Sri Lanka Sinhala Free Forex Education-How to use Stop Loss correctly

| |

How to use Stop Loss www.sumuforex.com

අද අපි බලමු නිවැරදිව Stop Loss  අගය භාවිතා කරන ආකාරය ,
Stop Loss  අගය යෙදීම Forex වලදී ඉතාම වැදගත් වන අතර , Stop loss අගය නිවැරදිව භාවිතා කරන ආකරය ඉතාමත් හොදින් දැන ගැනීම Forex වලදී අත්යවශයම කරුණක් වෙනවා.හරි පළමුවෙන්ම අපි බලමු Stop Loss  අගයක් යොදන්නේ ඇයි කියලා.

ඔබ නිවැරදිව risk management කරන කෙනෙක් නම් ,Trading Plan එකකට Trade කරන කෙනෙක්නම් ඔබ අනිවාර්යෙන්ම Stop loss අගයක් ඔබ යොදන සෑම Trade එකක් සදහාම යොදාගත යුතු වෙනවා.ඔබ එසේ නොකරනවා යනු ඔබ අසාර්ථක වීමට ඇති මගදිගේ වේගවත් ගමනක් යන්න පටන්ගන නෙමේ,වේගවත්ව ගොඩක් දුර ගිහින් 

මෙසේ Stop Loss  අගයක් යෙදීමට හේතුවනම් ,සමහර අවස්ථාවන් වලදී ඔබ නොසිතන ආකරයෙන් ඉතාමත් වේගවත්ව Market එක වෙනස් වන අවස්ථාවන් උදා වෙනවා. ඒ වගේම තමයි සමහර කාලයන් වලදී එකම Trend එක (Bullish,Bearish Trend) මාසගණනක් පවතිනවා. මෙසේ වු විට Stop Loss අගයක් නොයොදා Trade කිරීමෙන් වැරදි Trade එකක් යොදා තිබුනේනම්. Market එක ඉහළ යන විට Sell Order වගේ යොදා තිබුනේනම් ඔබගේ ගිණුමේ ඇති මුදල් ප්‍රමාණය ප්‍රමාණ්වත් නොවූ විට Account Loss විය හැකිය. මෙවන් අවස්ථාවන් වලින් මිදී ඉතාම හොදින් ඔබගේ ගිණුම සාර්ථකත්වය කරා ගෙන යාමට  Stop Loss අගයක් යෙදීම ඔබට බෙහෙවින් උප කාරී වේ..

කවුරු හරි ඔබගෙන් අහනවා ඇයි ඔයා මේ Trade එක මෙතනින් දැම්මේ කියලා.
එවිට ඔබට දෙන්න හොද උත්තරයක් තියෙන්න ඕන වෙනවා. ඒ කියන්නේ ඔබ ආවට ගියාට දැකපු දැකපු තැන් වල Trade  දාන්න එපා. Trade එකක් දාන්න හේතුවක් හදා ගන්න.
එනම් ඔබ යොදන් Trade  එක පිළිබදව මනා විස්වාසයකින් යොදන්න.
මෙම පාඩම් කියවන්න ඔබට Stop Loss අගය යෙදිය යුතු අවස්ථාවන් ගැන අවබෝධයක් ලැබෙනු ඇත. දැන්  පහත රූපය වෙත අවධානය යොමු කරන්න.


Sinhala Forex Education
රූපය පැහැදිලිව නැතිනම් රූපය මත Click කරන්න

මෙය
EUR/USD වලට අදාල H1 සටහනකි.
දැන් මෙය හොදින් අධයනය කරන්න. මෙය දින 9 කාල සීමාවක් පෙන්නුම් කරනු ලබයි
හරි දැන් බලන්න ඔබට පෙනෙනවා මෙහි කලාපයන් දෙකක්.

