Fibonacci Trading Methods in Sinhala -Sinhala forex Education

| |

දැන් අපි බලමු  ෆිබොනාච්චි   Retracement level උපයෝගී කරගෙන Trade  එකක් යොදන්න සුදුසු ස්ථානයන් මොනවාද කියල.

61.8  කියන retracement level එක කිට්ටුවට  price ලගවිමේදී  අපි සැලකිලිමත් වෙන්න ඕන වෙනවා .එවිට දැනට පැවති trend එක break වීමක්  වෙන්න වගේම Trend එක continue වෙන්නත් ගොඩක් ලොකු ඉඩක් තියෙනවා.
ඒ වගේම අපි එක Fibonacci tools  මගින් ලබාදෙනSignal එකconfirm  කරගෙන Trade කරන්න ඕන ඒ සදහා අපිට බාවිතාකරන්න පුළුවන් support line ,resistance line ,trend lines ,candlestick pattern,RSI   වගේ දේවල් පිළිබද අප තුල ඇති දැනුම..
හරි දැන් පහත රුපය වෙත ඔබගේ අවදානය යොමු කරන්න.









මෙය gbp/usd අදාලව H4 chart  එකකි.
බලන්න A සිට B දක්වා අපේ fibonacci line එක ඇදලා තියෙනවා.දැන්  අපිට fibonacci retracement level ටික  ලැබිලා තියෙනවා .දැන් හොදින් ඉහල රුපය දිහා බලන්න.
Market  එක 61.8 retracement level  දක්වා පැමිණ ආපසු හැරීමකට ලක්වෙලා තියෙනවා. .ගොඩක් ආධුනික Traders ලා බලන් ඉන්නවා තවත් Market එක පහල යයි කියල. එනම් sell trade එකක් ඉහල අගයකින් open  කරනම් A ට  ආසන්නව.
බලන් ඉන්නවා Market එක පහල ගිහින් තවත් ලබා ලැබෙයි කියල. එහෙම කරලා Trade close නොකර බලන් ඉන්නවා.නමුත් අවසානෙට වෙන්නේ ලබා ලැබුන Trade එකෙන් අලාබ ලබන්න .එහෙම වෙන්න ඕන නැහැ, දැන් අපිට මේ දැනුම පවතින නිසා.අපිට බොහෝ නිවැරදි ස්ථානයකින් Trade එකopen කරන්නත් වඩාත් නිවැරදි ස්ථානයකින් trade close කරලා උපරිම profit එකක් book  කරගන්නත් දැන් අපිට පුළුවන් .මෙම fibonacci retracement Tool  එකෙහි පවතින විශේෂම වාසියක් තමයි මේ දෙය.
අතිශය වැදගත් Trade කිරීමේදී ,  Trade open කරනවට  වඩා trade නිවැරදි ස්ථාන වලදී close කර ප්රෝෆිට් ලබාගන්න එක. මොකද trade එකකින් මොනතරම් ලාබයක් ආවත් වැඩක් නැහැ එම trade එක close කරලා profit එක ලබාගෙන account balance එක වැඩි කරගත්තේ නැතිනම් ..
ඔබ නිවැරදිව trade close කරේ නැතිනම් account එක බරපතල තත්ව වලට මුහුණ පාන්නා පුළුවන්.නැතිනම් ලොකු profit ලැබුනtrade, අඩු profit සහිත්ව close කරලා දුක් වෙන්න වෙනවා, මේ දැනුමත් සමග ඔබට දැන් නිවැරදිව trade එකක් Close කරන්න තැන් හිතාගන්න පුළුවන්.
උදාහරණයක් ලෙස කිවොත් ඔබ B වගේ ස්ථානයකින් සෙල් trade එකක් open කරනම් ඔබටC වගේ ස්ත්නයකින් Trade එක close කරලා හොද ප්‍රොෆිට් එකක් book කරගන්න පුළුවන් වෙනවා,අනිත් අය තව දුරටත් Market එක පහල යයි කියලා සිතමින් ඉන්න විටදී.
මතක තියාගන්නtrade  එකක් open කරනවට වඩා ගොඩක් වැදගත් නිවැරදිව  tarade එකක් close කරන එක. එක හොදට ඔලුවේ තියාගන්න.
දැන් බලමු Fibonacci tool බාවිතා කරමින්Trade එකක් open කරන්න පුළුවන් වඩාත් නිවැරදිම ස්ථානයන් මොනවාද කියල 
ඔබට Trade  එකක් open කරන්න අවස්ථාවන් තුනක් තියෙනවා බලමු අපි මොනවාද කියලා.
Option 1
ඔබට පුළුවන් 61.8 කියන එකට මදක් ඉහලින් හෝ පහලින් Buy trade එකක් open කරන්න.මෙහිදී ලොකු Risk එකක් පවතිනවා වගේම ඔබට tradeඑක win  කලොත් ලොකු profit එකක්ද ලැබිය හැකිය.මෙහිදිනම් market price එක නැවත හැරීමකට ලක්වෙලා trend එක continue වෙලා තියෙනවා.
නමුත් 61.8  retracement levelඑකත් පහු කරගෙන market එක පහලට ගියානම් 100  retracement දක්වා වගේ මිලගනනකට Market එක යන්න පුළුවන්. සමහර විට ඊටත් වැඩ පහලට යන්න පුළුවන්.අන්න එකයි ලොකු Risk එකක් පවතිනවා කිවේ.
ඒ වගේම ඔබට පෙනෙනවානේ මෙහිදී trend එකපසුව continue වෙලා තියෙනවා. Market එක ගොඩක් ඉහලට ගිහින් තියෙනවා.ඉතින් ඔබ 61.8  retracement level එක ආසන්නයෙන්  Buy order එකක් යෙදුවනම් ලොකුProfit  එකක් ලබාගන්න පුළුවන්.
Option 02
දැන් නැවත පහත රූපය දිහා බලන්න










