Sinhala Forex -what is Forex trading Economic calendar

මෙම පාඩම මගින් ඔබට Economic Calendar බාවිතා කරන ආකාරය පිලිබදව අවබෝධයක් ලබාදීම අපේක්ෂා කෙරේ  

ඔබ සාර්ථක Forex Trader කෙනෙක් විමටනම් අනිවාරයෙන්ම Economic Calendar  පිළිබදව මනා අවබොධයක් තියෙන්නම ඔන. මෙම කොටස ඉතාම සරළව ඉදිරිපත් කරන අතර මෙය ඔනෑම කෙනෙක් හට සරලව අවබෝධ කර ගත හැක.

මොකක්ද මේ Economic Calendar කියන්නේ?




ලෝකයේ බලවත් රටවල් වල සිදුවන ආර්ථික, සමාජමය ,යුධමය කටයුතු  එක එල්ලේම ලෝක අර්ථිකයට දැඩි බලපෑම් ඈති කරනු ලබය්. 
උදාහරන ලෙස

ඇමරිකා එක්සත් ජනපදය,යුරෝපය,ජමනිය,ජපානය, බ්‍රිතාන්ය. වැනි රටවල සිදුවන ආර්ථික, සමාජමය,යුධමය කටයුතු නිසා ලෝක ආර්ථිකය දෑඩි කැළබිම් වලට ලක් විම සිදුවේ.

Economic Calendar    මගින්  සිදු කරනු ලබන්නේ ප්‍රබල රටවල සිදු වන ආර්ථිකමය වෙනස්විම් වලට අදාලව තොරතුරු ඉතාම නිවරදිව ක්‍රමානු කුල රාමුවකට යටත්ව ඉදිරිපත් කිරීමයි .

නිවැරදි සහ වේගවත් යාවත්කාලින වීම සහ තවත් විශේෂ පහසුකම් සහිත Economic Calendar එකක් අපිට FXstreet  වෙබ් අඩවියෙන් ලබාගත හැකිය .Economic calendar 

Economic Calendarයේමුලික කරුනු.

Economic Calendar  යේ  භාවිතා වන්නේ GMT වේලාවය්.එය  web page එකෙහි ඉහලින්ම සදහන්කර ඈත.නමුත් GMT  වේලවට වඩා පැයක් වැඩියේන් Market  Watch වේලාව පවතී.
මේ නිසා අපි සැළකිලිමත් වෙන්න ඔනි.මෙම වෙලවල් ගැන.ඒ කියන්නේ,GMT වෙලවෙන්  11.00 යම් කිසි සිදුවිමක් සිද්දවෙනවනම් Market Watch එකේ වෙලාවේන් වෙන්නේ 12.00 ට.දන් අපි පොඩ්ඩක් ඉගනගමු Economic Calendar යේ භවිතාවන වන වචන කිපයක්.

දන් අපේ අවධානය පහත රූපය වෙත යොමු කරමු.



GMT =  භාවිතා වන  වේලාවයි.එය  Web  Page  ඉහලින්ම සදහන්කර ඈත. නමුත්  Market Watch  වේලාව GMT  වේලවට වඩා පැයක් වැඩියේන් පවතී.මේ නිසා අපි සැළකිලිමත් වෙන්න ඔනි.මෙම වෙලවල් ගැන.
ඒතකොට අපේ වේලවෙන්නම් GMT  වෙලවට තවත් පැය  5.30 එකතු කරන්න ඔනි. එතකොට අපිට දැන ගන්න පුලුවන් අපේ වෙලාවෙන් අදාල සිදුවිම වෙන්නේ කියටද කියලා.දන් අපි පොඩ්ඩක්  ඉගනගමු භවිතාවන වන වචන

Today = ඔබ එම Button  Click කිරිමේන් අද දිනය තුළ සිදුවිමට නියමිත සිදුවිම් වල ලැයිස්තුවක් ලබග්ත හැක
.
This week = මත Click  කිරිමේන් අදාල සතිය තුල සිදුවිමට නියමිත සිදුවිම්වල ලැයිස්තුවක් ඔබට ලබා ගත හැක.

Next Week= මත Click  කිරිමේන් ලබන සතිය තුල සිදුවිමට නියමිත සිදුවිම්වල ලැයිස්තුවක් ඔබට ලබා ගත හැක.

GMT = ලෙස සදහන් වෙන්නේ අදල සිදුවිම වන වේලවයි.අපේ වෙලවෙන් බලා ගන්න නම් GMT වෙලාවට පැය 5.30 Add කරන්න.

Event  = අදාල සිදුවිමයි.

