Sinhala Advanced Candlestick Reading Methods -Best sinhala Forex

| |

Best Candlestick Reading Methods in Sinhala


ඔබ දැන් යම් පමණකට ඉගනගන පවතිනවා candlestick වලින් market එක තුල සිදුවන්නේ කුමක්ද කියලා අවබෝධ  කරගැනීමට.මුලික දැනුම ලබාගැනීම සදහා මෙම පාඩම් කියවන්න .

Forex Price Action Trading 1st step-Candlestick basic,  

Forex Price Action Trading 02 step-Candlestick basic 02 

ඔබ සාර්ථක forex trader කෙනෙකු වීමටනම් ඔබට Candlestick කියවීමේ හැකියාව අනිවාර්යෙන්ම පැවතිය යුතුය.

market එක පිලිබදව අදහසක් ගැනීමට පවතින අතිශයම සාර්ථකම indicator එක candlestick වේ.මෙම candlestick මගින් අපිට දැනගන්න පුළුවන් market එකේ හැසිරීම කුමක්ද කියාලා.
මෙම candlestick වල බාෂාව ඔබට ඉතාම පහසුවෙන් ඉගන ගැනීමට හැකි වෙනවා.
එය හරියට කරගත්තා කියන්නේ ඔබ ගොඩක් දුරට සාර්ථක වෙලා ඉවරයි.

හරි එහෙමනම් පහත රුපය දෙස ඔබගේ අවධානය යොමු කරන්න මේ ආකාරයේ candlestick වලට අපි කියනවා doji candlestick එකක් කියලා .

මෙහිදී මෙම candlestick එකට කුඩා body එකක්ද පැවතීමට හැකිය.
ඒ පහත රුපයේ වගේ.

මෙම candlestick එකක් up trend එකක් ඇතිවෙනවානම් එම අවස්ථාව අපිට සලකන්න පුළුවන් market එක දැන් යන්න දිහාවක් කල්පනා කර කර ඉන්නේ. ඒ කියන්නේ තවත් up trend එක පවත්වගන්නවද නැතිනම් uptrend එකට සමුදීලා market එක down වෙන්නද යන්නේ කියලා මෙම candlestick සදෙන මොහොතේ කල්පනා කරමින් තමයි ඉන්නේ.

 එනම් මෙම අවස්ථාවේදී නිශ්චිත තීරණයක් නැතිව තමයි market එක ඉන්නේ .Doji mean Indicition and uncertainty   .
එහෙමනම් අපිට ඊලග Candlestick එක ඇතිවෙනකම් ඉන්න ඕන කොයි දිශාවට market එක ගමන් කරයිද කියලා දැනගනන්න .

එනම් අපි මෙමෙ ඊලග candlestick එක හෝ සමහර විට 2-3 ට අපි කියනවා confirmation Candlesticks කියලා ..

Doji එකක් ඇති උනාම ඔබ market එකට අතුලුවෙලා trade එකක් යොදලා තියෙනවනම් වඩාත් හොදයි ඔබගේ profit Book කරගන්නවානම් .

ඒ වගේම confirmation candlestick එක ඇතිවෙනකම් කිසිම trade එකක් open කරන්න යන්නත් එපා .
දැන් බලන්න පහත රුප දිහා.





ඔබට පැහැදිලිව හදුනාගන්න පුළුවන් doji එකක් සහ එක මගින් අපිට මොනතරම් වටින trading ideas ගන්න පුලුවන්ද කියලා ,

දැන් මේවගේ අවස්ථාවක් trade එකකට enter වෙන්නේ කොහොමද?

ස්ටොප් loss අගය place කරන්න Up  trend එකක්නම් doji එකේ ඉහලම අගයට වඩා පිප 20ක් පමණ ඉහලින් .Down trend එකක්නම් Doji මගින් සටහන් කරන ලද අවම අගයට වඩා පීප් 20ක් පමණ පහතින් සකසන්න.

Trade එකට යොදන lot size තෝරාගැනීමට ඔබ දැන් දන්නවා සැම trade එකකටම 2% වඩා රිසක් එකක් ගන්න එපා.
ඊලග ලිපියෙන් අපි තව දුරටත් Candlestick pattern ගැන ඉගනගන්නවා.එතකන් මෙම පොස්ට් එක හොදින් අධ්‍යනය කරන්න. 
ඔබට ජය .


Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls- NFP Sinhala

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.