How to Become a Disciplined Forex Trader-Sinhala Forex Education

| |

How to Become a Disciplined Forex Trader

Forex trade කිරීමේදී විනයක් පවත්වා ගත යුත්තේ ඇයි ?trading plan එකක් ඇතිව trade කිරීමේ වැදගත් කම මොකක්ද ?

How to Become a Disciplined Forex Trader

Trading plan එකක් ඇතිව trade කිරීමේ වැදගත් කම මොකක්ද ?


අපි හිතමු ඔබට නොදන්නා රටක හෝ නොදන්නා පළාතක යම් කිසි ස්ථානයක් හොයාගන යන්න වෙනවා.ඔබට ඒ සදහා පහසුවෙන්ම භාවිතයට ගත හැකි මෙවලම් මොනවාද? නිවැරදිව පාර හොයාගන්න .අපිට පුළුවන් සිතියමක් උපයෝගී කරගන්න නැතිනම් අපිට දැන් ලහෙසියන්ම පුළුවන් google map බාවිතා කරමින් අදාල ස්ථානයට යන කෙටිම පාරවල් සහ අදාල ස්ථානයට ලගාවන අපිට යන වෙලාව  දැනගන්නඋනත් පුළුවන්.ඒ වගේම අපිට gps තාක්ෂනය භාවිතා කිරීමෙන් පහසුවෙන්ම අපිට ගමනාන්තයට ලගා වෙන්න නිවැරදි දත්තයන් ලබාගැනීමට හැකි වෙනවා.
ඉතින් නොදන්නා ගමනක් යනවනම් Gps උපකරණයක් නොමැතිව යනවා කියන්නේ ඒ තරම් හොද දෙයක් නෙමේ. ඔබට මාර්ගය වැරදෙන්න පුළුවන් මං පහරින්නන්ට අහු වෙන්න පුළුවන් පරංගියා කෝට්ටේ ගියා වගේ වෙන්නත් පුළුවන්.
how-to-make-forex-trading-plan
ඉතින් trade කිරීමේදී ඔබගේ GPS උපකරණය තමයි ඔබගේ trading plan එක වෙන්නේ 
 Trading  plan එකකට trade කරනකොට ,  gps උපකරණයෙන් ඔබගේ ගමනාන්තය හොයාගන්නවා වගේ ,trade කිරීමේදී ඔබගේ ultimate goal එක වන දීර්ග කාලීනව profit ලබාගැනීම කියන ගමනාන්තයට යාමට පහසු වෙනවා .ඒ වගේම ඔබට idea එකක් ගන්න පුළුවන් ඔබ හරි මාර්ගයට වැටිලද ඉන්නේ මාර්ගයෙන් පිට පනලනම් ඉන්නේ මාර්ගයට යන්න කරන්න ඕන මොනවාද කියල ඔබට අදහසක් ගන්න පුළුවන් වෙනව trading plan එකකට ඔබ කටයුතු කරනවානම් .

Trading plan එකකට අනුගත වීමට ස්වයං සංවරයක් පවත්වගනිමු 


මුලිකම දේ තමයි අපි ස්වයං හික්මීමක් ඇතිව ස්වයං විනයක් සහිතව trade කිරීම තුලින් අපිට දීර්ඝ කාලීනව Forex trading වලින් ලබ උපයමින් ජයග්‍රාහී trader කෙනෙකු වීම සදහා අඩි තාලම  වැටෙනවා.
ඔබ දන්නවා Forex trading කරනකොට අපිව පාලනය කරන්න කිසිම කෙනෙක් නැහැ.

ඔය Tradeඑක ඔහොම දැම්මේ ඇයි? ,
මේ වෙලාවට trade කරන්නේ ඇයි ?,
Lot  size පාලනය කරන්න 
වැඩි lot size වලින් trade දන්නා එපා.
දවසකට ගොඩක් trade දන්න එපා.
අදට ඔය Trade  කරා ඇති.
අදට ඔය උපයපු ගණන ඇති, 
trade එකකට risk එක capital එකෙන් 2% ගන්න. 

මේ දේවල් හරියටම කරනවද බලන්නවත්,මේ දේවල් කරන්න කියලවත් හෝ මේ මේ දේවල් නොකරන්න කියලවත් ,කියල බලන්න කෙනෙක් නැහැ forex trading කරද්දී.ඔබට මේවා කරන්නත් පුළුවන් නොකර ඉන්නත් පුළුවන් .නමුත් ඔබ අන්තිමට සාර්ථක trader කෙනෙකුන් බවට පත් වෙන්නේ නැහැ.ඔබට විනයක් නැතිනම්.