Previous  = අදාල සිදුවිම අතිතීතයෙදි සිදු උන අවස්ථාවේ අදාල සිදු විමෙහි අගය ප්‍රතිශතයක් ලෙස හෝ අගයක් ලෙස ඉදිරිපත් කිරිමකි.මෙය අපට ඉතාම වැදගත් අතීත සිදුවිම ගැන අවබෝධයක් ගැනිමට.එවිට අපට පුලුවන් මෙම සිදු විම නිසවෙන කොපමන Pip ගනනක් වෙනස්විමකට ලක්වෙනවද කියල අනුමානයක් කරන්න.

Consensus= අනුමානයක් නැත්තම් උපකල්පනයක් මෙම උපකල්පනයන් ඉදිරිපත් කරන්නේ ආර්ථික කරුනු ,සමාජමය කරුනු අධයනය කිරිමෙනි.ඉතාම වැදගත් මෙම උපකල්පනයන් හැම විටම නිවරදි නොවේ.

Actual  = අදාල නිකුතුව නිකුත් කිරිමේන් පසු සැබෑ අගය.මේම අගය හෝ ප්‍රතිශතයක් ලෙස දැක්වේ.  නිකුතුව නිකුත් කරන වෙලාවේදිම මෙය Auto update  විමක් සිදු වේ.
මේ රූපයට අවධානය යොමු කිරිමෙදී ඔබට පෙනෙනවා Stick වගයක්. ඒවායි නිරුපනය වන අර්ථයන් මොනවද කියලා  දැන් අපි බලමු.



1.කහ පැහැති එක් STICK 1 කි.එවිට එම දත්තය නිකුත් කිරිමෙන් Market එකට ඇති වන බලපෑම් අවම(LOW) බවයි.

2.න් දක්වන්නේ රතු පැහති Stickතුනකි. මෙයින් නිරූපිත අර්ථය වන්නේ අදාල දත්තය නිකුත් කිරිමේන් පසුව විශාල (HIGH)ලෙස Market වෙනස් විය හැකි බවයි.එය Pip 20 සිට pip 300 ක් දක්වා හෝ එම ප්‍රමණයටද වඩා වැඩි විය හැක.  බොහෝ අවස්ථා වලදි එසෙ නොවිය හැකිය. හේතුව වන්නේ. වැදගත් දත්ත බොහෝවිට එක වැර කීපයක් නිකුත් කරනු ලබයි. එවිට දත්ත කිපයක් හොද විමටත් දත්ත කිපයක් අයහපත් විමටත් පුලුවනි එවිට සමස්ථයක් වශයෙන් ඇතිවන බලපෑම හීන වී යා හැකිය.

3.තැබිලි පැහැති Stick 2 කකි.එයින් නිරුපිත අර්ථය වන්නේ අදාල දත්තය නිකුත් කිරිමෙන් Market එකට ඇති වන බලපෑම් මධයස්ත (MEDIUM)බවයි.


හරි දැන් අපි පහළ රූපයට අවධනය යොමු කරමු.


ඔබ අහල ඇති නිසළ ජලය ගැබුරුයි කියලා. ඒ ඇත්ත  Forex වලට බලපන හැටිඅපි බලමු. ඔබට පෙනෙනවා  Candlestick  වල ඉහළ පහළ යැම ඉතාම අවම බව ඒතකොට අපි කියනවා දැන් Quite Trend එකක් කියලා.මෙහම වෙන්න හේතුව මොකක්ද?

මෙවන් අවස්ථාවන් වලදි Traders ලා Trade නොකර  සිටින අතර ඔවුන් යම් කිසි විශේස අවස්ථවක් උදාවනතෙක් බලා සිටීම මිට හෙතුවයි.
එවිට අපිට පුලුවන් Economic Calendar  භව්තා කරමින් සිදුවිමට නිය්මිත සිදුවිම් මොකක්ද එය වෙන්නේ කිනම් වේලාවටද කියලා දැනගන්න..
දැන් මේ පෙරනිමිති  සම්ග ඔබ දන්නවා අදාල වෙලාවට සැහෙන්න pips ගනනක් වෙනස් වන බව.දැන් ඔබ් අනිවා මෙම උපදෙස් පිලිපදින්න.

Stop loss  අගයක් අනිවාර්යෙන්ම යොදන්න මතක තියගන්න.මේ සදහා ඔබගේ Risk management ක්‍රම අනුගමනය කරන්න 
දත්තයක් නිකුත් කිරිමෙන් පසු හා පෙර පැය භාගයක් පමණ වෙලා ගත වන තුරු Trade නොකර සිටිම.මෙයට හේතුව වන්නේ.
වැදගත් භාවයෙන් ඉහල  දත්ත නිකුත් වීමේදී සමහර අවස්ථාවන් වලදී එක සැනෙකින් 50-60 පමණ එක් දිෂාවකට වෙනස් වී නැවත සැනෙකින් 50-100 ක් පමණ පමණ ප්‍රතිවිරුද්ධ දිශාවට වෙනස් විය හැකිය.හැකිය.
සැලකිය යුතුයි මෙවන් දැ සැම විටම නොවන අතර අදාල දත්තයන් වල ප්‍රභලතාවය මත වෙනස් වේ.