Selling Area
Buying Area

 දැන් බලමු මෙම කලාපයන් වලදී අපිට ගත හැකි නිගමනයන්.මෙහි Selling Area
එක වෙත ඔබගේ අවධානය යොමු කරන්න.මේ ආකාරයෙන් Support Levels/Resistance Levels   ඇදීම ඔබ මෙම පාඩම් වලින් ඉගන ගන්න .
බලන්න Market  එකෙහි අගය.1.3800-1.3840
මෙම කලාපය ඉතාමත් ශක්තිමත් Selling  Area එකකි. මෙම කලාපයේදී Market එක  තුල sellers  වැඩි වේ Market එක පහළට ගමන් කිරීමට ඇති හැකියාව ඉතාමත් වැඩිය. මෙම කලාපයේදී Sell Orders යෙදීමට හැකිය
 දැන් බලමු Stop loss අගය යොදන්න හොදම් තැන මොකක්ද කියලා.
හිතන්න ඔබ දැන් Market  එකට පිවිසිලා Sell Order එකක් යොදනවා EUR/USD 1.3810 කියන අගයේදී .
දැන් බලන්න නිල් පැහැති කඩ ඉර, මෙම කඩ ඉරෙන් ඉහළට මිළ ගනන්  වැඩි වී නැත. අපිට පුලුවන් එම නිසා Stop Loss  අගය 1.3845 වගේ අගයකින් සකසන්න(පිප්  35-55ක් පමණ ඉහළින්). මොකද 1.3845 වගේ අගය පහු වෙන තුරු Market  එක ඉහළ ගියොත් Market එක තව දුරටත් ඉහළ යාමට ඇති ඉඩ කඩ වැඩිය.
උදාහරණයක් ලෙස කියන්න පුලුවන් EUR/USD 1.3810  කියන අගයෙන් Sell Order එකක් යොදලා 1.3845 කියන අගයෙන් Stop Loss අගය සකසන්න. Market එකෙහි මිළ ගණන් Buying Area වලට ළගා වූ විට ඔබට Buy Orders යෙදිය හැකිය මෙහිදිද Stop loss අගය  Pip 35-55 පමණ පහතින්  සකසන්න.
බලන්න Support Line  එක Break වීමෙන් පසුව Market එක විශාල බැස්මකට ලක් වී ඇති අන්දම. ඔබට මේ වගේ අවස්ථාවන් වලදී Pending Orders යොදාතැබිය හැකිය . සෑම විටම මේ වගේ පැහැදිලි නිගමනයන් වලට ඇවිත් Trade යොදන්න පුරුදු වෙන්න.

දැන් බලන්න පහත රූපය දිහා,
Learn Forex
රූපය පැහැදිලිව නැතිනම් රූපය මත Click කරන්න

මෙය
EUR/USD වලට අදාලව H1 Chart එකකි.
Trend එකක් අදුනා ගත හැකි ආකාරයක් නම් ,බොහෝ විට පැහැදිලිව පෙනෙන හැරවුම් ලක්ෂ තුනක් Trend Line එක Test කල විට බොහෝවිට Trend  එක තවදුරටත් ක්‍රියාත්මක වෙන්න පුලුවන්, 

දැන් ඔබට අදහසක් එනවා මෙය Bullish Trend එකක් කියලා.දැන්  No4 පෙන්නුම් කරන ප්‍රදේශයට මිළ ගණන් ලගා වූ විට ඔබට පුලුවන් Buy Order   එකක් යොදන්න. එවිට Stop Loss අගය Trend Line එකට පිප් 30 -55 විතර පහතින් යොදන්න. (ඔබගේ risk management කිරීම් වලට ගැලපෙන පරිදි )

ඒ වගේම ඔබට Take Profit අගයත් යොදන්න පුලුවන් 3a කියන ප්‍රදේශයට ආසන්නව.එසේ නොමැතිනම් පිප් 20ක50 Profit එකකින් සෑහිමකට පත් වෙලා නැවත Market එක හොදින් අධයනය කරලා Market එකට පිවිස Trade යොදන්න. ඒ වගේම තමයි ඔබට පුලුවන්1a,2a,3a,4a,….. කියන තැන් වලින් Market එකට පිවිස Sell Orders යෙදීමට.
එහිදීද Stop Loss අගය  pip 35 -55පමණ අගයකින්  සකසන්න. මේ සමගමTake Profit අගය යොදා ගන්න පුලුවන්. 