දැන් බලන්න  ඊතලයකින්  ලකුණු කරලා තියෙන ස්ථානය දිහා.ඒ අපේ 61.8 retracement level එක.
දැන් බලන්න එතන ඇතිවෙලා තියෙන candlestick දිහා.මොනවාද පෙනේනේ.  retracement level එක පහු කරලා පහලට හිහින් නැවත market එක ඉහලට ඇවිල්ලා candlestick  එක close වෙලා තියෙන්නේ ගොඩක් උඩින්.පෙර පාඩම් මතකනම් ඔබට අදහසක් ලැබෙයි දැන් market  එක තුල පවතින තත්වය ගැන.
බලන්න දැන් ඊතලය අසලම පවතින candlestick එක දිහා.සහ ඊට පෙර පවතින candlestick එක දිහා බලන්න. මොන රටාවද අපිට පෙනේනේ. Bullish Engulfing Pattern නේද පෙනෙන්නේ.
එහෙනම් එතනිනුත් අදහසක් අරගන්නවා දැන් market එක ඉහලට යන්න තමයි ඉඩ තියෙන්නේ කියල.
එහෙමනම් දැන් අපිට buy order එක යොදන්න ඇති විශ්වාසය වැඩි වෙනවා.
තව අපිට මොනවාද විශ්සයෙන් පෙනේනේ කියලා බලමු .
බලන්න පොඩ්ඩක් වම් පැත්ත Fibonacci levels එක්ක Trade කරද්දී හරිම වැදගත් මේ වම බලන එක.
අපි පාරක් පනිනකොට පාර දෙපැත්ත බලනවනේනේද පොඩි කලේ අපි ඉගන ගත්තේ “දකුණ බලා වම බලන්න නැවතත් දකුණම බලන්න පාරේ වාහන නැතිනම් ඉක්මනින්ම මාරු වෙන්න.”
අන්න ඒ වගේම තමයි forex  වලදී වම බලන්නම ඕන. වමෙන් පෙන්නනේ මොනවාද අතීතයේ Market එක වෙනස් උන හැටි නේද. මේ අතීතය අමතක කරනවානම් වම නොබලනවනම් Forex කරන්න එපා බොරු වැඩක් වැඩි කල් කරන්න බැහැ .අපි මේ දේ පටන්ගන්නේ හොද අදායම් ලබන්න සිතාගේනනේ .එහෙනම් හොදට වමත් බලන්න. ඒක පුරුද්දක් කරගන්න.
බලන්න වම බැලුවට පස්සෙමොනවද ඔබට පෙනුනේ කියල.බලන්න y ලෙස ලකුණු කර ඇති හොද Support Level එකක් අපිට පෙනෙනවා.ඒ වගේම හොද Resistance Level එකක් X ලෙස සදහන් කර ඇති නිල්පැහැති Line එකෙන් අපිට පෙන්නුම් කරනවා.
බලන්න X කියන resistance Line  එක එක ඉතාම හොදින් ප්‍රබලව Break  කරලා තියෙනවා 38.2 කියනretracement level  එකේදී. දැන් හොදම අවස්තවක්  අපිට buy order එකක් යොදන්න .අපි විවිධ ආකාරයට අපගේ trade  එක ගැන විශ්වාසය වැඩි කරගෙන තියෙනවා.දැන්  අපි buy order එකක් යොදනවා.
Option 03
දැන් අපි trade එකක්  open කල හැකි තෙවැනි ක්‍රමය මොකක්ද කියලා බලමු.
මෙම ක්‍රමය මම  වැඩිපුරම බාවිතා කරන ක්‍රමය වේ.නමුත් මෙම ක්‍රමයේදී අත්කරගැනීමට හැකි වන profit එක අවම වෙනවා 01  ක්‍රමයට  දෙවැනි ක්‍රමයට සාපේක්ෂව නමුත් මෙහිදී ආරක්ෂාකාරීව trade එකක් යෙදිය හැකි ඉඩ කඩ වැඩි වෙනවා.
දැන් බලමු මෙම ක්‍රමය මොකක්ද කියාලා දැන් පහල රුපය වෙත 













