Sinhala Forex Price Action Trading-Support Resistance Level-Sumuforex

Support /Resistance Line භාවිතා කිරීම Price Action Trading Part 02

Forex Trading වලදී වැදගත්ම දෙයක් තමයි අදාල currency pair එකෙහි විචලනය වටහා ගැනීම.ඒ සදහා බොහෝ Tools, Indicators උපයෝගී කරගන්නවා.
මෙම පාඩමෙන් බලමු ඉතාම නිවැරදිව market එක ගැන පුරෝකථනයන් ඉදිරිපත් කර හැකි Support Levels ,Resistance Levels භාවිතයේ මුලික සිද්දාන්ත කිහිපයක්.

MT4 Software එක  Open කරගන්න.
හරි දැන් Time Frame එක 1H ලෙස වෙනස් කරගන්න..
වඩාත් නිවරදි අනුමානයන් අපිට කළ හැකි වෙන්නේ 1H,4H වැනි ඉහළ Time Frame භාවිතා කිරිම තුලිනි.
හරි දැන් මෙන්න මේ තැනට ඔබගේ අවධානය යොමු කරන්න.

අපිට වඩාත් වැදගත් වෙන්න Horizontal Line, Trend Line කියන දෙකයි.
අපි බලමු  Horizontal Line  එකක් අදින හැටි.
_ මත Click  කරන්න. දැන් ඔබට තිරස් අතට Line එක අදින්න පුලුවන්.දැන් ඔබChart Window  එකේ කැමති තැනකින් ඔය Horizontal Line එක ස්ථාන ගත කරන්න.

දැන් ඒ ඔබ ඇදපු Line එක Double මත Click කරන්න. එවිට ඔබට පුලුවන් මෙම Line එක ඇදගෙන ගිහින් වෙනත් ස්ථානයකින් ස්ථාන ගත කරන්න එම Line එක අනවශයනම් එය Delete කරන්න  Line   එකෙහි වර්ණය වෙනස් කරගැනිමට Line එකෙහි පළල ආදිය වෙනස් කරගන්න Properties වලට ගිහින අදාලවෙනස්කම් කරගන්න ඔබට පුලුවන්. දැන් ඔබ දන්නවා Horizontal Line එකක් Chart Window එකක් තුළට ගන්නේ කොහොමද කියලා.
නමුත් තවම ඔබ දන්නේ නැ එය භාවිතා කරන්න.
දැන් අපි බලමු මෙම Horizontal  Line භාවිතා කරමින් Market එක ගැන නිගමනයකට එන්නේ කොහොමද කියලා.
බලන්න පහත රූපය දිහා..  . මෙයEUR/USD  මුදල් කාණ්ඩයට අදාලව 4Hයටතේදි ගන්නා ලද්දකි.




මෙහිදී අපිට පෙනෙන්න තියෙනවා market එක බොහෝ වාරගණනක් එකම මිල කලාපයක bounce වීමක්.එහෙම කලාපයක් හදුනාගන්න පුළුවන් අපිට S 1 ලෙස.
අපි එම කලාපයේ මිළ ගණන් bounce වීමකට ලක් උන ලක්ෂයන් යා කරමින් Horizontal  Line එකක් අදිනවා මෙයට.

එසේම අපිට තවත් ඒ වගේ මිල ගණන් bounce උන සීමාවන් එකට යාකරමින් අදින්න පුළුවන් R 1 කියන Horizontal Line එක .

මෙහිදී අපිට මෙම S 1 Horizontal Level එක R 1 ට සාපේක්ෂව Support Level එකක් ලෙස හදුන්වනවා.
ඒ වගේම R 1 Horizontal  Level එක S 1 Level එකට සාපේක්ෂව Resistance Level එකක් ලෙස හදුන්වනවා.

හරි දැන් ඔබ දැනගන්න ඕන කරුණ අපි සරලව සාරාංශ ගත කරගනිමු.

ඔබගේ Time Frame එක තෝරාගන්න .
එය 1H ට වැඩි වන තරමට ඔබගේ නිරවධ්‍ය තාවය වැඩිය..කිසිම විටක 1M chart වලට කිසිම theory එකක් apply කරන්න යන්න එපා.
දැන් හොදින් බලන්න මිල එකම මට්ටමේ බොහෝ වෙලාවක් රැදී සිටිමින් bounce වෙමින් පවතින අවස්ථාවන් මොනවාද කියලා අන්න එම අවස්ථාවන් යාකරමින් Horizontal Line ඇදගන්න .
දැන් ඔබට support Level සහ Resistance level ඇදගත හැකිය.