වැදගත් දත්තයක් නිකුත් විමට පෙර හා පසු පැය භාගයක් පමණගත වන තුරු Trade නොකර සිටින්න .එය තමයි ගන්න පුලුවන් නුවණක්කාරම තිරණය.

දැන් ඔබ දන්නවා Candlestick එකක් දිහා බලලා අදහසක් ලබා ගන්න.එසේම support Line/Resistance Line  ගැන Trend Line Break  වීම් ගැන් ඔබට හොද දැනුමක් තියනවා එම දැනුමත් යොදාගෙන Forex News ,Economic calendar වලින් ගත හැකි අදහසත් අරගෙන ඔබට ඉතාම හොද ලාභ කරා යාමට පහසුවෙන්ම හැකි වෙනවා,.
දැන් පහත රුපය වෙත ඔබගේ අවධානය යොමු කරන්න .


මෙහිදී දක්වා ඇත්තේ US Non farm Payroll  නිකුත් කිරීමෙන් මොහොතකට පසු EUR /USD සදහා ලබාගන්නා ලද සටහනකි  .

ඔබේ අවධානය යොමු කරන්න 1වෙතට ඒ කෙලින්ම Market Price බලන්න
එය 1.3395
දැන් 2 ට අදාලව market  price  බලන්න.
එය 1.3530
දැන් බලමු එම අගයන් අතර වෙනස
1.3530-1.3395

අගය 135 PIPS
මෙම pip 135 වෙනස් වීමට මිනිත්තු 15කට අඩු කාලයක් පමණයි වැය වෙලා තියෙන්නේ. ඒ නිසා අත්දැකීම් අඩු ආධුනික traders ලා මේ වගේ high economic data release කරන විට Trade කිරීමෙන් වලකින්න.
ඔබට පුළුවන් එවන් අවස්ථාවක market එකේ හැසිරීම ගැන නිරීක්ෂණය කර ඔබගේ දැනුම වැඩි කරගැනීමට 
ඔබට අවබෝධ වෙන්න ඇති economic data market එකට කොපමණ ප්‍රභල බලපෑමක් එල්ල කරනවද කියලා.
මේ නිසාවෙන් ප්‍රබල රටවල් විසින් නිකුත් කරන Economic data පිලිබදව ඔබ ඉතා හොද අවබෝධයකින් සිටිය යුතු වේ.අපගේ සාමජික කලාපයේ එම සියලුම economic Reports පිළිබද පුර්ණ විස්තරයක් ලබාගත හැකි වේ.

Economic Calendar එකෙහි  Filter ලෙස සදහන් කර ඇති Button Click එක කර ඔබට කැමති දින තෝරාගන්න.එම දිනවල Economic Calendar එකෙහි සිදුවිම් වලට  අදාලව Market එකෙහි වෙනස් විම් අධයනය කරන්න.
අවශය තොරතුරු සටහන් කරගන්න.

වැදගත් Economic Data කිපයක්.

United States

FOMC Minutes
ISM Manufacturing
ISM Non-Manufacturing Index

European Monetary Union

ECB Monthly Bulletin
German CPI
Euro Zone Consumer Confidence
Euro Zone Economic Confidence
Euro Zone PMI Manufacturing
Euro Zone CPI
German Unemployment Rate
Euro Zone Retail Sales
ECB Interest Rate Decision

 United Kingdom

BOE Interest Rate Decision
Gross Domestic Product
Consumer Price Index
Unemployment
BOE Inflation Report
UK Trade Balance
BOE Meeting Minutes

Japan

BOJ Interest Rate Decision
BOJ Monetary Policy Meeting Minutes
Gross Domestic Product

යම් කිසි දත්තයක නිදහස් කරපු මොහොතේම සමහර වෙලාවන් වලදී Market විශාල ලෙස වෙනස් වෙන්න පුලුවන්.ඒ වගේම් තමයි.එම මොහොතෙම ලොකු වෙනසක් නොපෙන්නුවත් දීර්ඝ කාලයක් එම දත්තය නිසා Market  වෙනස් වෙන්න පුලුවන්. ඒ ගැන ඔබගේ අවධානය යොමු කරන්න.
ජය !!

Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls- NFP Sinhala

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.