Moving Average Trading Method Part 01-Sinhala Forex 2019

| |

Sinhala Forex Moving Average Part 01

ඔබ risk management ගැන ලියුන ලිපි  දෙක කියවා ඒ දැනුම ඔබගේ සාර්ථකත්වය සදහා උපයෝගී කරගනු ඇතයි අපි සිතනවා.එම පාඩම් දෙක අතිශයම වැදගත් වෙනවා.එම පාඩම් ඉතාම හොදින් කියවා අවබෝධ කරගන්න අපහසු කරුණු පවතීනම් අපවෙත දන්වන්න.ඔබට අවශ්‍ය උපකාරය කිරීමට අප සුදානම්.
අපි අද බලමු අපිට අතිශය වැදගත් වන්නාවූ Indicator එකක් පිලිබදව .මෙය moving average ලෙස හදුන්වනවා. පාඩමෙන් ඔබට දැනගන්න පුළුවන් එක නිවැරදිව භාවිතා කරන ආකාරය සහ ඒ ඇසුරින් නිවැරදිව trade කරමින් profit ලබාගන්නා ආකාරය.
moving average Indicator එකෙහි භාවිතාවන සරල සිද්ධාන්තය කුමක්ද බලමු.
මෙහිදී භාවිතා වෙන්නේ කිසියම් x කියන කාල පරාසයකදී කිසියම් currency pair එකක closing price එකෙහි සාමාන්‍ය අගයයි ..
අපි වැඩි පුර භාවිතා  කරන්නේ Simple Moving average වේ.
දැන් අපි බලමු moving average Indicator එක අපගේ MT 4 chart එකට add කරගන්නා අකාරය කොහොමද කියල,
Insert> indicators> Moving Average  මෙම පියවරයන්ගෙන් පසුව ඔබට පහත ආකාරයෙන් Window එකක් ලැබේවි.

මෙහි period  දැනට 55 ලෙස සකසාගන්න
MA Method: Simple ලෙස සකසාගන්න
Style ඔබට කැමති ආකාරයකින් සකසාගන්න
දැන් ඔබට පහත ආකාරයෙන් ඔබගේ trading window එකට අදාල indicator එක add වී තියේවි.














මෙම moving average Indicator භාවිතා කරමින් අපට ප්‍රධාන වශයෙන් ප්‍රයෝජනයන් 4ක් ලබාගත හැකිය.
එනම් ,
Trend එක නිවැරදිව ඇදුනා ගැනිම ,
Trade එකක් නිවැරදිව යෙදීමට සුදුසුම ස්ථානය තෝරා ගැනීමට .
Trend එකක් Revers වීමක් හදුනාගැනීමට
Support /Resistance Levels ලෙස භාවිතාකිරීමට සහ හදුනාගැනීමට ,
Stop Loss /Take profit අගයන් නිවැරදිව ස්ථානගත කිරීම සදහා.

ප්‍රධාන Trend නිවැරදිව ඇදුනා ගැනිම ,

ප්‍රධාන Trend එක ඇදුනා ගැනීම සදහා අපි D 1 time frame එකට moving average එක ඇතුලත් කරගන්නවා  මෙහිදී period
එක 233 ලෙස සකසා ගන්න.සාමාන්යෙන් භාවිතාවන්නේ 200 අගයයි අපි එය 233 ලෙස ෆිබෝන්ච්චි numbers ලෙස යොදාගන්නා ලදී.මෙහිදී වැඩිපුර නිරවධය තාවයක් ඔබට ලබගතහැකිය.
බලන්න පහත රුපය දිහා ,මෙහි දැක්වෙන්නේ GBP/USD සදහා D 1 Time frame එකට moving average Indicator එක යොදාගත් අවස්ථාවකි .














ඔබට මෙහිදී පැහැදිලිවම අදුනගන්න පුළුවන් මෙම කාලපරාසය තුලදී මොනවගේ එකක්ද සදහා පවතින්නේ කියල .පැහැදිලිවම පෙනෙනවා GBP /USD සදහා ප්‍රභල bullish trend එකක්  පවතින බව .
ඔබට පුළුවන් වෙනවා දීර්ඝ කාලීනව පවතින trend එක කුමන ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවද කියල අවබෝධයක් ලබාගන්න .ඒ වගේම මෙම කාලයේදී බ්‍රිතනය ආර්ථිකය ඉතාමත් යහපත් අගයක පවතී බව එනම් ඔව්න්ගේ GDP අගය unemployment අගය සහ උද්දමනය් ආදී සාධක ඉතමත් යහපත් මට්ටමේ පවතී බවට ඔබට හදුනාගන්න පුළුවන් අවශ්‍යනම් පසුගිය economic data අධ්‍යනය කිරීමෙන් . ඒ සදහා මෙම ලින්කුවද ඔබට ප්‍රයෝජනවත් වේවි.
දැන් ඔබට ට්‍රෙන්ඩ් line අදිනවට අමතරව moving average මගින්ද ට්‍රෙන්ඩ්  එක අදුනගනිමට හැකියාව ලැබෙනවා.
මෙහිදී අපි මුලිකවම අදුනගන්න උත්සහ කරන්නේ ප්‍රධාන ට්‍රෙන්ඩ් එකයි.මේ ආකාරයෙන් ප්‍රධාන ට්‍රෙන්ඩ් එක අදුනාගැනීම වඩාත්ම වැදගත් වන්නේ D 1හෝ ඊට වඩා වැඩි time frame එකක් යටතේ long time trade යොදන අයටයි.එසේම මෙය සැම වර්ගයේ trader කෙනෙකුටම වැදගත් වේ.
ප්‍රධාන Trend break වීම අදුනාගැනීම ..
බලන්න පහත රූපය දිහා මෙම රූපයෙන් පෙන්නුම් කරන්නේ gbp /usd අදාලව D 1 chart එකෙහි ගන්න ලද screenshot එකකි.






