Sinhala Forex News Full Guide 2018 -SUMUFOREX

Forex News sinhala Trading Basic Guide -SUMUFOREX

මෙම පාඩම අතිශයින්ම වැදගත් .එබැවින් කල්පනාකාරීව මෙම දැනුම ග්‍රහණය කරගැනීමටත් එම දැනුම ප්‍රයෝගික භාවිතයටත් හුරු වන්න 


sinhala forex news

මෙම පාඩමෙන් අපි කථා කරන්න බලාපොරොත්තු වෙනවා forex Market එකේ බහුලව භාවිතා වන currency pairs වල චලනය සදහා බොහෝ දුරට බලපාන economic news ගැන කතා කරන්න.
මුලිකවම අපිට මෙම forex news කොටස් තුනකට බෙදා දැක්විය හැකි වෙනවා.
මෙසේ බෙදා දැක්වීමට හේතු වන ප්‍රධාන නිර්ණායකය වන්නේ currency pairs වලට ,Stocks ,Bonds වලට අදාල  news ,Reports නිකුත් වීමෙන් කරන බලපෑම පදනම් කරගෙනයි.
මෙහිදී අපිට එම කොටස් 3න පහත ආකාරයෙන් පෙළගස්වන්න පුළුවන් වෙනවා.

High impact News
Medium Impact News   
Low impact News 

දැන් අපි බලමු මෙම High Impact news Release කරන රටවල් මොනවාද කියලා 

1. America (USA)
2. England(UK)
3. Canada
4.German
5.Italy
6.Japan
7. Australia 

මෙම රටවල් වලින් නිකුත් කරන ලබන සමහර high impact  News මගින් currency pairs වල චලනයට මහත් බලපෑමක් එල්ල කරනු ලබයි.
සමහර විට එය PIP 50සිට 5000 දක්වා හෝ ඊටද වඩා වැඩි විය හැකිය.
ඒ හේතුවෙන්ම ඔබට පෙනෙනවා මෙම economic news, economic data ,economic Reports අතිශය වැදගත් බව.
Forex news sinhala sumuforex

sumuforex මගින් ඔබට අවශ්‍ය දැනුම A to Z ලබාදෙන බව දන්නවා. ඒ මොකද ගොඩක්ම නවකයන්ටත් මේ දේ එක ලෙස අවබෝධ කරගැනීමට පහසුව පිණිසයි.
 අපි වැදගත් economic news ගැන කථා කරන්න ප්‍රථමව පොඩි සරල කරුණු ටිකක් ඔළුවට දාගමු.
Forex news ,Economic data ,Economic Reports වලින් ගොඩක් දුරට කියවෙන්නේ එක්කෝ අදාල රටේ ආර්ථිකය ශක්තිමත් වන බවක් හෝ දුර්වල වන බවකි .

මුලිකවම යම් කිසි රටක ආර්ථික වර්ධනය ආර්ථිකය යහපත් මට්ටමක පවතිනවානම් අදාල රට භාවිතා කරනු ලබන මුදල් ඒකකයේ අගය වැඩි වෙනවා ,ඒ වගේම ආර්ථිකය දුර්වල වෙනවනම් හෝ හිතා මතාම දුර්වල බවක් පෙන්වන්න අවශ්‍යතාවක් පවතිනවානම් අදාළ රට භාවිතා කරනු ලබන මුදල් ඒකකයෙහි අගය අඩු වෙනවා.

දැන් අපි උදාහරණයකින් මේ දේ පොඩ්ඩක් විමසා බලමු.

ඇමරිකාවේ ප්‍රධාන ආර්ථික තත්ව මිනුමක් ලෙස සැලකෙන NFP පිලිබදව අපි සලකා බලමු.
මෙම NFP පිලිබදව සවිස්තරව අපි පසුව කථා කරනවා දැනට පොඩි අදහසක් තියාගන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා විතරක්.

මෙම NFP අගය සාමාන්යෙන් වැඩි වෙනවනම් USD අගය ශක්තිමත් වීමට බලපානවා .
මේ ආකාරයෙන් හෝ කුමන ආකාරයකින් හෝ USD ශක්තිමත් වීම තුලින් එය currency pair එකකට බලපාන්නේ කොහොමද කියලා බලමු .

ඇමරිකානු ඩොලරය ශක්තිමත් විම හා ඒ ඇසුරින්  Trading Ideas ලබා ගැනීම .

