Binary Option Sinhala Guide-Best Sinhala forex Education

| |

Best Sinhala forex Education sri lanka 


මේ ලිපියේ අරමුණ දැනට forex සමග බැදී පවතින වංචා සහගත ක්‍රියාවන් ගැන ඔබ දැනුවත් කිරීම සහ ඒවායින් බේරීමට ඔබට මග පෙන්වාදීමයි.


forex sinhala education


ඔබ දන්නවා සිංහල බසින් නිවැරදිව සහ සරලව forex පිලිබදව දැනුම සපයන්නේ sumuforex බව.අපත් සමග දැනට සාමාජිකයින් බොහෝ ප්‍රමාණයක් සිටින අතර ඔව්න් ඉතාම හොද අදායම් ලබමින් සිටි.එමෙන්ම කිහිප දෙනෙකුන්ම loss විද ඇත.එයට හේතුව ඔව්න්ගේම වරදයි.
හරි මේ පොස්ට් එකෙන් කියන්න බලාපොරොත්තු වන්නේ ලංකාව තුල දැන් ක්‍රියාත්මක වන විවිධ මෆියාවන් පිලිබදවයි.

අංක 01 . forex EA ,Forex Robots සහ indicator සහ forex signal වෙළදාම 

මෙතන යන්නේ තනිකරම වංචාව.මොකද ලංකාවේ බොහෝදෙනෙක් උත්සහ කරන්නේ මහන්සියෙන් දෙයක් ඉගනගෙන තමන්ම ගොඩයන්න උත්සහ කරන එක නෙමේ.වෙන කව්රු හරි තමන්ව සාර්ථක කරලදෙනකම් ඉන්නවා.
ඒ වගේම forex හරි ලේසි දෙයක් කියල හිතනවා.ඉක්මනටම පෝසත් වෙන්න මග තමයි මේ කියල හිතනවා.
මේ දුර්වල තත්වයන්ගෙන් ප්‍රොයෝජන ගන්න කපටි නරි ටිකක් සැදී පැහැදී ඉන්නවා ඕනෑම සමාජයක.

මේ දේවල් වලට අහුවෙලා ඔබගේ ධනය,කාලය විනාස කරගන්න එපා.

මේ අය ගොදුරු ලබගන්නේ මෙහෙමයි.

මෙන්න මගේ forex වලින් ලැබුන profit මම $100ක් දාලා දවස් දෙකෙන් $1000ක් කරා කියනවා,
නැත්නම් $1000ක් දාලා $10000ක් කරා කියනවා.මේ වගේ සිත් ඇදගන්න කතා ගොඩක් කියල කොහෙන් හරි හොරගත්ත screen shot ටිකකුත් අරන් Edit පාරක් දාලා පෙන්නන්නවා.FaceBook share කරනවා නැතිනම් public Forum වල දානවා.
ඉතින් ආසයිනේ කව්රු උනත් මෙහෙම කරනවානම් නේද?

මොකද මේ අය ගොඩක් කපට්යි ලස්සන titles දාලා මිනිස්සු අදාල ගන්න.ඉතින් අර පරිනත බුද්ධිය කියන දෙය නැති ඔනකෙනෙක් ඕකට අහු වෙනවා.ඒ වගේම සල්ලි නිකන් ඉදන් හොයන්න උන තියෙන අයත් ඕකට අහු වෙනවා.

අහුවෙලා අහනවා කොහොමද කරේ ඔහොම.අපිටත් කියන්න ,මොකක්ද use කරපු strategies කියල අහනවා.ඔන්න දැන් ඇම කපු පිරිස අල්ලගන්න මේ අය දැන් පටන්ගන්නවා.දැන් ඒ අය එක්කෝ skype ,E mail address හෝ mobile number එකක් දෙයි විස්තර කියන්නම් කියල.
ඉතින් දැන් අහු උන අය මේ අයත් එක්ක සම්බන්ධ වෙනවා.පස්සේ තමයි කියන්නේ මම මේ robot එක හෝ,EA එක හෝ indicator එක $2000ක් -$1000ක් දීල ගත්තේ ඒ නිසා නිකන් දෙන්න බැහැ  $500ක් හෝ ඊට වැඩි ගානක් ඕන කියල ඉල්ලනවා .මේ අය මේවාට  ගෙවන්න කියන්නෙත් online Neteller වගේ ගිණුම් භාවිතා කරලා.එතකොට කිසිදෙයක් අල්ලන බැහැ කියල මේ කපටියන් දන්නා නිසා.තව බොරු කෝටියක් හරි කියල ඔයාලව ඇඳගන්න බලයි.

