How to draw Fibonacci retracement levels-Sinhala Forex-SumuForex

| |

 Fibonacci Retracement levels


ඔබට Fibonacci  retracement levels ගැන ඉගන ගැනීම තුලින් නිවැරදිව market එකට පිවිසිමටද ,ඒ වගේම open කරපු trade එකක් වඩාත් නිවැරදි ස්ථානයකින් close කිරීමටත් ඔබගේ කුසලතාවය වර්ධනය වෙනු ඇත
දැන් අපි බලමු කොහොමද මෙම Fibonacci  retracement levels බාවිතා කරමින් වඩාත් නිවැරදිව Trade කරන්නේ කොහොමද කියල
එහෙමනම් මේ කොටස් නිවැරදිව අධ්‍යනය කිරීම් සහ පුහුණුවීම් කරන්න.
අපි කලින්ම බලමු Bullish Trend එකක් සහ Bearish Trend  එකක් සරලවම හදුනාගන්න අකාරය.බලන්න පහත රුපය දිහා,
බලන්න bullish trend එක ඇති වීමේදී higher high කියන මිළ අගය ක්‍රමක්‍රමයෙන් වැඩිවෙලා තියෙනවා.ඒ වගේම තමයි higher low  කියන අගය ද  ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා තියෙනවා.
බලන්න  trend  එකක් යනකොට higher high මිල අගය ක්‍රමයෙන් වැඩි වෙලා තියෙනවද කියල,ඒ වගේම higher low  අගය ක්‍රමයෙන් වැඩි වෙලා තියෙනවද බලන්න.
එසේ වැඩි වෙලතියෙනවනම් පහසුවෙන්ම ඔබට trend එක bullish trend ලෙස අදුනා ගන්න පුළුවන් .එසේම ට්‍රෙන්ඩ් line ඇදීම මගින්ද ඔබට පහසුවෙන්ම  Trend එක මොකක්ද කියල අදුනගන්න පුළුවන්.
දැන් අපි බලමු Bearish Trend (down trend )එකක් අදුනගන්නේ කොහොමද කියල බලන්න පහත රුපය දිහා ,
මෙහිදී ඔබට පැහැදිලිවම පෙනෙනවා lower high ආගය  එන්න එන්න  අඩු වෙනවා.ඒ වගේම තමයි lower high අගයත් පෙර අගයට වැඩ පැහැදිලිවම අඩු වීමක් සිදු වෙනවා ,එනම් අපිට පහසුවෙන්ම අදුනගන්න පුළුවන් මේ down trend එකක් බවට.
දැන් මෙම දැනුම ඉදිරියට අවශ්‍ය වෙනවා නිවැරදිවFibonacci  retracement levels  ඇදීමේදී.
දැන් අපි Fibonacci  retracement lines අදින්න පුරුදු වෙමු.
පළමුව බලන්න market එක දිහා නිවැරදිව trend එක අදුනගන්න ඉහලින් ඔබට ඉදිරිපත් කල දැනුම සහ අපවිසින් පෙර පාඩම් වලින් ලබාදුන් දැනුම මේ සදහා උපයෝගී කරගන්න.
bullish trend එකක් පවතින විටදී Fibonacci  retracement levels  ඇදීම
ඔබගේ එක Fibonacci level drawing tool  ලබාගැනීමට   පහත පියවර අනුගමනය කරන්න.
Insert>>Fibonacci>>Retracement
එසේ නොමැතිව පහත රුපයේ ඊතලයකින් පෙන්නුම් කර ඇති F මත click  පහසුවෙන් ඔබගේ MT4 ටූල් box එකෙන් fibonacci drawing tool එක එලියට ගන්න .පුළුවන් වෙනවා.

දැන් market එකට පිවිසිලා ආසන්නවම එනම් මෑත කාලයේදීම ඇති උන higher low  සහ higher high අතර fibonacci line  එක ඇදීම  සිදු කරනවා.
bullish trend එකකට ෆිබොනාච්චි level ඇදීමේදී  පළමුව higher low මත mouse pointer  එක තබා higher high වෙත ඇදගෙන යන්න . දැන් ඔබට ලස්සනට ඔබගේ Fibonacci levels ටික ඇදිල තියෙනවා පෙනෙයි.
හැම වෙලාවෙම Fibonacci levels අදින්නේ වමේ සිට දකුනටයි.
මතක තියාගන්න ඉස්සෙල්ලම ඇතිවෙලා තියෙන තැන සිට තමයි මෙම Fibonacci levels අදින්න පටන්ගන්නේ bullish trend එකක් හෝ bearish trend එකක් යන දෙකේදීම මෙය පොදු කරුණක්.
දැන් අපි බලමු උදා හරණ කිහිපයක් ,






මෙහි කහ පැහැති ඊතලයෙන් අපි Fibonacci line එක ඇදීමේදී mouse එක ගෙනයන දිශාව පෙන්නුම් කරනවා.
මෙහි A සහ B swing low point එක සහ swing high point එක පෙන්නුම් කරයි.
රතු පැහැති කොටු කරදක්වා ඇති කොටසින් ඔබට බලාගන්න පුළුවන් market price ස්පර්ෂ කර නැවත එක  කරලා ඇති බව.
නිල් පැහැති කොටු තුල ෆිබොනාච්චි අගයන් දක්වා ඇත.
පහත රුපයෙන් ඔබට බලාගන්න පුළුවන් bearish trend එකක් සදහා ෆිබොනාච්චි line  අදින ආකාරය.
තව දුරටත් පහත උදාහරණ දෙස බලන්න.






















