How to Use Pending Orders-Forex trading Sinhala -SUMUFOREX

How to Use Pending Orders Sinhala Forex-SUMUFOREX

දැන් ඔබ සරලව Trade එකක් open කරන්න close කරන්න සහ MT 4 software බාවිතා කිරීමට තරමක හුරුවක් ලබලා ඇති කියලා හිතනවා .


අපිට මෙතනින් ඉගන ගන්න තියනවා මාතෘකා 3ක්. ඔබට මතක ඇති අපි පසුව ඉගන ගන්නවා කියලාකිව්වා මෙම පාඩමේදී  MT 4 Software භාවිතයෙන් Buy Sell Orders යොදන්න පුහුණු වෙමු. 

Stop Loss
Take profit 
Pending orders 

මතක් වෙන්නත් එක්ක පහත රූපයත් බලන්න.

Sinhala forex Trading window


Stop Loss අගය සැකසීමට Trading window එක භාවිතා කිරීම 

ඔබට පෙනෙනවා Stop loss  කියලා Option එකක් එතනින් Stop loss  අගය සැකසිය හැකිය.
අපි trading plan එකක් අනුව Trade කිරීමේදී සහ අපි විසින් විනයනුකුලාව trade කරන සාර්ථක Trader කෙනෙක් විදියට ඉදරියට අනවරතව profit ලබාගනිමින් සාර්ථක වීම සදහා.
Stop loss අගය නිවැරදිව නිවැරදි ස්ථානයේ සැකසීම තුලින් අපට trade එකකින් පාඩුවක් සිදු වෙනවනම් එම පාඩුව සිමා සහිත කරගැනීමට  පුළුවන් ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි risk management කිරීමේදී අපි එක trade එකකට capital එකෙන් 2%ක් පමණක් risk එකක් ගැනීමේදී අපිට අනිවාර්යෙන්ම මේ stop loss අගය භාවිතා කල යුතු වෙනවා 
ඒ වගේම ඔබ විනයානුකුල trader කෙනෙකු ලෙස stop loss අගය වෙනස් කරමින් Trade එක අනුව Trade නොකර ස්ථිරව stop loss අගය ස්ථාන ගත යුතු වෙනවා. 
නමුත් trade එකක් පාඩු වීගෙන stop loss අගය  කාරා market එක කරා ගමන් කරනවා පෙනුණාම Stop loss  අගය වෙනස් කිරීම සිදු කරන්න එපා.
එය තනිකරම මෝඩ වැඩකි.
එනම් ඒ ඔබ ඔබගේ Trading plan එකට Trading discipline වලට Risk management ක්‍රම වලින් බැහර ව යාමකි.එනම් ඔබ අසාර්ථක වෙන්න යන පාරට වැටුන බවට එය ඉගියකි.
Trade එකකට Too much risk එකක් ලබාගන්න බවට ඉගියකි.ඔබ දන්නවනේ Trade එකකට වැඩි risk එකක් ගන්නේ සුදු කාරයෝ බව.

උදහරනයකින්ම පැහැදිලි කරනවානම් ඔබ buy order එකක් යොදනවා EUR /USD 1.3000 කියන අගයෙන් .
stop ලොස්ස් අගය සකසනවා 1.2950 අගයෙන් . එනම් pip 50ක් පහතින්.
ඔන්න ටික වෙලාවක් යද්දී market එක EUR /USD අගය අඩු වෙන්න ගන්නවා. ඒ කියන්නේ දැන් market එක පහලට එනවා 1.2965වගේ .
දැන් Trade එක stop loss අගයේ වැදිලා close වෙන්න ලගයිනෙ.තව pip 15ක් market පහල ගියොත් 1.2950 ට එනවා. දැන් හිතනවා අපරාදේ සල්ලි අනේ කියල අදිනවා stop loss අගය පහතට ඒ කියන්නේ 1.2930ට වගේ දැන් market එක 1.2950ට අවා කියල හිතන්න ඔන්න දැන් හිතන්න ගන්නවා අනේ දැන් ඉතින් තවත් බහිනේ දැන් 1.2950ටත් ඇවිල්ල මම trade එක තියන හිටියනේ .දැන් නම් trade එක close වෙන එක අපරාදෙනේ කියල stop loss එක අදිනවා තවත් පහලට ඒ කියන්නේ 1.2900ටම ගන්නවා.
අන්තිමට market එක 1.2900ට ඇවිල්ල trade එක close වෙලා යනවා Trade එක 0.01 lot size එකකින් යොදපු එකක්නම් $5කින් shape වෙන්න තිබ්බ එක අන්තිමට $10කින් අහවර කරගන්නවා.
දැන් පේනවා නේද stop loss අගය වෙනස් කරන්න එපා කියන්නේ ඇයි කියල , ඒ බය හිතට ගන්න එතකොට අනාගතය පෙන්න ගන්නවා.
ඉතින් ඔබ Trade කරන්නේ සාර්ථක වෙන්න නේද? එහෙනම් ඇයි නිකන් P වැඩ .
Smart විදියට Trade කරලා Smart විදියට ඉන්න smart පොරක් වෙන්න .

