Forex Trading වලට ආධුනිකයන් දැනගත යුතු මුලික කරුණු කිහිපයක්
Forex මූලික දැනුම හොදින් ග්‍රහණය කරගන්න.
ඔබ ඉතාම හොදින් Forex වල මූලිකම කරුණු මැනවින් ප්‍රගුණ කල යුතුය.එසේ නොවී ඔබTrade කිරිමට යාම යනු ආයුධයක් නොමැතිව යුද්ධයකට මැදි උනා වැනි දෙයකි. එම නිසා ඔබ මූලික දැනුමෙන් සන්නධ වෙන්න ඔන. Forex වල හොදම ආයුධ ඔබ හොදට භාවිතා කරල පුරුද්දක් ඇති කර ගන්න .
ඔබට සාර්ථක forex Trader කෙනෙකු වීම සදහා
Trading plan එකක් අනිවාර්යෙන්ම පැවතිය යුතු වෙනවා.ඒ වගේම ඔබට Trading discipline පැවතිය යුතු වෙනවා.
ඔබට money management risk management පිළිබද මනා දැනුමක් අවශ්‍ය වෙනවා සහ නොකඩවාම මේ දේවල් බාවිතය තුලින් මේ හොද trading පුරුදු ඔබ ඇති කරගත යුතු වෙනවා.
එය පුරුද්දක් බවට පත් වන්නේ දිගින් දිගටම නොකඩවාම කරගන යාමෙන්. ඒ නිසා ඔබ දිගින් දිගටම ඔබගේ trading plan එකට අනුගතව විනයනුකුලාව Trade කිරීමට පුරුදු විය යුතුය එසේ නොමැතිව මුදල් ආයෝජනය කිරිම නොකරන්න.
ඔබට අපි Forex වල හොදම ආයුධ ටික සපයලා තියනවා. ඔබ ඒවයින් හොදින් වැඩගන්න.
forex සුදු කාරයන්ට සුදු කෙලින පිට්ටනියක් නෙමේ.මේ මහත්මා traders ලාගේ ක්ෂේම භූමියයි
ඉක්මනින් ධනවත් වෙන්න ක්‍රමයක් නෙමේ forex trading කියන්නේ.එහෙම හිතන් මේකට එන යට කියන්න තියෙන්නේ.මේක ඔබට හරියන දෙයක් නෙවේ කියන එක. ඒ මානසිකත්වය ඉවත් කරගන්න. සමහරු forex කියල උගන්වලා තියෙන්නේ සුදු කෙලින්න. අන්න ඒ වගේ ගොඩක් දෙනෙක් පසු කාලීනව අපේ වෙබ් site එක ගැන දැනගන්නකොට එක්කෝ සම්පුර්ණ account loss වෙලා නැතිනම් account එකෙන් බාගයකට වඩා loss කරන් .
සමහරු හිතන් ඉන්නේ forex හරිම ලෙසයි click කීපයක් කරාම සල්ලි එන වැඩක් කියලා.
එහෙමනම් 90% අලුතෙන්ම forex trade කරන්න පටන්ගන්න අය loss වෙන්නේ නැහැ.
ඒ නිසා හිතට ගන්න මේ forex කියන්නේ මහත් වගකීමක් ඇති රැකියාවක්.
ඒ නිසා වග කීමෙන් trade කරන්න පුරුදු විය යුතයි.
How to Become a Disciplined Forex Trader පොස්ට් එකෙන් ඔබට වැඩි දුර විස්තර දන ගන්න පුළුවන්
කෙටියෙන්ම කියනවනම් ඉස්සෙල්ලම ඔබ ඉවසිමෙන් පළපුරුද්ද ඇති කරගන්න.Forex වලට පය තිබ්බ ගමන් $500-$1000හොයන්න හිතන්න එපා.ඉස්සෙල්ලම මෙහි හතර මායිම දැනගන්න ඔන වෙනවා.