ඔබත් දැන් නිවැරදිව Fibonacci levels ඇදීමේ කුසලතාවය ප්‍රගුනකරගන්න .එක පාරටම පුළුවන් වෙන්නේ නැහැ.නමුත් ඔබට  ඉතම පහසුවෙන් Fibonacci levels ඇදීමේ කුසලතාවය  වර්ධනය කරගන්න පුළුවන් ..
මෙම සියලුම සටහන් වල  Fibonacci levels ඇදල තියෙන්නේ  H 4  Time Frame සදහායි .ඔබට මෙම Fibonacci levels  ඇදීමට 15min  Time frame සිට ඉහලට බාවිතා කරන්න පුළුවන් .ඔබගේ ගිණුමේ පවතින මුදල් ප්‍රමාණය,ඔබගේ Trade කිරීමේ හැකියාව,යන කරණා මත සහ ඔබගේ අත් දැකීම මත ඔබට සුදුසුම Time frame එක තෝරාගන්න.ඒ වගේම කෙටි යොදාගෙන Market අනල්යස්සිස් කරලා Trade එකක් දීර්ග කාලයක් තියාගෙන ඉන්න එපා.ඔබ හැමවිටම දීර්ග කාලින Time frame වලටද අවදානය යොමු කරන්න .එනම් main trend එක පිලිබදව සැමවිටම අවධානයෙන් සිටින්න
හරි දැන් බලමු පහත රුපය දිහා,බලන්න මොකද වෙලා තියෙන්නේ කියල.






එනම් මෙහිදී ඔබට පැහැදිලි වෙනවා මෙම ෆිබොනාච්චි levels වලින් trade කිරීම හැම විටම 100% නිවැරදි නොවන වග,නමුත් මෙය අනිත්බොහෝ trading tools  වලට වඩ බොහෝ නිවැරදිය.ඒ වගේම අපි මෙම fibonacci tool එක පමණක් තනියම බාවිතා කරන්න යන්න හොද නැහැ.අපි එත් සමග අපගේ දැනුම මුහු කරගනිමින් fibonacci ටූල්ස් මගින්  ලබා දෙන signals ස්ථිර කරගන්න බලන්න ඕන වෙනවා.
අපි දන්නවා කුමාර් සංගක්‌කාර කියන්නේ අපිට ඉන්න අතිදක්‍ෂ මහත්මා ක්‍රිකට්  ක්‍රීඩකයෙක් .නමුත් එහෙමයි කියලා ඔහුට පමණක් තරගයට සහබාගි වෙලා තරග දිනවන්න පුලුවන්ද?අන්න ඒ වගේ තමයි fibonacci levels සමග trade කිරීමත් .
trade කිරීමේදීත් අතිදක්‍ෂයකු  සමග අපි තව දක්ෂයන් කිහිප දෙනෙකුම එකතු කරගන්න ඕන.එතකොට අපිට මෙම තරගය දිනන්න පහසු වෙනවා.අපි පියවරින් පියවර එම කොටස් බලමු.
හොදයි මුලදීම ඔයාලට හිතෙයි මෙම ෆිබොනාච්චි levels ඇදගත්තම  අනිවාර්යෙන්ම මෙම levels market price ස්පර්ෂ කරන්නම ඕන එහෙම කියල,එහෙම නැහැ. Fibonacci levels වලට  පහතින්,ඉහලින් market එක හැරෙන්න පුළුවන්.ඒ වගේම high economic data එකක් නිකුත්  වෙලාවේදී ඉතා වේගවත්ව Fibonacci levels ලෙවල් වලන් ඉවතට price එක ගමන් කරන්න පුළුවන්,එවැනි අවස්ථාවන් ගැන ඔබ සැලකිලිමත් වෙන්න ඕන වෙනවා.ඒ වගේම වැදගත් , ඔබ නිවැරදිව ෆිබොනාච්චි ලෙවෙල්ස් අදින එකත්.එහෙම නොඋනොත් වැරදි signals වලට ඔබ අහු වෙන්න පුළුවන් .

දැන් බලමු මෙම Fibonacci ලෙවල්ස් ගැන වැදගත් තොරතුරු 

බොහෝ traders ලා  61.8  ෆිබොනාච්චි   retracement level එකදිහා ඇහැගහගෙන ඉන්නවා.මෙම ෆිබොනාච්චි   retracement level  එකට අපි Fibonacci golden level  කියලට් කියනවා.  එනම් මෙම level එකේදී orders කෝටී ප්‍රකෝටි ගණනක් වැටීමත් close වීමත් සිදු වීමට  ඉඩපවතිනවා.
එහෙමයි කියල market price 61.8 Fibonacci ලෙවෙල් එකට  අවා දැක්ක ගමන් පුළුවන් තරම් trade open කරගන්න එහෙම එපා.
market එක trend එකක ගනමන් කරන විටකදී  61.8  retracement level (පැහැදිලිවම )පහු කරගෙන market එක පහලට හෝ ඉහලට ගියොත් ගොඩක් වෙලාවකට නැවත ඒ මට්ටමට පැමිණෙන්න ලොකු කාලයක් ගන්න ඉඩ තියෙනවා.එතකොට  account එකට වෙන්න ඕන දේවල් වෙලා තියෙයි.