අන්න ඒ නිසා තමයි අපිට ස්වයං විනයක් ස්ථිර ප්‍රතිපත්තියක් අවශ්‍ය  වෙන්නේ forex trade කිරීමේදී .
forex trade කරනවා කියන්නේ හෙමින් අවධානයෙන් නීති පතා ඉගෙනගනිමින් යන්න ඕන ගමනක්, 
නැතිව ගාල කඩාගත්ත හරකා වගේ යන්න ඕන ගමනක් නෙමේ.

ඔබ trading  plan එකක් නොමැතිව trade කරනවා කියල හිතන්න.ඔබට profit වෙන trade එනවා .ඔහේ හිතුනම trade එකක් දානවා දන්නේ නැහැ ඇයි මේ trade එක දැම්මේ කියල.හිතෙනවා,  trade open කරනවා හිතෙනවා,  trade close කරනවා 
ඉතින් මෙහෙම කරන කෙනෙකුට සාර්ථක වෙන්න පුලුවන්ද ?
ඔබට ඔබගේම trading plan එකක් අවශ්‍ය වෙනවා ,එම trading plan එකට  අනුගත වීම සහ එම trading plan එක දීර්ඝ කාලීනව පිළිපැදීමට ඔබට trade කිරීමේදී විනයක් අවශ්‍ය වෙනවා.

ඔබ trading plan එකකට trade කිරීමේදී trade එකක් win කරාම දන්නවා මේ trade එක win කරේ මෙන්න මේ කරනවා නිසා. මේ trade එක loss වුනේ මේ දේ නිසා කියලා ඔබට යම් කිසි අදහසක් පවතිනවා  ඔබ හරි පාරේ ඉන්නවද වැරදි පාරේ ඉන්නවද කියලා.

විනයානු කුලව trade කිරීමේ මුලිකම පියවර මොකක්ද?


මම දන්නවා ඔබට මුදල් අවශ්‍යයි.ඔබට ඉක්මනින් ලොකු මුදලක් හොයන්න ඕන කියන ආසාව තියෙනවා .නමුත් ඔබගේ account balance තියෙන්නේ $500-$1000 ක ප්‍රමාණයක් නම් ඔබට ඉක්මනට ඔබේ target වලට යන්න බැහැ. 
ගොඩක් අය forex කරන්න යොදවන මුලික මුදල $500ට අඩුයි.මේ ආකාරයේ account balance තියාගන කරන්න පුළුවන් වැඩ කොටසක් තියෙනවා.අන්න ඒ දේ තේරුම් ගන්න එක අතිශය වැදගත්.

යන්තම් මාසයකට 25000 ක් විතර හොයන කෙනෙකුට මාසයකට ලක්ෂ දෙක තුනක් උපයන කෙනෙකු කරන දේවල් කරන්න පුලුවන්ද?

කරන්න පුළුවන් අන්තිමට එක්කෝ හිරේ තමයි ඉන්න වෙන්නේ.සරලවම කියනවනම් ඉසෙල්ලා තමන්ගේ තත්වය මොකක්ද කියල අවබෝධ කරගන්න ඕන වෙනවා.

තමන්ගේ account balance එකෙන් කරන්න පුළුවන් දේ මොකක්ද කියල ඔබ දැනගත යුතු වෙනවා .
එනම් තමන්ට trade එකකට loss වීමකදී දරාගන්න පුළුවන් මුදල දැනගන්න ඕන වෙනවා.මේ පිලිබදව අපේ risk management පිළිබද පාඩම් වලින් ඔබට දැනගත හැකි වේ 
එමෙන්ම ඔබට ආරක්ෂා කාරීව trade කරන්න පුළුවන් ලොට් size එක දැනගන්න අවශ්‍ය වෙනවා.
එසේම ඔබට ගැලපෙන trading plan එකක් පැවතිය යුතු වෙනවා. 
එසේම එම කරුණු නොකඩවා දීර්ඝ කාලීනව පිළිපැදිය යුතු වෙනවා.

බොහෝ දෙනෙක් forex trade වලට එන්නේ ඉක්මන් සල්ලි හොයන්න එහෙම එන අය ආවට වඩා වැඩි ඉක්මනින් forex වලින් විසිවෙලා යනවා.
ගොඩක් දෙනෙක් හිතන්නේ mouse click දෙක තුනකින් හොද ගානක් හොයාගන්න පුළුවන් දෙයක් තමයි forex කියන්නේ කියල.
එහෙම හිතල $100ක් විතර invest කරලා $10,000 ක account එකකින් යොදන්න ඕන trade $100 account එකෙන් යොදනවා.

