Fibonancci sinhala tutorial 1-sinhala forex-sumuforex

| |
ඔබ දන්නවා විශ්වයේ නීතියක් තියෙනවා.හැමදාම ගස් වල මල් හටගන්නේ නැහැ.
හැමදාම වහින්නෙත් නැහැ.මලක පෙති පිහිටන්නේ යම් කිසි රටාවකට.ගසක කොළ පිහිටන්නේ යම් කිසි රටාවකට.මේ වගේ ගොඩක් දේවල් යම් කිසි රටාවකට අනුව සිදුවෙනවා කියල ඔබට දැනිල ඇති, දැකලා ඇති ,සොබා දහම හරි අපූරු නීතියකට යටත්ව ක්‍රියාත්මක වෙනවා කියලා මේ සරල කරුණු කීපය දිහා බැලුවත් ඔබට පෙනෙනවා.
මෙන්න මේ රටාව කුමක්ද කියලා පළමුවෙන්ම  මිට සියවස් කීපයකට එපිට ඉන්දියානුවන් දන සිටියා.පසුව එය යුරෝපිකයන් වැඩි දියුණු කරගත්තා.හරියටම කියනවනම් සැගවී ගිය සොබාදහමේ රහසක් ජනප්‍රිය කරලා ලෝකෙටම බෙදාදුන්න.
මෙය සිදු කිරීමේ ගව්රවය හිමිවෙලා තියෙන්නේ ඉතාලි ජාතික ගණිත කරුවෙකු වන Leonardo Pisano Bigollo හටයි.
දැන් බලමු මෙම සොබාදහමේ රටාව  සැකසෙන්නේ කොහොමද කියල .
බලන්න පහත ගණිතමය රටාව දිහා.ඔබට රටාව අදුනගන්න පුළුවන් උනාද?
0, 1 ,1 ,2 ,3, 5, 8, 13 ,21, 34 …..
පහත ආකාරයට තමයි මේ ගණිතමය රටාව ගොඩනැගෙන්නේ
0 + 0 = 0
0 + 1 = 1
1 + 0 = 1
1 + 1 = 2
2 + 1 = 3
3 + 2 = 5
5 + 3 = 8
8 + 5 = 13
13 + 8 = 21
21 + 13 = 34
බලමු මෙහි එක අංකයක් ඇති වෙලා තියෙන්නේ කියලා උදාහරණයක් ලෙස 8 ඇති වෙලා තියෙන්නේ කොහොමද. ඇති වෙලා තියෙන්නේ ඊට කලින් පවතින වන 3+5 එකට එකතු වීමෙනි.ඒ වගේම 13 ඇති වෙලා තියෙන්නේ කොහොමද 5+8 එකට එකතු වීමෙන් 13 ලැබී ඇත .දැන් ඔබට පැහැදිලි ඇති කොහොමද ඉලක්කම් රටාව ඇතිවෙන්නේ කියලා.
මෙම numbers වලට අපි කියනවා ෆිබ්බෝනච්චි (Fibonacci) numbers කියලා.

මෙම ඉලක්කම් අපිට අතිශයින්ම වැදගත් වෙනවා.
දැන් ඔබට බලන්න අපුරු වීඩියෝවක් තියෙනවා මෙම මැජික් අංක රටාව සොබාදහම සමග කෙසේ සම්බන්ද වීමක් වෙලා තියෙනවද කියල.එම වීඩියෝ එකට් බලලම ඉන්න.ඔබට ලොකු  ආසාවක් ඇතිවයි මේ ගැන තව දුරටත් ඉගන ගැනීමට.
Video එක මගින් පෙන්වන්නේ ඉතාම සුලුදෙයක් පමණයි.ඒ වගේම මිනිසාගේ ඇගිලි සැලැකුණු ,අස්ථි පද්ධතිය,මිනිසාගේ මොලයේ නියුරෝන, විශ්වයේ මන්දාකිනි වල පිහිටීම,කොටින්ම සුලන් ඇතිවීම,කුණාටු ඇතිවීම,ගසක අතු බෙදීම,මේ වගේ අනන්ත අප්‍රමාණ දේවල් සදහා මෙම රටාව පොදුය.
ඒවගේම මෙම අංක රටාවන් ගොඩනැගිලි ඉදිකිරීමේදී,සිනමාවේදී ,මෝස්‌තර නිරූපන කර්මාන්තයේදී, ප්‍රචාරක කර්මාන්තයේදී ,වැනි බොහෝ දේවල් සදහා මෙම Fibonacci යොදා ගනී.එමෙන්ම අතිශය ජනප්‍රිය Apple සමාගමේ Logo එක මෙම වන්ට අනුව නිර්මාණය කර ඇත.
එනම් විශ්වයේ හැමදේම මෙවන් රටාවකට අනුව සිදුවේනම් සහ එම රටාවට අනුව බිහිවෙනදෙවල් අතිශය සුන්දර සහ නිර්මනශිලිවේ.එසේම මිනිසාගේ ලස්සන මනින්නද මෙම බාවිතා කරනවා කිවොත් ඔබ පුදුම වෙයි.google
කරලා බලන්න ඔබට මේ ගැන අප්‍රමාණ තොරතුරු ලබාගැනීමට හැකි වේවි.
පහත දක්වා ඇති රුපමගින් පෙන්නුම් කරන්නේ සොබදහමේදී සහ විවිධ අවස්ථාවන් වලදී මෙම යෙදී ඇති සහ යොදා ගෙන් ඇතිආකාරයයි.