ඉස්සෙල්ලම හෙමින් ඔබට Forex හුරු කරගන්න.වාහනයක් කවදාවත් අතින් අල්ලපු නැති කෙනෙකුට ඉස්සෙල්ලම කොළබ නුවර පාරවල් වල වාහන පදින්න බැනේ.ඒ සදහා ටිකෙන් ටික පුහුණු වෙන්න ඔනි වෙනව.Forex වලත් ඕනම දෙයකත් සාර්ථකත්වය තියෙන්නේ එවිටයි.ඔබ එයට එකගද??මේ පල පුරුද්ද මාස දෙකෙන් තුනෙන් ඇති වෙන්නේ නැති බවත් මතක
තියාගන්න.
ඔබට ගැලපෙන Trading plan එකක් සකසා ගන්න
කරන විටදි තම්න් ගැන හොද විශ්වාසයක් තමන්ටම තියෙන්න ඕන වෙනවා. ඔබ කාගේ වත් පස්සෙ යන කෙනෙක් බවට පත් වෙන්න එපා. තමන්ටම කියලා Trading plan එකක් හදාගන්න.
ඒ ක්‍රමයේ අඩුපාඩු මොනවද කියලා හොයලාබලන්න. තව තවත් එම ක්‍රමය දියුණු කර ගන්න.
අනුන්ගේ කතාවලට නැටවෙන රූකඩයක් බවට කිසිවිටක පත්වෙන්න එපා.ඔබ ගැන ඔබ විශ්වාස කරන්න.ඔබට කරන්න පුලුවන් කියලා හිතෙනවනම් ඔබට පුලුවන්. තව කාටවත් පුලුවනම් මටත් පුලුවන් නෙමේ. ඔබට හිතෙනවනම් ඔබට පුලුවන් කියලා ඒ ඇති.
Demo Account භාවිතය.නුවණින් යුතුව සිදු කරන්න
Demo Account එකක් භාවිතා කරන විට ඔබට වැරදි පුරුදු ඇති වෙන්න පුලුවන්.එයට ප්‍රධානම හේතුවක් තමයි. ඔබට ලැබෙනේ ඩොලර් 10000ක පුහුණු ගිනුමක්.
එහිදි අවම Lot size එක වෙන්නේ 0.1කියන එකයි.එවිට ඔබට වෙනස් වන එක Pip එකකට $10ක ලාභයක් හෝ අලාබයක් ලැබෙනවා.එවිට ඔබට මෙහි තියන බරපතලකම දැනෙනවා අඩුයි. ඒ නිසා ඔබ සැම විට්ම හිතන්න ඔනවෙනවා මේ මුදල බොරු මුදලක් නොවන වග මේ ඔබේම මුදලක් කියන වග ඔබ සිතන්න ඔන වෙනවා. එවිට ඔබට ඉතාමත් හොද පලපුරුද්දක් ඇති වෙනවා. Forex වලදී Trade කරන විටත් ඔබ සැම විටම Stop loss අගය යොදාගැනීම අනිවාර්යයි.එවිට ඔබට සැබැම ගිණුමක් සමග ගනුදෙනු කරන විට ලැබෙන අත් දැකීම් විද ගත හැකිය.
නිවැරදි Emotion Control කිරීමේ ක්‍රමවේදය .
කියමනක් තියෙනවා සාර්ථක forex trader කෙනෙකු වෙන්නේ වඩාත්ම බුද්ධිමත් Trader නෙමේ වඩාත්ම හොදින් තමන්ගේ හැගීම් පාලනය කරගන්නා trader කියල .
එනම් ඔබ ජයග්‍රහණයේදී තමන් ගැන අධිතක්සේරුවක් ඇති කරනොගනිමටද,Trade එකක් loss වීමෙන් කම්පනයට පත්විමකින් තොරව මැදි මාවතේ ගමන් කලයුතු වෙනවා.මේ පිළබද වැඩි දුර කරුණු ඉදිරි පාඩම් වලින් උකහා ගත හැකිය .