දැන් පහත රූපය බලන්න




දැන් ඔබට පෙනෙනවා horizontal line කීපයක්ම ඇදලා තියෙනවා.
බලන්න market Price එක එකම මිල ගණන් වල bounce වන තැන් යා කරමින් අපි horizontal Line කිහිපයක් අදාල තියෙනවා.
මෙහිදී අපිට බැලු බැල්මට පෙනෙන්නේ.Support Line එකක් සහ Resistance Line 3ක් ලෙසයි.
නමුත් මෙහිදී ඔබ අවබෝධ කරගත යුතු වෙනවා ,අපි S 1 Level එකත් එක්ක සාපේක්ෂව ගත්තම කොහොමත් R 1 Resistance Level එකක්.

ඒ වගේම අපි R 2 Line එකත් එක්ක බලපුවම R 1 Level එක Support Level එකක් ලෙස ක්‍රියාත්මක වෙනවා මොකද අපි බලන්නේ R 2 ට සාපේක්ෂව නිසා.

ඒ වගේම අපි ට R 3 Level  එකට සාපේක්ෂව R 2 Level එක Support Level එකක් ලෙස ක්‍රයාත්මක වනවා. 
මෙහිදී එක් line එකකට සාපේක්ෂව ඊලග line එක ඉහලින් පවතිනවානම් එය Resistance Level එකක් ලෙසද පහලින් පවතිනවානම් එය Support Level එකක් ලෙසද හදුන්වයි.

දැන් පහත රූපය බලන්න



එහි X කියන්නේ Support Level එකයි බලන්න 1,2,3 කියන අවස්ථා තුනකදි Market Price එක එම X Support Level එක ස්පර්ෂ කරලා තියනවා.
දැන් අපි අන්ක 3 ස්ථානයෙන් Market එකට අවතීර්ණ වෙලා Buy Order එකක් දානන පුලුවන් Stop Loss අගය  Pip 40-60  විතර පහතින්සකසන්න පුළුවන් ඔබගේ Trading Plan එක අනුව සහ ඔබගේ Risk management Plan අනුව..
බලන්න එහෙම  Buy Order එකක් යෙදීමෙන්  හොද profit එකක් ලබාගැනීමට හැකි බව ඔබට පෙනී යනවා.
මෙසේ order එකක් යෙදීමට අපිට තවදුරටත් අදාල Trade එක පිලිබදව තහවුරු කරගැනීමට Candlestick වල පිහිටීම කෙසේද කියලා බලල වඩාත් නිවැරදි ව support /Resistance Level වලදී අපිට ලබා ගත හැකි උන Trading signal එක තව දුරටත් Confirm කරගැනීමට හැකියාව පවතී
 .
දැන් බලන්න  A කියන Resistance Level අවස්ථා තුනකදී Market Price එක විසින් ස්පර්ෂ කරලා තියනවා. දැන් අපිට හිතන්න පුලුවන් තවදුරටත් මෙම ආකරයෙන්මMarket  එක හැසිරිමට ඉඩ පවති කියලා. සැලකිය යුතුයි Economic Calendar එක තුල විශේෂ සිදු විමක් වෙන්න තිඅයනවද කියලා සැලකිලිමත් වෙන්න.
 අපි අන්ක 6 ස්ථානයෙන් Market එකට අවතීර්ණ වෙලා Sell Order එකක් දානවා Stop Loss අගය Pip 40-60 විතර සකසලා.   බලන්න ඉහත රූපයේ  Market එක හැරවුම් ලක්ෂයන්  වල ස්භාවය

එම  Candlestick වලින් කියවෙන අදහස කුමක්ද කියා පෙර පාඩම් වලදී ඉගන ගත්තා
දැන් ඔබට එම දැනුම භාවිතා කරන්න පුලුවන්. එහිදී ඔබට පෙනෙනවා ඒ සෑම අවස්ථාවකම්  Reversal candlestick පිහිටලා තියන ආකාරය.