සැළකිය යුතුයි.

ඔබ Trade එකක් යොදන්නේ Forex news , Economic Calendar ,Technical analysis  වැනි කරුණු වලින් යම්කිසි අදහස්ක් අරගෙනයි.
 එවිට එම TRADE එක අලාභ විමට ඇති හැකියාව ඉතාම අල්පයි. ඔබයොදන TRADES එක දිගට 3ක් පමණපාඩු වුනා නම් එතන අනිවාර්යෙන්ම ඔබගේ වරදක් ඇත.
එවිට  ඔබ තව දුරටත්TRADE  කිරිමෙන් වැලකි දවසක් දෙකක් පමණ ඉන්න .
 එවිට ඔබට අවබෝධ වෙයි ඔබට වැරදුන තැන. එ වගෙම පාඩ්ම් මාළාව හොදින් අධයනය කර නැවත ඉතා නිරවුල් මනසකින්  ඔබ TRADE කිරිමට පටන් ගන්න.
කිසිම විටකවත් අලාභ Cover කරගන්න කියලා TRADE දමන්න යන්න එපා.
එවිට ඔබ කලබලෙන් තිරණ ගන්න බැවින් තව තවත් පාඩු සිදු විය හැකිය.

Stop Loss අගය වෙනස් කරන අන්දම 

දැන්  ඔබ EUR/USD  Order  එකක් යොදනවා 1.3000 කියන අගයෙන්.
හරි දැන් Market  එක ඉහළ යන්න පටන් ගන්නවා. දැන් අගය 1.3025 කියලා හිතන්න.
දැන් ඔබ  අදාල Trade එකහි profit එක පෙන්වන  තැනට එන්න.
දැන්  Trade  එක මත Mouse pointerඑක තියලා  Right click කරන්න දැන් එනWindow එකෙන් Modify Oder කියන එක තෝරලා Click  කරන්න. ඔබට පහත පරිදි window එකක්  ලැබේවි.

එයින් Modify OR Delete order කියන එක තොරන්න. ඔබට එවිට  පහත පරිදි Window එකක් ලැබේවි.. දැන්  අපිට අපේ Stop loss  අගය වෙනස් කරන්න පුලුවන් මෙම  Modify OR Delete order භාවිතා කිරීමෙන්.හරි දැන් අපි Stop loss අගය pip  50ක් පහතින් දාලා තිබ්බේ.
දැන් අපිට  ඩොලර් 2.5 ලාභයක් ලැබිලා තියනවා.EUR/USD 1.3025 නිසා.
 එකපාරටම දැන් Market  එක බැස්සොත් අපිට ඩොලර් 2.5 ලාභයත් අහිමි වෙනවා.
 අපේ Profit  එකත් - වෙනවා.  මෙතනදි උපක්‍රමයක් භාවිතා කරනවා.
දැන් අපි ඉහත  Modify OR Delete order භාවිතා කර්මින් අපි Stop loss  අගය 1.3015 පමණ අගයකින් සකසනවා. එතකොට අපිට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැත. Market  එක බැස්සත් අපිට $1.5ක ලාභයක් තියනවා. අපිට කිසිම පාඩුවක් නැත.
ඒ වගෙම තමයි මේ ආකාරයට ලාභ ලැබූ විට Stop loss  අගය ලාභ ලැබෙන ආකාරයෙන් + පැත්තේ සැකසිමෙන් අපිට කසිම ව්ටක එම Trade   එක ගැන බය වෙන්න ඔනි නෑ. මොකද Market එක බැස්සත් අපිට ලාභයක් හම්බවෙනවා. Market   එක ලාභ පැත්තට යන්වනම් එය විෂාල ලාභයක් එනකම් ඔබට බලා සිටිය හැකිය. ඉතින් මෙම උපක්‍රමය ඔබ හැමවිටම යොදාගන්න. 

Take Profit 

Take profit සැකසීම මෙයද Trade එකක් යොදනකොටම සැකසිය හැකිය.මෙය Stop loss අගය මෙන් දෙගුනයක් පමණ සාමාන්යෙන් යොදනු ලබයි. එය ඔබගේ Trading plan එක මත රදා පවතී .

Pending Orders  යෙදීම පුහුණු වීම 

මේ මගින් ඔබට ඉතා පහසුවෙන්අනාගතයේ සිදුවිමට අදාල Market එකෙහි වෙනස්විමකට අදාලව ගනුදෙනු යෙදිය හැකිය,
මෙහිදි ඔබ යම් කිසි අගයක් දක්වා Market එක ඉහළ යයි හෝ පහළ යයි කියලා හිතනවා නමුත් ඔබට කිසියම් හේතුවක් නිසාවෙන් ඔබට එම මොහොත එනකම් Computer එක ලග ‍රැදි සිටින්න බෑ. 
එතකොට කොහොමද Trade කරන්නේ .
 මේ සදහා පිලියමක් ලෙස ඔබට Pending orders   යෙදිම ඔබට කල හැකිය .
New order  මත Click  කරන්න එහි ඔබට  ලැබෙන Window එකෙන් පෙනෙනවා Type කියලා. එතන Select වෙලා තියෙන්නේ Instant order  කියලා. එයින් Pending order කියන එක ‍තෝරන්න.එවිට ඔබට පහත ආකාරයේ window  එකක් ලැබේවි.