දැන් අපි බලමු  ෆිබොනාච්චි   retracement level උපයෝගී කරගෙන Trade  එකක් යොදන්න සුදුසු ස්ථානයන් මොනවාද කියල.

61.8  කියන retracement level එක කිට්ටුවට  price ලගවිමේදී  අපි සැලකිලිමත් වෙන්න ඕන වෙනවා .එවිට දැනට පැවති trend එක break වීමක්  වෙන්න වගේම Trend එක continue වෙන්නත් ගොඩක් ලොකු ඉඩක් තියෙනවා.
ඒ වගේම අපි එක fibonacci tools  මගින් ලබාදෙනSignal එකconfirm  කරගෙන Trade කරන්න ඕන ඒ සදහා අපිට බාවිතාකරන්න පුළුවන් support line ,resistance line ,trend lines ,candlestick pattern,RSI   වගේ දේවල් පිළිබද අප තුල ඇති දැනුම..
හරි දැන් පහත රුපය වෙත ඔබගේ අවදානය යොමු කරන්න.





මෙය gbp/usd අදාලව H4 chart  එකකි.
බලන්න A සිට B දක්වා අපේ fibonacci line එක ඇදලා තියෙනවා.දැන්  අපිට fibonacci retracement level ටික  ලැබිලා තියෙනවා .දැන් හොදින් ඉහල රුපය දිහා බලන්න.
Market  එක 61.8 retracement level  දක්වා පැමිණ ආපසු හැරීමකට ලක්වෙලා තියෙනවා. .ගොඩක් ආධුනික Traders ලා බලන් ඉන්නවා තවත් Market එක පහල යයි කියල. එනම් sell trade එකක් ඉහල අගයකින් open  කරනම් A ට  ආසන්නව.
බලන් ඉන්නවා Market එක පහල ගිහින් තවත් ලබා ලැබෙයි කියල. එහෙම කරලා Trade close නොකර බලන් ඉන්නවා.නමුත් අවසානෙට වෙන්නේ ලබා ලැබුන Trade එකෙන් අලාබ ලබන්න .එහෙම වෙන්න ඕන නැහැ, දැන් අපිට මේ දැනුම පවතින නිසා.අපිට බොහෝ නිවැරදි ස්ථානයකින් Trade එකopen කරන්නත් වඩාත් නිවැරදි ස්ථානයකින් trade close කරලා උපරිම profit එකක් book  කරගන්නත් දැන් අපිට පුළුවන් .මෙම fibonacci retracement Tool  එකෙහි පවතින විශේෂම වාසියක් තමයි මේ දෙය.
අතිශය වැදගත් Trade කිරීමේදී ,  Trade open කරනවට  වඩා trade නිවැරදි ස්ථාන වලදී close කර ප්රෝෆිට් ලබාගන්න එක. මොකද trade එකකින් මොනතරම් ලාබයක් ආවත් වැඩක් නැහැ එම trade එක close කරලා profit එක ලබාගෙන account balance එක වැඩි කරගත්තේ නැතිනම් ..
ඔබ නිවැරදිව trade close කරේ නැතිනම් account එක බරපතල තත්ව වලට මුහුණ පාන්නා පුළුවන්.නැතිනම් ලොකු profit ලැබුනtrade, අඩු profit සහිත්ව close කරලා දුක් වෙන්න වෙනවා, මේ දැනුමත් සමග ඔබට දැන් නිවැරදිව trade එකක් Close කරන්න තැන් හිතාගන්න පුළුවන්.
උදාහරණයක් ලෙස කිවොත් ඔබ B වගේ ස්ථානයකින් සෙල් trade එකක් open කරනම් ඔබටC වගේ ස්ත්නයකින් Trade එක close කරලා හොද ප්‍රොෆිට් එකක් book කරගන්න පුළුවන් වෙනවා,අනිත් අය තව දුරටත් Market එක පහල යයි කියලා සිතමින් ඉන්න විටදී.
මතක තියාගන්නtrade  එකක් open කරනවට වඩා ගොඩක් වැදගත් නිවැරදිව  tarade එකක් close කරන එක. එක හොදට ඔලුවේ තියාගන්න.
දැන් බලමු Fibonacci tool බාවිතා කරමින්Trade එකක් open කරන්න පුළුවන් වඩාත් නිවැරදිම ස්ථානයන් මොනවාද කියල 
ඔබට Trade  එකක් open කරන්න අවස්ථාවන් තුනක් තියෙනවා බලමු අපි මොනවාද කියලා.

Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls- NFP Sinhala

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.