මේ ආකාරයට  Market එක  මිළ අගයන් දෙකක් අතර  Bounce වෙවි තියෙන්න හේතුව බොහෝ විට Economic calendar  එකේ වැදගත් සිදුවිමක් සිදු නොවිමයි. ඔබ ඉතාම සැලකිලිමත් වෙන්න ඔනි Economic calendar  එකහි ඉතාවැදගත් සිදුවීම් වන අවස්ථාවන් වලදි..ඔබ අනිවාර්යෙන්ම Economic calendar  එක ගැන මනා අවබෝධයකින් පසුවෙන්නම ඔනි.
Break Line And  End Of The Trend
පැහැදිලිව නොපෙනේ නම් රූපය මත click කරන්න 
ඉහත රූපයේ ආකරයට Market එක ගමන් කිරිමෙන් පසුව කුමන හෝ අවස්ථාවක  හෝ   Line Break උනොත් බොහෝ විට එම දිශාවටම  Market එක ගමන් කරන්න තියන හැකියාව බොහෝ වැඩිය. බලන්න Line  එක Break කලාට පසුව Market එකට වෙලා තියන දේ කුමක්ද කියලා..

බලන්න Line එක Break විමෙන් පසුව එම දිශාවටම Market  එක පහත බැස ඇති ආකාරය..
මේ ආකාරයෙන් Line  Break වෙන්න Economic Calendar එකේ ඉතාම වැදගත් දත්තයන් නිකුත් විමක් සිදු විය යුතුයි .
දැන් ඔබ Economic Calendar ගැන මනා අවබෝධයෙන් හා අවධානයෙන් සිටින විට මෙම Line Break  වන අවස්ථාව ගැන අදහසක් ගැනිමට හැකි වෙනවා.. එසේම මේ ආරයෙන් Market break වීම False break එකක් වීමටද හැකි වේ.ඒ නිසා ඔබ සැලකිලිමත් වියයුතු වෙනවා හරියටම S /R Line break වීමක්ද නැතිද කියලා.ඒ සදහා ඔබට උපයෝගී කරගැනීමට පුළුවන් පහසුවෙන්ම candlestick වල හැසිරීම.

දැන් ඔබට අභයාසයක් කරන්න තියනවා

අතීත සටහන් උපයෝගී කරගෙන Support Level, Resistance Level අදින්න ,
 Market Reverse වන අවස්ථා හදුනා ගන්න. Market Reverse වන විට   candlestickවල ස්භාවය හොදින් නිරීක්ෂණය කරන්න.
එම candlestick වලින් කියවෙන අර්ථය අවබෝධ කර ගන්න. Support Level, Resistance Level අදින්න හුරු වන්න
බලන්න පහත රූප දිහා. පහත උදාහරණ වල දැක්වෙන්නේ EUR/USD මුදල් කාණ්ඩයෙහි සිදු වූ මිළ වෙනස් වීම්ය.
පැහැදිලිව නොපෙනේ නම් රූපය මත Click  කරන්න.
මෙහිදි  Line කිපයක් ඇදලා තියනවා. මෙම Line ඇදලා තියෙන්නේ Market එක බොහො වාර ගනනක් එම එම මිළ පරාසය තුල චලනය විම නිසාවෙනි. ඔබත් මෙවන් Lines ඇදිමට හා ඒ ඇසුරින් නිගමන වලට එලබීමට හුරු වන්න
.Note

මෙහි ඊත්ලයකින් දක්වලා තියන Resistance Level 1  මට්ටමට මිල පමිණි පසු  දක්වා ඇති Support Level එකට සාපේක්ෂව එය Resistance Level එකකි. නමුත් Resistance Level 2 සාපේක්ෂව Support Level  එකකි.
දැන් Market  එක Resistance Level 3 මට්ටමට මිළ පමිණියා සිතන්න .එවිට Resistance Level 3 ට ස්ස්පේක්ශව Resistance Level 1 හා Resistance Level 2 යන දෙකම  Support Level ලෙස ක්‍රියා කරයි.

S/R Line Break උන පමනින් Trade දාන්න යන්න එපා. පැහැදිලි ලෙස  Line Break විමෙන් පසු Candlestick දෙකක් පමන සැදි අවසන් උන පසු Market එකට අවතිර්ණ වෙලා Trade දාන්න ඔබ මතක තබා ගන්න. Trend Line Break විද නැද්ද කියලා ඔබට අවබෝඅධයක් ගන්න පුලුවන්  Economic calendar ගැන අවබෝඅධයෙන් සිටින විට,
බොහෝ විට මෙම Support Level ,Resistance Level, Trend Line වලට Market එක ප්‍රථිචාර දක්වයි. මෙයට හේතුව ලෝකයේ අතිමහත් බහුතර Traders ලා මේ දේවල් උදවු කරගෙන තමන්ගේ Tradeයෙදීමයි.



Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls- NFP Sinhala

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.