What is a Trading Plan-Best forex educatin guide -

| |

what is a forex trading plan. learn forex sinhala

"Failure to Plan is Planning to Fail”



මෙම මාතෘකාව අපි පොස්ට් කීපයකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.මේ post කිහිපය කියවා අවබෝධ කරගැනීමෙන් ඔබට Trading plan එකක් යනු කුමක්ද කියල සහ එහි වටිනාකම අවබෝධවේවි.
ඒ නිසා එම ලිපි කිහිපයම හොදින් අධ්‍යනය කරන මෙන් ඔබෙන් ඉල්ලා සිටිනවා.

අපි ගමු අපේ රට අපේ රටට කිසිම master plan එකක් නැති රටක් දේශපාලන නායකයා වෙනස් වීමත් සමග රටේ හැම අංශයක්ම වෙනස් වෙනවා.
එසේ හෙයින් අපේ රට තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් .තව අවරුදු 10කිනුත් මේ රට මේ පාලනය වන ආකාරයෙන් පාලනය උනොත් එදාටත් මේ රට සංවර්ධනය වෙමින් පවතින රටක්.මෙහෙම වෙන්න හේතුව මොකක්ද? ස්ථිර ආර්ථික ප්‍රතිපත්ති විදේශ ප්‍රතිපත්ති නොමැති කම.මේ නිසාවෙන් රට දිනෙන් දින අදුරට යන එක අපි දැන් අඩ සියවසකටත් වඩා කාලයක ඉදන් දකිනවා.

මේ හැමදේටම හේතුව රට කරවන්නන් හට ස්ථිරසාර සැලසුමක් නැති කම සහ,සැලසුම් එක එල්ලේ දීර්ග කාලීනව ක්‍රියාත්මක නොකිරීම සහ,ගැලපෙන සැලසුමක් ක්‍රියාවට නැංවීම ,සදහා නොමැති කම.ඒ බැවින් මුළු මහත් ජනතාවම ආපස්සට යනවා.

මේ දේ ජයග්‍රණයක් බලාපොරොත්තු වෙන සැම දෙකටම අදාලයි.
අපිට ස්ථිර  සැලසුමක් පැවතිය යුතු වෙනවා..සැලසුම ප්‍රයෝගිකව ක්‍රියාත්මක කළහැකි වියයුතු වෙනවා.එසේ සැලසුමකට අනුව සාර්ථකව ඔබේ අරමුණ කරා ඔබ ඔබව මෙහෙයවනවනම් ඔබට ඔබේ අරමුණ ජයගන්න පුළුවන්.

forex වලදීද මෙය අන් කවරකටත් වඩා අදාල වෙනවා.ඔබ සැලසුම් සහගත වියයුතුයි.එම සැලසුම ප්‍රයෝගිකව ක්‍රියාත්මක කළහැකි විය යුතුයි.එසේම සැලසුම සාර්ථක වන තුරු අරමුණ ජයගන්නා තුරු සැලසුමෙහි එක එල්ලේම එල්බිගෙන සිටිය යුතු වෙනවා.

Forex Trading plan එකක මුලික අංශ තුනක් අපිට හදුනාගන්න පුළුවන්.


1.Forex Trading System 
2.Money management /Risk management system 
3.Emotion management system 

මේ කොටස් තුන අපි ඉදිරියේදී පැහැදිලි කරගනිමු 

අපි ජිවිතයේ විවිද කඩඉම් වල ඉන්නේ ,විවිධ රැකියා කරන්නේ.විවිද අධ්‍යාපන මට්ටම්,මේ නිසා ඔබට forex trading සදහා යෙදවීමට පවතින කාලය විවිධ වෙන්න පුළුවන් ,
එසේම forex සදහා යෙදවිය හැකි risk capital විවිධ වෙන්න පුලුවෙන්.
 එසේම අපි forex කිරීමෙන් බලාපොරොත්තු වන ප්‍රතිලාභය විවිද වෙන්න පුළුවන්.

මේ නිසාවෙන් එකේ අයෙකුට ගැලපෙන trading plan එක තව කෙනෙකුට නොගැලපෙන්න පුළුවන්. මේ නිසා ඔබට ආවේනික වූ ඔබට අනන්‍ය වූ trading plan එකක් පැවතිය යුතු වෙනවා .