මෙහිදී ඔබට පැහැදිලිවම පෙනෙනවා අපේ 233 moving average line පැහැදිලිවම break වීමක් වෙලා තියෙනවා.ඒ  සමගම ඉතාම පැහැදිලිවම market එක සීග්‍ර බවුමකට ලක් වෙලා පවතිනවා.එනම් දැන් ඔබට පැහැදිලිවම market  ගමන්මගෙහි හැරවුමක් හදුනාගත හැකියාව ලැබෙනවා.
දැන් බලන්න පහත රුපය දෙස ,






මෙහිදී පැහැදිලිව අපේ 233 moving average line එක break වීමකට ලක් වෙලා තියෙනවා පසුව පැහැදිලිවම downtrend එක ප්‍රභල bullish trend එකක් බවට පත් වී තියෙනවා.එනම් ඔබට දැන් පැහැදිල්යි 233 moving average line භාවිතා කිරීමෙන් ඉතාම හොදින් ට්‍රෙන්ඩ් එක කුමක්ද සහ trend break වීමද අපිට හොදින්ම අදුනගන්න පුළුවන් වෙනවා.

ප්‍රධාන support /Resistance line හදුනාගැනීම. 

බලන්න පහත රූපය දිහා මෙම රූපයෙන් පෙන්නුම් කරන්නේ gbp /usd අදාලව D 1 chart එකෙහි ගන්න ලද screen shot එකකි.






ඔබට මෙහිදී පෙනෙනවා 233 moving average line එක Support Level එකක් ලෙස ක්‍රියා කරලා තියෙනවා .එනම් ඔබට පුළුවන් මෙහිදී 233 moving average line එක බවිතාකරමින් long-term S /R lines ඇදගන්න.ඒ වගේම ඔබට පුළුවන් හොදින් නිරීක්ෂණය කරලා 233 moving average line එක ස්පර්ෂ කල පසු ප්‍රධාන trend එක bullish trend එකක් නම් buy trade එකක්ද ප්‍රධාන trend එක downtrend එකක්නම් sell order ද යෙදිය හැකිය .

The moving average Golden crossover

අපි දැන් D 1 chart   එක සදහා moving average lines  දෙකක් යොදාගන්නවා .එකක් 233, අනෙත් එක 55 moving average line එකයි ..මෙම අගයන් දෙකම ෆිබෝන්නච්චි ක්‍රමන්කනය යටතේ ලබාගත් අගයන් වේ.
බලන්න පහත රුපය දිහා.






මෙහි moving average line එක 233 අගයේ එකද සුදු පැහැති moving average line එක 55 අගයටද අදාල වේ.
මෙහිදී 233 moving average line එක cross කරමින් 55 moving average line එක ඉහළට ගමන් කර ඇත .එතැන් සිට market එක පැහැදිලිවම ඉහල යමකට ලක්ව ඇති බව ඔබට පෙනෙනවා.
එය ආසන්නව පිප් 1250ක් පමණ වේ.සාමාන්යෙන් moving average lines දෙක cross වීමෙන් අනතුරුව 55 moving average line ගමන් කර ඇති දිශාවට market ගමන් කිරීම සිදු වේ.
ඔබගේ වැඩි දුර අවධානය සදහා පහත රුපයද හොදින් නිරීක්ෂණය කරන්න.















දැන් ඔබ බොහෝ දුරට දන්නවා long-term trend එක අදුනගනිමට සහ trend break වීම සහ බාවිතා කරමින් ස/S /R  levels  අදුනාගැනීම වැනි ඉතාම වැදගත්  භාවිතයන් කිහිපයක්ම.
අපි ඊලග ලිපියෙන් බලමු තව දුරටත් මෙහි ප්‍රයෝගික බහවිතයන් කිහිපයක්.
ඔබට ජය.!!!

Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls- NFP Sinhala

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.