RSI+Support Level+Resistance Levels+Trend Lines Trading Method 

තවද මෙහිදී අපිට Trend Line එකෙන් සහ RSI එක යන දෙකම උපයෝගී කරගෙන නිවැරදි Trading ideas ලබා ගත හැකිය. බලන්න පහත රූපය දිහා.
රූපය පැහැදිලිව නැතිනම් රූපය මත Click කරන්න
මෙහිදී RSI  Indicator එක භාවිතා කර ඇත  RSI  Indicator ගැන වැඩි දුර විස්තරමෙතනින්බලන්න

මෙහිදී  ඔබට Trend Line /RSI  Indicator කියන සම්පත් දෙකම භාවිතා කරමින් නිවැරදි Trading Ideas ලබා ගත හැකිය.
 දැන් බලමු මෙමTrend Line  එක  Break වන ආකාරය.බලන්න පහත රූපය දිහා;



රූපය පැහැදිලිව නැතිනම් රූපය මත Click කරන්න
මේ ආකාරයෙන්Trend Line Break   වන අවස්ථාවන් වලදී ඔබට ලාභ ලබාගැනීමටනම් Pending Orders භාවිතා කර හැකිය. Trend Line එකට Pip 30-40 පහතින් Sell Stop  එකක් යෙදුවනම් ලොකු ලාභයක් ලබා ගත හැකි වෙනවා.pending orders යොදන ආකරය අමතකනම් මෙතනින්බලන්න.



බලන්න මෙමTrend Line Break වීම ගැන. මෙම Trend Line එකBreak  වීම සිදු වී තියෙන්නේ 2013/11/19වැනිදින  කියන 19 GMTවේලාවේදීය. දැන් බලමු ඒ මොහොතේ High Economic Data Release උනාවත්ද කියලාEconomic Calendar ගැන ලියවුන ලිපියත් බලන්න

Economic Calendar භාවිතා කරමින්  Trend Line Break කරලා තියන වෙලාවට නිකුත් වුන Data එක මොකක්ද කියලා බලන්න
බලන්න පහත රූපය දිහා.



එම වේලාවට
release වී ඇති Data එකනම් USD FOMC Minutes වේ.
මෙහිදී අපගේ උදාහරණය අනුව
ඔබට පුලුවන් Pending Order එකක් යොදලා තියන්න  19GMT කලින් එය Sell Stop  එකක් විය යුතුය.එහිදී EUR/USD 1.3500   වැනි අගයකින් EUR/USD sell Stop එකක් යෙදිය හැකිය .Stop Loss  අගයත් pip 25-30 විතර අගයකින් සකසන්න. එවිට Market  එක පහළ බැස EUR/USD 1.3500
 කියන අගයට ලගා වූ විට EUR/USD Sell Order  එකක් Open වීම සිදු වේ. Market  එක ඉහළ නැගීමක් සිදු වීනම් මෙම Pending Order එක Active  වී Trade open වීමක් සිදු නොවේ. එවිට ඔබට පුලුවන් Pending Order එක Delete කරලා දාන්න. මේ ආකාරයෙන්ම අවස්ථානුකූලව Buy Limit,Buy Stop,Sell Limit,Sell Stop යෙදිය හැකිය. මෙසේ යොදන් සෑමTrade  එකක් සදහාම Stop Loss අගයක් යොදන්න අමතක කරන්න එපා

සැලකිය යුතුයි.
මෙම High economic data වලට trade කිරීම කිසිම විටකවත් ආධුනික traders ලා නොකළ යුතුය.ඔබ අව්රුද්දක් වත් forex market එක සමග ගනුදෙනු කර හුරු වූ පසු high economic data සමග කල්පනාකාරීව ගනුදෙනු කරන්න. හොදම දේ මේ වගේ වෙලාවට market එක පැත්ත පළාත නොබලා ඉන්න එකයි.Trade කරන්න වෙන ඕන තරම් වෙලාවල් තියෙනවනේ.ගොඩක් දෙනෙක් කරගන්නේ මේ high economic data වලට trade කරන්න ගිහින් දවස් ගානක් මහන්සියෙන් උපයපු මුදල විනාඩි ගණනකින් loss කරගන්න එක.
ඒ නිසා හොදම දේ මේ වෙලාවල් වලට trade නොකර සිටීමයි.
මේ ලියන මමද කොතරම් අත්දැකීම් තිබුනත් කොතරම් පළපුරුදු කම් තිබුනත් High economic data වලට Trade කරන කෙනෙක් නෙමේ.
ඉතින් එහෙමනම් ඔබ ගත යුතු තීරණය ඔබම සිතා ගන්න.

මොකද දැක්මක් ඇතිව plan එකක් ඇතිව Trade කරනකොට High Risk වැඩ වලට අතගහනවා කියන්නේ එතන දැක්මකුත් plan එකකුත් නැහැ කියන එකයි.