මේ දේවල් වලට අහු වෙන්න එපා.එහෙම EA ,forex Robots ලා නැහැ.එහෙම සාර්ථක ඒවා තියෙනවනම් ඩොලර් බිලියනයකටවත් දෙන්නේ නැහැ.
ඒ නිසා මේ දේවල් වලට අහු වෙන්න එපා.මේ වගේ හොර වලට අහු උන 8 දෙනෙක් මාව දැනුවත් කරා ඔව්න් EA එකක් $500 බැගින් neteller හරහා මුදල් ගෙවල ලබාගෙන.දවසෙන් දෙකෙන්  මුළු account එකම loss කරගෙන .මේ තරම් මෝඩ මිනිස්සු ඉන්නවා කියද්දීත් මට පුදුම හිතුනා.තව මේ දේවල් වලට අහු වෙලා ලැජ්ජාවට නොකියපු අයත් ඕන තරම් ඇති.
අවධාරනේයෙන් කියන්නේ මේ දේවල් වලට අහු වෙන්න එපා.

forex වලින් සාර්ථක වෙන්න කෙටි මගවල් හොයන්න එපා.සාර්ථකත්ව තියෙන්නේ ඔබේ අතේමයි.ඔබ කැපවෙන තරමට ඔබට ලැබෙයි.forex වලින් විතරක් ඔබ නොහිතන ගණන් හොයන අය අප සමග සිටිනවා.ඒ තත්වයට එන්න ඒ අය අවරුද්දක් වත් අද්දැකීම් ලබන්න ඕන.කෙටි ක්‍රම වල සාර්ථකත්වයන් නැහැ.
ඔබගේ අතේ වැඩේ තියෙන්නේ.වැඩේ කරගන්නවද වැඩේ අනාගන්නවද කියල හිතල හරියට වැඩ ටික කරගන්න.

අංක 02 signal වංචා කරුවන්.

මේ අය කරන්නේ කොහෙන් හරි free සිග්නල් අරන් ඔබට විකුණන එක .මේවට අහුවෙන්න එපා free සිග්නල් ගන්න ඕනෑතරම් තැන් තියෙනවා.නමුත් මේවගෙන් නිවැරදි වීමේ ප්‍රතිශතය ගොඩක් අඩුයි.
පුළුවන් තරම් විවිධ ආයතන වලින් market analyse කරපු report දිනපතාම නිකුත් කරනවා.ඒවා හොදින් කියවන්න.Forex .com මගින් සපයන reports ඉතාම හොදයි.මම වගකීමෙන් කියනවා.එවන් ලොකු idea එකක් ගන්න ඔබට පුළුවන්.තමන්ව දියුණු කරගන්න.තමන්ගේ දැනුම දියුනුකරගන්න.කාගෙවත් signal එකකකට trade කරන්න හරිනම් ඔබ ලජ්ජා විය යුතුයි.
forex වලට ideas ගන්න ඕනෑම තරම් සම්පත් නොමිලයේම තියෙනවා ඒවා භාවිතා කරන්න.
Yahoo Finance, bloomberg වගේ වටින site වලට නිතරම යන්න ඒවායේ ඉතා නිවැරදි තොරතුරු සපයනවා.

අංක 03 Binary option වංචාකරුවන්.


මේකනම් මට කියන්න තියෙන්නේ තනිකර සුදුවක් කියල තමයි.කියයි කට්ටිය forex වගේ නෙමේ binary option loss එක අවමයි.අනන් මනං.ඔය බයිලා වලට අහුවෙන්න එපා.

forex වලදී ඔබ දන්නවා තමන්ගේ trade එක ඕන කාලයක් තියාගන්න පුළුවන්.binary option වල එහෙම බැහැ ඔබ put option එකක් හෝ call option එකක් යෙදුවොත් නියමිත කාලයකදී ඒ ට්‍රාදේ එක auto close වෙනවා ඔබට කරන්න කිසිම දෙයක් නැහැ.
trade win කලොත් හොදයි නැතිනම් ඔබෙන් trade එකට යොදවපු මුදල සම්පුර්ණයෙන්ම ඉවරයි,24option ලගේනම් අවම trade එකක් යෙදිය හැකි මුදල $24 .trade එක ලොස්ස් උනොත් ඔබට $24ක් ක්ෂණිකවම ඉවරයි.මොකද ඔබට ට්‍රාදේ එකේ කාලය වෙනස් කරන්න බැහැ ඔබ සකසපු කාලය ඇතුලත ඒ ට්‍රාදේ එක close වෙනවමයි forex වල එහෙම වෙනවද?