අපි අපේ  උදාහරනයට ගනිමු. EUR/USD= 1.3000
මෙහි අදහස තෙරුම් ගනිමු.මෙයින් කියවෙන්නේ EUR එකක් ගන්න USD 1.3000 වැය වෙනව කියලා.
තවත් පැහැදිලි කර ගනිමු.
මෙහි හරය මොකක්ද?ළවය මොකක්ද?
පොඩිකාලේ ඉදන් දන්න දෙයක් තමයි හරකා පිට ළමයා කියන එක.එතකොට හරය EURයි ,
ළවය USDයි.
හරි එතකොට NEWS එකෙන් කියන්නේ USD Strength (අගය )එක වැඩි වෙනවා කියලානේ. එතකොට හරයේ අගය වැඩි වෙනවනේ 

අපගේ තේරුම් ගැනීමේ පහසුවට  USD අගය 5 ට තිබ්බෙ කියලා හිතමු.දැන් මේ News  එකට පස්සේ USD අගය 10 ක් උනාකියලා හිතමු.
ඒ කියන්නේ දැන් USD ශක්තිමත් වෙලා.EUR වල කිසිම වෙනසක් උනේ නෑ කියල හිතන්න EUR  අගය 30 ක් කියල හිතන්න. මෙම අගයන් පැහැදිලි කිරිමේ පහසුව පිණිස හා ඔබ්ගේ තෙරුම් ගැනිමේ පහසුව පිණිස ගත් බව සලකන්න.

එතකොට  News එකට පෙර USD  5 යි EUR  30 යි.
එවිට EUR/USD  අගය 30/5  =   6

NEWS එකට එකට පසුව

USD 10යි  EUR වෙනස් උනේ නැ  එහි අගය 30
එවිට EUR/USD =30/10  =  3

දැන් එය Forex marekt එකට අදාලව හිතුවොත් EUR /USD අගය අඩු වෙලා තියෙන්නේ එනම් market එක පහතට ඇවිල්ලා තියෙන්නේ .

එහෙනම්  අපි Sell orders දාන්න ඔනි .
එනම් Quote currency ශක්තිමත් වීමේදී අදාල currency pair එකෙහි අගය අඩු වෙනවා.
මේ දේ උනේ EUR /USD අගය 1.3000 නම් දැන් මේ දත්තය නිකුත් වීමෙන් පසුව ,එනම් USD අගය දුර්වල වීම නිසා ,EUR /USD අගය 1.3000ට වඩා අඩු  අගයකට ගමන් කිරීමක් සිදු විය යුතුය 

ඇමරිකානු ඩොලරය දුර්වල විම Currency pair බලපාන අන්දම 

ඔන්න අපි  News ගැන අවධානයෙන් ඉන්නකොට යම් කිසි Economic report එකක් හේතුවෙන් ඇමරිකානු ඩොලරය දුර්වල වීමකට ලක් වෙන බවක් පෙන්නුම් කරනවා කියලා හිතමු උදාහරණයක් වශයෙන් NFP අගය අපේක්ෂිත අගයට වඩා අඩු උනයි හිතමු. බලමු එතකොට අදාල සිද්දිය market එකට බලපාන අන්දම කෙසේ වේවිද කියලා .



අපගේ තේරුම් ගැනීමේ පහසුවට  USD අගය 5 ට තිබ්බෙ කියලා හිතමු.දැන් මේ News  එකට පස්සේ USD අගය 1 ක් උනාකියලා හිතමු.
EUR  අගය 30 ක් කියල හිතන්න.EUR වල කිසිම වෙනසක් උනේ නෑ කියල හිතන්න 

EUR/USD අගය 30/5=6
සිට
EUR/USD 30/1 =30 දක්වා වෙනස් උනා

එතකොට EUR/USD අගය 6 සිට 30 දක්වා වැඩි වෙලා.

මේ දේ උනේ EUR /USD අගය 1.3000 නම් දැන් මේ දත්තය නිකුත් වීමෙන් පසුව ,එනම් USD අගය දුර්වල වීම නිසා ,EUR /USD අගය 1.3000ට වඩා  වැඩි අගයකට ගමන් කිරීමක් සිදු විය යුතුය .
දැන් ඔබ දන්නවා ඩොලරය ශක්තිමත් වීම තුලින් සහ දුර්වල වීම තුලින් අදාල currency pair එකකට බලපාන අන්දම ගැන.
මේ දේ අදාල වෙන්නේ ඩොලරයට විතරක් නෙමේ.
දැන් ඔබට විවිධ රටවල මුදල් ඒකක දුර්වල වීම සහ ශක්තිමත් වීමේදී අදාල currency pairs වලට බලපාන ආකාරය ගැන විස්තර කිරීමට හැකි විය යුතුය.
අපි මෙහි දෙවන කොටසින් High economic data පිලිබදව විමසා බලමු. sinhala forex news Tutorial 01
ජය !!!
ඔබට මෙම පාඩම් වැදගත් වුනානම් ඔබගේ යහළුවන්ට පෙනෙන social medias වල share කරන්න එයින් forex Trading පිළිබද ක්‍රමානුකුල දැනුමක් නොමැතිව trade කරලා අසරණ වෙන එක්කෙනෙක් හෝ  සාර්ථක trader කෙනෙකු වෙයි.


Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls- NFP Sinhala

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.