එහි තියන එක්  එක් option අපට වැදගත් වන ආකාරය බලමු.

Buy Limit  යොදන ආකාරය.


Buy limit යෙදිය යුත්තේ ඔබ භාවිතා කරන Currency Pairs  එක පහළ සිට ඉහලට පැමිණිමේදි මිළදි ගැනිමටයි.
උදාහරණ.
දැන් EUR/USD  මිළ  1.2800යයි.  දැන් Market එක බැහැලා 1.2700 කියන අගයට ඉදිරියෙදි එයි කියලා හිතනවා. මෙතනට Market එක ආවට පසුව ආපසු  Market එක විෂාල ලෙස නගි කියලා(UP Trend /Bulish trend ) අපිට හිතෙනවා.එවිට අපිට කරන්න තියෙන්නේ 1.2700 වැටෙන විදියට Buy limit එකක් දාන එකයි.
එවිට Market  එක බැහැලා 1.2700කියන අගයට ආවම ඔබ කොහේ හිටියත් Computer  එක  ON/OFF  තිබ්බත් නැතත්1.2700අගයේදි Buy order  එකක් වැටෙනවා. ඔබට  එම Buy limit එක යෙදුවට පසුව  එම මොහොතේම Modify or delete මගින් ඉහත කියලා දුන්න විදියටම Stop loss ,Take profit   අගයන් සකසන්න පුලුවන්. නිවරදිව මෙම Buy limit  යෙදිමෙන් ඔබට  ‍රැකියාවට හෝ වෙනත් දෙයකට ගිහින් ගෙදර එන විට ඔබට ලාභ ලැබිලා තියෙයි.

Buy stop Trade  යෙදිම.

මෙය  යෙදිය යුත්තේ ඔබ භාවිතා කරනCurrency Pair   එක පහල සිට ඉහළට පැමිණ එතනින් පසුව තව දුරටත් Market  ඉහළ යයි කියලා හිතෙන අවස්තාවන් වලදී.මිළට ගැනිමට වේ.

උදාහරණ
දැන් හිතන්න  EUR/USD 1.3000යි. ඔබ හිතනවා මෙය 1.3120 දක්වා ඉහළට ගියොත් තවත් බොහෝ දුරක් එක ඉහළට යයි කියලා. මෙවැනි අවස්ථා වලදි අපි යොදනවා Buy stop  එකක්. එවිට Market  එක ඉහල ගිහින් 1.3120 කියන අගයට අවොත් එවිට 1.3120 කියන මිළ යටතේ Buy order   එකක් වැටෙනවා. එහිද ඔබට stop Loss,Take Profit සැකසිය හැකිය.

Sell Limit Trade  යෙදිම .

මෙය යොදන්නේ Market එක ඉහළ ගිය විට යම් කිසි ස්ථානයකට පැමිණි පසු Marketඑක  පහළ යයි කියලා හිතෙන විටදියි Sell orders යෙදිම සදහායි.
උදාහරණ  දැන් හිතන්න  EUR/USD මිළ 1.3000 තියනවා කියලා. ඔබ හිතනවා 1.3100 දක්වා Market එක ඉහළ ගියොත්  Market  එක නැවත බහින්න පුලුවන් කියලා(Down/bear trend ) එවිට අපිට 1.3100 Sell Limit එකක් යොදන්න  පුලුවන්. එවිට එක 1.3100 දක්වා පැමිණි විට ස්වයන්ක්‍රියව Sell order  එකක් වැටිම සිදු වේ. එහිදිද ඔබට ඉහත ආකරයටම stop Loss,Take Profitයෙදිය හැකිය.
Sell stop  යෙදිම .

මෙය භාවිතා වන්නේ Market  එක පහළ ගිය විට තවත් පහළ යයි කියලා හිතෙන විට Sell orders  යෙදිම සදහායි .
උදාහරණ ;
 දැන් හිතන්න EUR/USD මිළ 1.3100 තියනවා කියලා. ඔබ හිතනවා 1.3000 දක්වා Market   එක පහළ ගියොත් Market එක නැවත  තවත් පහළ බහින්න පුලුවන් කියලා(down trend ) එවිට අපිට 1.3000 Sell Stop එකක් යොදන්න  පුලුවන්. එවිට Market එක 1.3000 දක්වා පැමිණි විට ස්වයන්ක්‍රියව Sell order එකක් වැටිම සිදු වේ. එහිදිද ඔබට ඉහත ආකරයටම stop Loss,Take Profitයෙදිය යෙදිය හැකිය.

පහත රුප සටහන් බැලීමෙන් ඔබගේ දැනුම තවදුරටත් තහවුරු කරගත හැකිය.

 



                 


Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls- NFP Sinhala

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.