ඔබ දන්නවා  market එක එක විනාඩි පහලවක් පහල ගියොත් තව විනාඩි පහලවක් ඉහල යන්න පුළුවන් ඊළගට අය market පහලට යන්න පුළුවන්.මෙහිදී මුලික ට්‍රෙන්ඩ් එක down නමුත් මේ down trend එක ඇතුලේ time frame වල කීපාරක් ඉහල පහල යාම් වලට මිල ලක්වෙන්න පුලුවන්ද?

 forex සමග binary option ගලපන්න එපා.එක හරියට අහසට පොලවවගේ.

binary option promote කරන්න හේතුව වෙන්නේ.ඔබ අදාල පුද්ගලයාගේ මාර්ගයෙන් register වීමේදී $100ක් හෝ ඊට වැඩි මුදලක් අදාල පුද්ගලයාහට commission එක ලෙස ලැබෙනවා.මේ commission එකට පෙරේත වෙලා මේවගේ අසාර්ථක දේවල් වලට මිනිසුන්ව පොලබවාලිම ඉතාම පහත් දෙයක්.
හරියට forex කරන කෙනෙක්නම් කීයටවත් binary option වලට අතගහන්න යන්නේ නැහැ.
මේ එකී නොකී අයගෙන් පරිස්සම් වෙන්න.
ඔබගේ අතේ තමයි සාර්ථකත්වය පවතින්නේ.ඒ කරා ඔබම යන්න.
කව්රු හරි කියයි binary option වල cons පැත්ත විතරයි කියල තියෙන්නේ කියල.forex සමග බලද්දී binary option වල pros පැත්තක් නැහැ.


අංක 04 ZULU TRADE

ඔබට කාලයක් මතක ඇති www.zululankaforex.com කියල zulu trade platform එකේ නැති ගුණ කියල මිනිසුන්ව මෝඩයට ඇන්දුවා .දැන් එහෙම අය හොයන්නත් නැතිවෙලා.දෙයකට යොමුවෙන්න ඉස්සෙල්ල ඒක ගැන පොඩ්ඩක් හොයල බලන්න එකට තමයි google කියල දෙයක් තියෙන්නේ.පොඩ්ඩක්  search කරලා බලන්න.ඕනෑම දෙයක් ගැන.reviews කියවන්න.එකරලා ඒ දෙගන ඔබත් හිතල තීරණයකට එන්න.කව්රුත් කිව පමණින් පිළිගන්න කියල නැහැනේ.

අවසාන වශයෙන් ඔබට කියන්න තියෙන්නේ.forex වලින් ඔබට  ජිවත් වීමට අවශ්‍ය  මුදල් හොයාගන්න පුළුවන් පහසුවෙන්ම.නමුත් මේකට කෙටික්‍රම නැහැ.pip එකක් කියන්නේ මොකක්දවත් නොදැන forex කරන්න හදන්නත් එපා හදල සල්ලි හොයන්න හිතන්නත් එපා.forex හැමෝටම ගලපෙන්නෙත් නැහැ.හැබැයි කැපවීම තියෙනවනම් තමන්ට ගලපගන්නත් පුළුවන්.
සාර්ථකත්වට කෙටි ක්‍රම නැහැ.කෙටි ක්‍රම ගැන හිතන්නවත් එපා.ඒ දේවල් ගැන හිටනවා කියන්නේ ඔබ කෝහේ  හරි කපටියෙකුගේ ගොදුරක් වෙන්න ඉන්නේ කියන එකයි..
මේ දැනුවත් කිරීමත් සමග අපිට බොහෝ තරහා කාරයන් ඇතිවේවි.නමුත් අපගේ යුතුකම ඔබට නිවැරදි දැනුම මගපෙන්වීම ලබාදීමයි.ඒ සදහා ඕනෑම අවධානයක් අපි ගන්න සුදානම්.අපි දන්නවා ඔබ අප සමග සැමදාම ඉන්නවා.
පුළුවන් තරම් මේ ලිපිය share කරන්න.ඔබගේ යහළු යෙහෙලියන්ව දැනුවත් කරන්න.
ඔබට ජය.
www.sumuforex.com 
ඔබේ සැබෑ ජයග්‍රණය අපේක්ෂා කරන ඔබගේ විශ්වාසවන්ත හිතවතා .

Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls- NFP Sinhala

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.