෙනවා.එමගොඩනැගිල්ල එම Business  එකට සුදුසු පරිදි සකසා ගන්න ඔනි, වැඩෙට කියක් විතර යයිද,අවම වෂයෙන් අපිට ලක්ෂ 3වත් අවැසි වෙනවා.සමහර වෙලාවකට ඉතින් ඉඩමක් ගන්න විතරක්ම ලක්ෂ 30ක් විතර යයි.
ඊට පස්සේ අපිට විකුණනත් මොනා හරි ඔන.
එම දේවල් වලටත් ලක්ෂ 2ක් වත් යයි.ඉතින් තව ප්රචාරණ කටයුතු,ප්රවාහන කටයුතු,එකි මෙකි දෙවල් වලට කොයි තරම් මුදලක් යනවද,ඔක්කොම හරි කියමුකෝ, මිනිස්සු එන්න එපැයි Business  කරගන්න,නැත්තම් ඉතින් ඔක්කොම් ඉවරයිනේ.ඔයාලා ඔනතරම් දැකලා ඇති Business වැහෙනවා මාසෙ යනකොට,සමහර එවා තමයි සාර්ථක වෙන්නේ,ඒක 2% වගේ ඉතාම අඩු ප්රතිශතයක්.
ඉතින් ඔයාට පෙනෙනවා Business  පටන් ගන්න අඩුම ලක්ෂ 3-5ක් වත් ඔනි කියලා. නමුත් එය සාර්ථක වන ප්රතිශතයද ඉතාම අඩුයි.

forex වලදී අපිට විශාල මුලික ධනයක් අවශ්‍ය වෙන්නේ නැහැ.නිසි පරිදි ලද පුහුණුව සහ forex market පිලිබදව පවතින මනදනුම, Trading plan ,නිවැරදි money management methods ,Trading  discipline තියෙනවනම් ඔබට සාර්ථක ආයෝජකයකු වී දීර්ඝ කාලීනව forex  trading තුලින් ස්ථිර අදායම් ලබන මුල්‍ය නිදහස හිමි පුදගලයකු බවට අනිවාර්යෙන්ම පත් විය හැකිය 

ඇයි කලින් Forex ගැන දැන නොගත්තේ ?



නැවත නැවත දෙන උපදෙස වන්නේ,හොදින් මෙම පාඩ්ම මළාව අධයනය කරන්න..ඔබගේ කැපවිම මත තම්යි හැමදේම තිරණය වන්නේ.මිට පසුව එන සියලු පාඩම් ඉතාම වැදගත්.

සාර්ථක Forex Trader කෙනෙක් වීමට ඔබට අවශ්‍ය දැනුම මග පෙන්වීම අපි සපයනවා  ඔනම දෙයක් සාර්ථක වෙන්න ගැන ඉතා හොද අවබොධයක් ත්යෙන්න ඔනි. නිසා මේ ගැන ඉතා හොදින් ඉගෙන ගන්න.

Forex sinhala Advantages of forex Trading ලිපිය කියවීමෙන් ඔබට forex trading වලින් හිමි වන වාසි ගැන පැහැදීමක් ඇති වෙන්න ඇති කියා හිතනවා 

අවධානය පිණිසයි.

Forex trading වේගයෙන් ජනප්‍රිය වීමත් සමග අද වන  විවිධ දේ නොමිලයේ ලබාදෙන බව පවසමින් සහ ZULU TRADE වැනි Social trading ,Binary Option වල නැතිගුණ කියමින් අහිංසකයන් මුලාකිරීම්, රවටා ගැනීමේ ක්‍රියාවන් බහුලව සිදුවෙමින් පවතිනවා එවැනි  දේවලට නොරැවටී ඔබගේ ගමන යාමට ඔබ බුද්ධිමත් වන්න.

ඒ වගේම අප විසින් ඔබට අවශ්‍ය සියලුම දැනුම අප වෙබ් අඩවිය විසින් සපයා ඇත.ඒ වගේම ඔබ Forex කිරීමේදී අවශ්‍ය අමතර තොරතුරු සහ දැනුම ලබා ගැනීමට ඒ ඒ පාඩම් වලදී අවශ්‍ය ලින්ක් සපයා ඇත.
ඔබගේ සාර්ථක Forex දිවියට අදාල සියලුම අත්‍යවශ්‍ය forex news, trading ideas, forecast, economic Reports  forex signals,වැනි බුධිමය සම්පත්  Fxstreet.com ,babypip.com ,investing.com ,forex.com වැනි වෙබ් අඩවි වල පවතින අතර ,එවැනි වෙබ් අඩවිඔබගේ දැනුම වර්ධනය කරගැනීමට  උපයෝගී කරගන්න .


                                                                                                               

Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls- NFP Sinhala

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.