හරි දැන් මේ ගොඩක් දේවල් වලට යොදාගන්න පුළුවන්  Fibonacci Numbers  forex වලට යොදාගන්න පුලුවන්ද? නැත්නම් වැඩක් නැහැනේ අපිට නේද?සොබාදහම විසින් පාලනය වෙන මිනිසා පාලනය කරන forex market,stock market වැනි සියලුම financial market  වලට මෙම ක්‍රමය අපිට යොදාගැනීමට පුළුවන්.
දැන් අපි බලමු ඒ කොහොමද කියල.

Fibonacci Ratio 

අපිට මෙහිදී වැදගත් වෙනවා අනුපාතිකයන් කිහිපයක් දැන් අපි එම අනුපාතිකයන් ලැබෙන හැටි ගණිතමය ආකාරයෙන් නිරුපණය කරගනිමු.
අපිට අතිශයින්ම වැදගත් අනුපාතය වන්නේ වේ.මෙයට ලෙසද හදුන්වනු ලබයි.එසේ හදුන්වන්නේ ඇයි කියල ඔබට පසුව වැටහෙයි.
දැන් අපි බලමු දැන් මෙම අනුපාතිකය ලැබෙන්නේ කොහොමද කියල ,අනුපිලිවෙලෙහි පවතින අංක වලින් අංක 3නට පසුව ඇති ඉලක්කම් වලට මෙය අදාල වන අතර මෙහිදී පසුව පවතින ඉලක්කමෙහි අගය ඊට පෙර පවතින ඉලක්කමෙහි අගයෙන් බෙදන්න.
පහත උදාහරණය බලන්න
3/5= 0.6
5/8=0.625
8/13=0.6153
13/21=0.6190
එනම් හැමවිටම මෙහි අනුපාතිකය 0.618 ට ආසන්නව සමනවිමක් පෙන්නුම් කරයි.මෙය golden ratio ලෙස හදුන්වයි .
0.618*100= 61.8 ලෙස  මෙම අගය Fibonacci retracement  අගයක් ලෙස බාවිතා කරයි
අනතුරුව අපිට වැදගත් වන අනුපාතිකය වන්නේ 38.2% සහ 23.2%යන අනුපාතික අගයන්ගේ ප්‍රතිශතයන් වේ.දැන් බලමු අපි 38.2% එක ඇති වන අන්දම මේ සදහා පහත උදා හරණය බලන්න
8 divided by 21 = 0.380 = 38.0%
144 divided by 377 = 0.381 = 38.1%
6765 divided by 17,716 = 0.381 = 38.1%
දැන් බලමු අපි 23.2 % Fibonacci retracementඑක ඇති වන අන්දම මේ සදහා පහත උදා හරණය බලන්න
5 divided by 21 = 0.238 = 23.8%
34 divided by 144 = 0.236 = 23.6%
6765 divided by 28,667 = 0.235 = 23.5%
මෙම Fibonacci retracement වල ට අමතරව අපි තව අනුපතයයන් දෙකක් යොදාගන්නවා අපිට Trade කරන්න ලේසි වෙන්න. එනම් 50.0% සහ 0.0 %වේ. එ අනුව අපිට Forex trading  වලදී සැලකිය යුතු වන Fibonacci retracement 5ක් තියෙනවා.මෙන්න මේ ආකාරයට.
0.0%,23.6%, 38.2%, 50%, 61.8%,
මෙම අනුපාත අපු ආකාරය තේරුම්ගැනීමට හැකිනම් ගොඩක් හොදයි.එහෙම අපහසුනම් නැවත කියවා බලන්න.මේ අනුපාත අපු හැටි නොතේරුනා කියල ප්‍රශ්නයක් නැහැ.
එහෙමනම් අපි ඊලග පාඩමෙන් බලමු මෙම Fibonacci retracement  forex වලදී යොදා ගන්නේ කොහොමද කියලා.
මේ පාඩමේ කොටස් මතක තියාගෙන ඊලග කොටස් වලට යන්න ඊලග කොටස කියවනකොට මුල් කොටස් අමතක කරන්න එපා .

Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls- NFP Sinhala

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.