What is Your Motivation to Be a Forex Trader -Best Sinhala Forex Education

| |
ඔබ forex පටන් ගත්තේ ඇයි ?




ඉස්සෙල්ලම අහන්න ඇයි ඔබ forex පටන්ගත්තේ කියලා ඔබෙන්ම?
ශ්‍රී ලාංකිකයන් හැටියට මුදල කියන එක ජිවිතයේ ලොකු සාදකයක් බවට පත් වෙලා තියෙනවා.

ඔබ Currency Trade කරන්න පටන්ගත්තේ ආතල් එකක් ගන්නද? 

සමහරු එහෙමයි.එයාල විනෝදෙට forex කරනවා.එයාල හිතන්නේ එයාල බැහැලාම forex Trading ඉගනගෙන බැහැලාම ට්‍රාදේ කරන serious Trader කෙනෙක් කියලා නමුත් පිට ඉදන් බලන කෙනෙකුට පෙන්නේ මෙයා මේකෙන් අතල් එකක් ගන්නවා කියලා.

මොකද trade දානවා දවසට 20-50ක් විතර ,හිතු හිතු lot size යොදාගන්නේ .
හිතනවා $1000 කියන්නේ මහා ධනස්කන්ධයක් කියලා. එහෙම නැහැ.ඔබ වැරදි Trade එකක් දැම්මොත් 0.5 lot size එකෙන් pip 200 යන්න කලින් $1000 සුනේ සුන්.


එහෙම ආතල් ගන්න ඕන කෙනෙක් ඉන්නවනම් Casino ගහල,Club ගිහිල්ලා තවත් මොනාහරි ජල්තරයක් දන්නා පුළුවන් ,නැත්නම් Bancock Tour එකක් ගිහින් අතල් එකක් අරන් එන්න. ඒ ආවත් මිට වඩා අඩු මුදලක් තමයි වැයවෙන්නේ.

ඔයා Trade කරන්නේ යාලු වෙලා ඉන්න ගැනු ළමයා පුදුම කරන්නද?මාසෙට $5000-$10000 ක් හොයනවා කියලා එයා පුදුම කරලා එයාගේ ආදරේ වැඩිපුර ලබන්නද?

නැතිනම ගමේ නෑදෑයන්ට පේන්න මිනිස්සුන්ට පෙන්න  සුපිරි කාර් එකක් ගන්නද? නැතිනම් සතියක් trade කරලා අලුත්ම iphone එක ගන්නද?


මේ හැමදේම කරන්න සල්ලි තියෙනවනම් පුළුවන්.සල්ලි වලින් අද කලේ කරන්න බැරි දේවල් ඉතාම සීමිතයි.

හරි දැන් ඔයා ඔය උඩ තියෙන ඒවා සහ ඔයවගේ දේවල් කරන්න හිතේ තියන් forex කරන අපු කෙනෙක්නම් අකමැත්තෙන් උනත් කියන්න තියෙන්නේ ඔයාට Forex කරන්න බැහැ .

මොකද මේක emotions ප්‍රධාන දෙයක් ඉටු කරන game එකක් ..අනවශ්‍ය බලාපොරොත්තු රොත්තක් කරගහන් forex කරන්න එන්න එපා.


සමහරුන්ට ඕන $1000ක් යොදලා දවසට $200ක් හොයන්න.සමහර මෝඩ පුද්ගලයොත් මේ වගේ මෝඩ joke පතුරලා මිනිස්සුන්ගේ සල්ලි කුඩු කරලා තියෙනවා. Lakforex කියන්නේ ඒ වගේ තැනක් 

$200ක් දවසට හොයන්න ඔයාගේ balance එක $20000 වත් තියෙන්නවනම් හොදයි.නැතිනම් මේවා කරන්න යන්න එපා .

experience එක්ක මේ දේවල් කරන්න පුළුවන් ආධුනිකයන්ට මේ වගේ දේවල් කරන්න බැහැ .අපි ඔබව මානසිකව වට්ටනවා කියලා හිතන්න එපා.මොකද අලුතෙන් Forex කරන අයට ගොඩක් දේවල් මේකේ ඉගනගන්න තියෙනවා.

ඉස්සෙල්ලා ඉගනගන්නකෝ.පස්සේ අපි Target cover කරමු .
නැතිනම් කිසිම දෙයක් කරන්න කලින් ඔයාගේ සල්ලි ටික නැති වෙලා මානසිකව වැටිලා ජිවිතේ කාලකන්ණි වෙන්න පුළුවන්.

තියෙන Target නිෂ්චිත වෙන්න ඕනා ඒ වගේම ඒවා හබායමට හැකි මට්ටම්මේ goals විය යුතුය.

මාසයකට $150365566556 මම හොයනවා . 
ලබන මාසේ Ferrari එකක් අරන් එනවා .
colombo 07 වලින් සුපිරි ගෙයක් ගන්නවා ,
හැම දවසමක මගේ account එක දෙගුණ කරනවා 
නැත්නම් මාසෙකින් account එකේ තියන සල්ලි වගේ 200 ගුණයක් හොයනවා.
මේ වගේද ඔයාගේ trading Goals 


ඕන දෙයක් මේ ලෝකේ කරන්න පුළුවන් බැරි කමක් නැහැ.මේ වගේ Goals තමයි තියාගන්න ඕන ...

අපි ඇත්තක්ද කිවේ නැහැ..ඉහළ තියෙන ගොල්ස් වලට යාම කෙසේ වෙතත්.දවස් ගානකින් Heart patient කෙනෙක් වේවි.

එහෙනම් මොනවිදියේ goals ද තියෙන්න ඕන.

your goals must be  specific and measurable,

ඔබේ trading goals පහත ආකාරයෙන් වියයුතුයි 

ඇද දවස ඇතුලත මම කිසිම trading Mistake එකක් කරන්නේ නැහැ.
බලන්න එතන තියෙනවා නිශ්චිත බවක්.

මාස 6 කින් account එක දෙගුණයක් කරනවා .
අව්රුද්දක කාලයකදී යොදන trade වලින් 50% win කරනවා .
මාසෙකට 15% ප්රෝෆිට් එකක් ගන්නවා.


මේ වගේ නිශ්ශිත සහ සපුරා ගත හැකි ඉල්ලක්කයන් ඔබට පැවතිය යුතුය. එනම් ඔබගේ trading කුසලතාවයන් දිනෙන් දින වර්ධනය කරගැනීමට හැකිවන ආකාරයේ ,ඔබගේ trading ගැන පවතින විශ්වාසය වැඩි වන අන්දමේ Trading goals පවත්වාගන්න.

හැකිනම් මෙම post share කරන්න ඔබගේ යහළුවන් අතරේ.එය සබැ forex Trading කියන්නේ කුමක්ද කියලා අන් අයටත් දැනගැනීමට උපකාරී වේවි.

Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls- NFP Sinhala

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.