මුලදී trade එකක් දෙකක් win කලොත් එතනින් එහාට කිසිම දෙයක් ගැන හිතන්නේ නැහැ. තමන් ගැන අදිතක්සේරුවකට එනවා.
කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැහැ risk එකක් ගැන කිසිම හැගීමක් නැහැ.
දාගන දාගන යනවා trade .මේකද forex trading කියන්නේ නැහැ එහෙනම් ඔබට වැරදිල.මේ forex trading නෙමේ එහෙම කරන්නේ සුදුවක්.
එහෙම තමයි ගොඩක් දෙනෙක් මේ ගැන පෙන්වල තියෙන්නේ අන්න එතනයි වරද. දැන් එක පුරුද්දක් කරගන ඉන්නවා. 
එපා ඔබේ මුදල් loss කරගන්න.ඔබේ මුදල් වර්ධනය කරගන්න .

forex trading කරනකොට ඔබට හතුරෙක් ඉන්නවා ඒ හතුරා සතුරෙකු ලෙස දකින්න ඕන.

කව්ද මේ හතුරා මේ සතුරා තමයි මුදලට තියෙන ගිජු කම මුදලට තියෙන කෑදර කම .නැතිනම් අධික තණ්හාව  මේ දේ කීවට ත්රෙන්නේ නැහැ.හිතෙන්නේ මට තණ්හාව නැහැ කියල. නමුත් තියෙනවා අපි දන්නවා ඔබට ඒක තියෙනවා. 

අන්න ඒ දේට යට උනහම තමයි ඔබට trade ගොඩක් දන්නා හිතෙන්නේ.stop loss ගැන හිතන්නෙවත් නැත්තේ.වැඩි lot size භාවිතා කරන්න හිතෙන්නේ.එක trade එකකට වැඩි රිසක් එකක් ගන්න හිතෙන්නේ.

අන්න ඒ දේවලින් වැළකීමට තමයි අපිට trading plan එකක් අවශ්‍ය වෙන්නේ.trading discipline අවශ්‍ය වෙන්නේ ,risk management /money management  අවශ්‍ය වෙන්නේ.
මේ රාමුවට අනුගත වෙන්න අමාරුයි.
ඒ නිසා මේ දේවල් නොකඩවාම කරගන යන්න ඕන.money management /risk management නොකඩවා කරගන යන්න අඩුම මාස හයක්වත්. එකරලා සංසන්දනය කරලා බලන්න ඉස්සර ඔබ හිටිය තැනයි දැන් ඉන්න තැනයි ගැන.අනිවාර්යෙන්ම ඔබගේ පැහැදිලි වර්ධනයක් පවතීවි.
මේ දේවල් නොකඩවා කිරීම තුලින් එය පුරුද්දක් බවට පත් වෙනවා. trader කෙනෙකුට අවශ්‍ය හොද පුරුදු වැඩි වෙන්න වැඩි වෙන්න ඔහු සාර්ථක වෙනවා.

ඔබ දන්නවා දැන් විනයානු කුලව trade කිරීමේ වැදගත් කම මොකක්ද කියල.විනයක් නැතිව forex කරන්න ගියාම ඔබ ඉක්මනින්ම අසාර්ථකත්වයට පත් විය හැකිය කියලත් දන්නවා.
ඔබට සාර්ථක වෙන්න ඕන කියල අපි හොදින්ම දන්නවා.

ඔබ දැනට forex trade කරන කෙනෙක්නම් කරලා loss උන කෙනෙක්නම් ඒ දේවල් අමතක කරන්න.දැන්ම තමන්ට ගැලපෙන trading plan එකක් හදා ගන්න.විනයනුකුලාව trade කරන්න දැඩි අධිෂ්ඨානයක් හිතේ ඇති කරගන්න නොකඩවා ඒ අධිෂ්ඨානයේ එල්බිගෙන ඉන්න, එවිට ඔබට සාර්ථක වීම පුරුද්දකට යනවා.wining trade ප්‍රතිශතය ඉහල යනවා.

තව post කිහිපයකින් තව දුරටත් forex trading plan එකක් හදා ගන්නේ කොහොමද කියල කතා කරනවා.
මෙම පොස්ට් එකෙන් ඔබ දැනගත්තා කියලා හිතනවා trading plan එකක වැදගත් කම සහ විනයනුකුලාව trade කිරීමේ වැදගත් කම කුමක්ද කියල.

එහෙනම් විනයානු කුල සාර්ථක forex trader කෙනෙකු විමටත්.දිනෙන් දින දැනුම හබායන උත්සහවන්ත ජයග්‍රාහී trader කෙනෙකු වී ජය ලබන්න ඔබට හදවතින්ම සුබ පතනවා.
ජය.!! 

Forex කරනවෑ කියල හිතන් සුදු කෙලින එකෙකුට පේන්න share කරන්න.. :))



Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls- NFP Sinhala

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.