මෙහිදී A ලෙස දක්වා තියෙන්නේ මෙම කාලසීමාවේදී Market එක පහල ගිය උපරිම අගයයි.එසේම B මගින් පෙන්නුම් කරන්නේ මෙම කාලසීමාවේදී Market එක සටහන් කරන ලද උපරිම  අගයයි .
දැන්බලන්න option 03 කියන තැනදී market එක නැවත තමන් සටහන් කරන ලද උපරිම මිල සීමාව කර පැමිණිලා තියෙනවා .හරි දැන් හොදින් බලන්න B ලෙස සදහන් කර ඇති ස්ථානයේ Fibonacci  අගය 0.0ලෙස සදහන් වෙනවා.දැන් බලන්න option 03 කියන ස්ථානයේදී ඇති වනcandlestick  එක මෙසේ market එක ගමන් කරන ලද උපරිම අගයට වැඩ ඉහලින්ද open වෙලා තිඑන්නේ කියල option 03 කියන ස්ථානයේදී candlestick එක open වෙලා තියෙන්නේ 0.0 fibonacci level  එකට වඩා ඉහලින්වේ.එනම් B කියන මිලමට්ටමට ඉහලින් වේ.දැන් වැඩි ඉඩ කඩක් පවතිනවා මෙහිදී මිල ගණන් ඉහල යාම සදහා.දැන් ඔබට පුළුවන් buy order එකක් open කරන්න
මෙහිදී අප හට stop loss අගය යොදන්න පුළුවන් පෙර candlestick එක සටහන් කරන ලද අවම මිල පරාසය තුලදී.එනම් දම් පැහැති ව සීම කර ඇති candlestick එක සටහන් කර ඇති අවම මිල කලාපයේ stop loss අගය සැකසිය හැකිය .
ඔබගේ ගිණුමේ තත්වය අනුව සහ ඔබගේ පළපුරුද්ද මත stop loss අගය යොදාගැනීම ඔබගේ වග කීමකි.ඒ වගේම ඔබට පුළුවන් 38.2 කියන එක ආසන්නව ඔබගේ අගය සකසන්න.මෙහිදී ඔබගේ account balance එක ගැන සැලකිලිමත්  වෙනවා
දැන් මෙම කොටස හොදින් අදයනය කරන්න නැවත නැවත කියවන්න.chart වලට Fibonacci lines අදාල පුරුදු වෙන්න.
අපි ඊලග කොටසින් බලමු තවදුරටත් නිවැරදිව fibonnaci levels යොදාගන්න පුළුවන් අවස්ථාවන් පිලිබදව.

Fibonancci sinhala tutorial Part 01

How to draw Fibonacci retracement levels

Fibonacci Trading Methods

Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls- NFP Sinhala

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.