කිසිම විටක පැය 24 Computer ලගට වෙලා Chart දිහා බලාගන ඉන්න පුද්ගලයෙක් නොවන්න. එවිට ඔබ්ගේ මානසික ඒකාග්‍රතාව බිදවැටෙනවා ඇත
නිරන්තර දැනුම පිපාසයෙන් පෙළෙන්නෙකු විය යුතුය.
forex Trading කරන ඔබ අතිශයින්ම විශේෂිත පුද්ගලයෙක් විය යුතුය.
ලෝකයේ සිදුවන සැම දෙයකම ආර්ථික සමාජීය දේශපාලනික කරුණු ගැන අවබෝදයකින් සිටිය යුතුය.වේගයෙන් කරුණු ග්‍රහණය කරගන්නෙකු වියයුතුය.ඉක්මනින් නිවැරදි තීරණ වලට එලබිමේ හැකියාව තිබිය යුතුය. විශේෂම දෙයනම් නිරන්තර ඉගන ගන්නෙකු දැනුම හබයන්නෙකු වියයුතුය.ඔබගේ දැනුම දියුණු කරගත හැකි වෙබ් අඩවි අපි විවිද පාඩම් වලදී උචිත අයුරින් ඉදිරි පත් කර ඇත
Trade කරන්න currency pairs 3 කට වඩා තෝරා ගන්න එපා
Trade කිරීමේදී ඔබට පෙනෙනවා currency pair ගොඩක් තියනවා කියලා.එහෙම තිබුනට අපි එක්currency pair එකක් තෝරාගන්න ඕන වෙනවා.බොගෝ වේලාවට EUR/USD,GBP/USD වඩා හොදයි.අපිට EUR/USD,GBP/USD currency pairs වලට ලැබෙනNews වැඩියි.ඒ වගේම් ලොව අතිමහත් බහුතර Traders ලා Trade කරන්න යොදාගන්නේ currency pairs .එබැවින් එම currency pairs Theory වලට අදාලව හැසිරෙන සම්භාවිතාවය වැඩිය.
Don’t Over trading.
අපි පෘත්ග්ජන මිනිසුන් ලෙස තණ්හාව අප ලග තියනවා. Forex වලදි තණ්හාව කියන්නේ අන්තිම නරකම දෙයක්, නෙමේ අන්තිම නරකම දෙයයි .
අපි යොදන Trade වලින් අපිට ඉතාම හොද ලාභ ලැබෙන්න පටන් ගත්තම තව තවත් Trade යොදන්න ආසාව ඇතිවෙනවා. Risk management ,Forex news,economic calendar,trend lines,support level,resistance level,candlestick reading ඔය සේරම අමතක කරලා දානවා හිතුන හිතුන තැනTrade දාන්න පටන් ගන්නවා.කියලදුන්න සැමදේම මොහොතකින් අමතක කරනවා.
පිප් ඒකක් හරි ලාභයක් ගන්න හිතන් කිසිම stop loss අගයක් නොදා මෝඩ කමින් පිරිලා තණ්හාවෙන් බරිත වෙලා Trade දාන්න ගන්නවා.එහෙම කරන්නේ forex Trading ද නැහැ ඔබට වැරදිලා. ඒ කරන්නේ සුදුවක්.අන්ත සුදුවක්.forex කරනවා කියලා සුදු කෙළල forex වලට බනින්න එපා
Risk management නොකර කිසිම විටක සාර්ථක Forex Trader කෙනෙක් වීමට කිසිවිටකත් නොහැක.
Forex Trading පිළිබද නිවැරදිම දැනුම සපයන sumuforex වෙබ් අඩවිය මගින් සපයන Forex Trading Risk Management පිළිබද ලියවුන නවතම ලිපි මාලාව දැන් ඔබට කියවිය හැකිය.