ආධුනිකයන් මෙම High Economic Data නිකුත් වන අවස්ථවන් වලදී Trade කිරිමෙන් වැලකී සිටින්න. ඔබට අත් දැකීම් ලැබීමත් සමග එම අවස්ථාවන් සමග Trade  කරන්න.
ඔබ රැකියාවක් කරනවානම් හෝ අධයාපන කටයුතු නිසා කාර්ය බහුලනම් මේ ආකරයෙන් Market එක Analysis  කරමින් Pending Orders  යොදා තැබිය හැකියඑම Orders වල Stop Loss Take Profit අගයන්ද සකසන්න අනිවාර්යෙන්ම මතක තියා ගන්න.

තවද ඉතාම හොදින් මතක තියා ගන්නTrend Line එකක් Break උන පමණින් Trade යොදන්න කිසිම විටකවත් හදිස්සි වෙන්න එපා
බලන්න හොදින් අලුතින් හැදෙන Candlestick එක කොතනින්ද පටන්ගන්නේ කියලා බලන්න 

බලන්න ඒ වගේ Trend Line එක Break  උන වේලාවන් වලදී නැවත අලුතින්ම ඇති වන Candlestick එක හෝ දෙක ඇති වන්නේ Trend Line  එකට ඉහතින්ද පහතින්ද කියලා.. අලුතින් ඇති වන Candlestick දෙකක් හෝ තුනක් Trend Line එකට පිටති ඇති වේනම් එම ඇති වන දිශාවට Market එක ගමන් කිරීමට ඇති ඉඩ කඩ වැඩිය. එසේම Trend Line එකට ඇතුලතින් අලුත් Candlestick දෙක හෝ තුන ඇති වේ නම් එම දිශාවට Market එක ගමන් කිරීමට ඇති ඉඩ කඩ වැඩිය.මේ නිසා ඉතාම හොද අවධානයකින් සිටින්න මෙය ඇත්තටම Trend Line  Breakout එකක්ද කියල. පහත High Economic Data /News නිකුත් වන අවස්ථාවන් වලදී බොහෝ විට පවතින Trend Break වීමට හැකිය
ලිපිය දීර්ඝ වන බැවින් මෙම High Economic Data /News ගැන විස්තරය මෙතනින් බලන්න

මෙම High Economic Data /News ගැන ඉතාම හොද අවධානයකින් සිටින්න.

එහෙනම් ඉතාම හොදින් Demo Account Practice කිරීමෙන් අනතුරුව Real Trade කරන්න පටන්ගන්න. Real Trade කිරීමෙදී $300ක් වැනි මුදල් ප්‍රමාණයකින්Trade  කරන්න පටන් ගන්නව නම් කිසිම විටක0.01 volume වඩාවැඩි Volume අගයකින් Trade කරන්න එපා. . වගේම තම්යි. එක් Trade එකක්Profit විමෙන් පසුව එය Close කිරීමෙන් අනතුරුව පමණක් තවත් Trade එකක් Open කරන්න.
දැන් ඔබ දන්නවා නිවැරදිව  Stop Loss යොදන්නේ කොහොමද කියලා.මෙය ඉතාම හොදින් පුහුණු වෙන්න.

ඉහත අපි පෙන්වලා තියෙන්නේ උදාහරණ දෙකක් පමණයි. මෙවන් අවස්ථාවන් ඕනතරම් ඔබට පසුගිය Charts පිරීක්සීමෙන් බලාගත හැකිය. Trend Lines ,support/resistance line වගේ ඒවා ඇදලා පුලුවන් තරම් පුහුණුවෙන්න. මේවාට කාලය කැප කරලාඉගන ගත්තා කියලා ඔබට කිසිම විටක පාඩුවක් වෙන්නේ නැ. මෙම දැනුම ඔතු දිනක ඔබගෙ ජීවිතය වෙනස්ම කිරීමට උදව් වේවි.
ඔබට යම් ගැටළුවක් ඇති තැනක් වේනම් අප වෙත නොපැකිලිව යොමු කරන්න. හැකි විගස ඔබට උදව් කිරීමට අප සූදානම්.
Email: sumuforex@gmail.com  / help@sumuforex.com


Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls- NFP Sinhala

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.