අපිට forex trade කිරීමේදී ස්වයං සික්ෂාවක් අනිවාර්යෙන්ම පැවතිය යුතු වෙනවා,සරලව කියනවනම් විනයක් අවශ්‍ය වෙනවා.එම විනය කඩ කිරීම සපුරා තහනම් විය යුතු වෙනවා.
එනම් තමන් තමන්ටම trade කිරීමේදී නීති පනවා ගතයුතු වෙනවා.එම ස්වයං නීති කිසිවිටකවත් කඩ කරන්න බැහැ .ඒවා ඒ ලෙසම සැම අවස්ථාවකම පවත්වගතයුතු වෙනවා. උදාහරණයක් විදියට ඔබ එක trade එකක් සදහා risk එකක් ලෙස ගන්නේ ඔබගේ capital එකෙන් 2%කක්නම්  එය හැමදාටම එය එසේ වියයුතුයි.ඉරිදට එකයි.සදුදට එකයි 
තව හිතුනම තව එකයි.Trade loss එකක් වුනොත් risk එක දෙගුණ කරනයි.trade එකක් win කලාම Risk එකක් ගැන හිතන්නෙවත් නැතුව ඉන්න .එහෙම බැහැ ඔබේ ස්වයං නීති ස්ථාවර වෙන්න ඕන ගලක් වගේ.ඒ වගේම ඒවා දීර්ග කලිනවම කඩ නොකර රැකිය යුතුය.

ඔබ දීර්ගකාලීනව forex කරන්න බලාපොරොත්තු වෙනවනම්,ඔබ forex  වලින් සාර්ථක වෙන්න බලාපොරොත්තු වෙනවනම් ඔබට අනිවාර්යෙන්ම trading plan එකක් පැවතිය යුතු වෙනවා.එසේම ඔබට rock solid trading discipline (ස්ථිර විනයක් )
පැවතිය යුතුවෙනවා.

ඔබගේ trading plan එකට ,
ඔබට forex සදහා යෙදවිය හැකි කාලය ,ඔබගේ පොව්ද්ගලික අභිමමතාර්ථ ,.Forex Trading System ,Emotion management,Risk management rules ඇතුලත් වෙනවා.සහ මෙම කරුණු මත ඔබගේ trading plan එක වෙනස් වෙනවා.

ඔබ trading plan එකකට අනුගතව trade කිරීමේදී ඔබට trade කිරීමේදී ඇති විය හැකි mistake අඩු වෙනවා.අපි කියන්නේ නැහැ නැති වෙනවා කියල.ඔබෙන් වෙන අතපසුවීම් ගොඩක් දුරට අඩු වෙනවා .
එසේම trading plan එකකට අනුගත වීමෙන් අතිශය බැරෑරුම් සහගත තත්වයකදී වුවත් ඔබට නොසැලී ,ස්ථාවරව ඉන්න පුළුවන්,නිවැරදි තීරණ ගන්න පුළුවන් වෙනවා.


ඔබ forex trade කරන්නේ plan එකකට අනුව නොවේනම් ඔබ forex trade වලින් අසර්ථක වීම සදහා ඔබවත් නොදැනුවත්ම ඔබම plan එකක් හදාගන ready කරන් ඉන්නේ කියලත් අමතක කරන්න එපා.
අපි බලමු ඉදිරි post තුලින් තවදුරටත් trading plan එකක් කියන්නේ කුමක්ද ,තමන්ට ගැලපෙන trading plan එකක් හදාගන්නේ කොහොමද සහ තවත් වැඩි දුර විස්තර.
එහෙනම් දැන්ම අදිටන් කරගන්න ඔබට සුදුසු trading plan එකක් ගොඩනගා ගන්න බවටත්. එම plan එකට අනුගටව විනයනුකුලාව forex trading සිදු කර ජය ලබන බව.

මතක තියා ගන්න 95% වඩා වැඩි අලුතෙන්ම forex trade කරන්න පටන්ගන්න අය forex trading තුලින් loss වෙනවා.

 එයට මුලිකම හේතුව තමයි ඔව්න්ට trading plan ,trading system  හෝ Trading discipline නොමැති වීමයි. 

ඔබ සාර්ථක වන 5% අතරට එක්  විය යුතුයි.

ඔබට මෙම පාඩම් වැදගත් වුනානම් ඔබගේ යහළුවන්ට පෙනෙන social media වල share කරන්න එයින් forex Trading පිළිබද ක්‍රමානුකුල දැනුමක් නොමැතිව trade කරලා අසරණ වෙන එක්කෙනෙක් හෝ  සාර්ථක trader කෙනෙකු වෙයි.

Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls- NFP Sinhala

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.